බෝම්බයෙන් දෙපා අහිමි වූ මිතුරියන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලින්ම සමත් වෙති..

April 29, 2020 at 6:48 pm | lanka C news
බෝම්බයෙන් දෙපා අහිමි වූ මිතුරියන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලින්ම සමත් වෙති..

2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හානි හේතුවෙන් පාදයන් අප්‍රාණකව සිට  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුලතිව්හි සිසුවියන් දෙදෙනෙකු ඉහලම සාමාර්ථ ලබා සමත්වී ඇත.

මුලතිව්හි ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි මුල්ලියාවලෙයි කලෙයිමගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආබාධිත මිතුරියන් දෙදෙනෙකු වූ ගංගාධරන් බවධරණී සහ මදියලගන් විදුර්ෂිකා යන සිසුවියන් මෙසේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුලතිව් දිස්ත්‍රීක්කය වෙනුවෙන් ඉහලම සාමාර්ත ලබා ගත් සිසුවියන් දෙදෙනා වී සිටිති.

ගංගාධරන් බවධරණි සිසුවිය මුලතිව් මුල්ලියාවලෙයි බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටින අර 2009 වසරේ අවසන් යුද්දධයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇගේ සිරුරට දැඩි තුවාල සිදු වී කොඳුඇට පේලියටද හානි සිදුවීම හේතුවෙන් පාදයන් දෙකම අප්‍රාණික වී රෝද පුටුවෙන් ගමන් කිරීමට සිදුව ඇත.

එමෙන්ම ඇයගේ පියාද එම බෝම්බ හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මිය යාම හේතුවෙන් මව සමග නැවත පදිංචිවී ජීවිකාව ඇරඹූ ගංගාධරන් භවධරණී සිසුවිය කෙසේ හෝ අර්ථික දුෂ්කරතා මැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටමින් ඒ සාමාර්ථ 08 ක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ප්‍රදේශයටම ආදර්ශයක් වී ඇත.

එලෙසින්ම ඇගේ හොඳම මිතුරිය වූ මුල්ලියාවලෙයි නාවලර් වීදියේ පදිංචි මදියලගන් විදුර්ෂිකාද 2009 වසරේ පැවති යුද්දයට මැදි වී කොඳුඇටවලට හානි සිදුවීමෙන් රෝද පුටුවට සීමා වීමෙන් පසුව  මව හා පියා සමග නැවත පදිංචි වී දුෂ්කර ජීවිතයක් ගෙවමින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 6 , බී සාමාර්ථයක් හා සී.සාමාර්ථ 02 ක් ලබා සමත් වූවාය.

ප්‍රදේශයටම ආදර්ශයක් වූ මෙම සිසුවියන් දෙදෙනාගේ අනාගත අධ්‍යපනයද හැකි අයුරින් සිදු කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ගේද එකම අරමුණ වී ඇති අතර සිසුවියන් දෙදෙනාද කෙසේ හෝ ඉදිරි අධ්‍යාපනයද සාර්ථක කර ගැනීමේ දැඩි අධිෂ්ධානයක සිටති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,953 Viewers

14 Comments to “බෝම්බයෙන් දෙපා අහිමි වූ මිතුරියන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලින්ම සමත් වෙති..”

  1. Neil says:

    Congratulations!!
    One is the master of it’s own destination.
    Hard and smart work will give positive results.
    Be productive citizens of Sri Lanka

  2. Milano says:

    සුබපැතුම්‍ දිරිය දියනියන් දෙදෙනාටම.

  3. කිරිමෙල් says:

    උණුසුම් හදවත් අැති අපේ රටේ මිනිස්සු, කිසිදු භේදයකින් තොරව මේ දියණියන් දෙදෙනාට උදව් කරණ බවනම් හොඳටම විශ්වාසයි.

  4. Atta says:

    Excellent, Good example for all our students. I wonder how many talented students we lost due to war and drugs.

  5. යොවුන් රාණි says:

    හද පිරි මෙව්වා එක.. උණුසුම් සුභ පැතුම්සුභ අනාගතයක් ..!
    හොඳට ඉගෙන ගෙන, නුගත් ලුම්පන්න තක්කඩි දේශපාලුවන් ඉස්සරහ කොන්ද නොනැමෙන දේවානි ජයතිලක මහත්මිය වගේ දිරිය කතුන් දෙදෙනෙක් වන්න.

  6. LION says:

    We all belong to one nation, the Sri Lankan nation

  7. Politics says:

    Dear two daughters.

    Our congratulations on your success. Try to be proud Srilankan and don’t get caught to the political trap being laid by your leaders.
    Think of a one country one nation concept. We love all our young generation irrespective of their ethnicity.

  8. rawana says:

    මෙකේ නිකන් කොටලා වැඩක් නැහැ
    වන්නි රොමෙශ්ව සම්බන්දකරන්
    පොකුරු පිටින් මේ දෘවෝ දෙන්නට උදව් කරපල්ලා
    එතකොට තමයි නියම සහජීවනය ඇතිවෙන්නේ.
    නැතිව අර ගදගහන පාර්ලිමේන්තුවේන් නොවෙයි

  9. Sun says:

    Well done two girls and best of luck.. While studying try to understand the nature of life to the bottom also.

  10. chicken Boy says:

    සුබ අනාගතයක් දිරිය දියණියණි.

  11. ලක්වැසියා says:

    සුභ අනාගතයකට සුබ පැතුම්! ඔබලාටත් යුද්ධයෙන් පීඩාවට පත් සියලු දෙනාටත් සැනසීමක් සහනයක්ම වේවා!

  12. sena says:

    .ලක්මවුගෙ මේ දිරිය දියණියන් දෙදෙනාට ඉදිරියටත් ඉගෙනිම් කටයුතුකරගෙන යැමට යොධබල යොධවිර්ය ලැබෙවා මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් අශිර්වාදයත් නිදුක් නිරොගි සුවඅප එක සිතින් ප්රාර්ථනා කරමු