බෝම්බවලට මියගිය විදේශීය සංචාරකයන් 25ක සිරුරු මෝචරියේ.. 19ක් රෝහලේ..

April 22, 2019 at 12:00 pm | lanka C news
බෝම්බවලට මියගිය විදේශීය සංචාරකයන් 25ක සිරුරු මෝචරියේ.. 19ක් රෝහලේ..

ඊයේ දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ විදේශිකයින් 25 දෙනෙකු ගේ මෘත ශරීර ⁣කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙසේ මිය ගිය පිරිස අතර ඉන්දියානුවන් 03ක්, පෘතුගීසි ජාතිකයෙක්, තුර්කි ජාතියින් 02ක්, බි‍්‍රතාන්‍ය 02ක්, ඇමෙරිකා 02ක් වන බව විදේශ කටයුතු අමත්‍යාංශය සදහන් කරයි.

එමෙන්ම තවත් විදේශිකයින් 19 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

65 views