බෝම්බ ඇතුලු ආයුධ දමා පැන ගිය සැකකරුගේ ගෝලයෙක් අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හිටපු කොටියෙක්..

January 7, 2019 at 5:30 pm | lanka C news
බෝම්බ ඇතුලු ආයුධ දමා පැන ගිය සැකකරුගේ ගෝලයෙක් අත්අඩංගුවට..  ප්‍රධාන සැකකරු හිටපු කොටියෙක්..

වවුනියාව , පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක අත්බෝම්බ, පිස්තෝල සහ එම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ සමඟ අත්බෑගය දමා පලාගිය සැකකරුට ආයුධ සැපයූ බව කියන පුද්ගලයකු වව්නියාව කොට්ඨාශ නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ඨාශ නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වවුනියාව සාලම්බකුලම් ප‍්‍රදේශයේ පදිංචි නෙයිමුත්තුරාසා සුදාකරන් නොහොත් ‘ගුණා’ ලෙස ප‍්‍රකට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ආයුද දමා පැනගිය පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම පුද්ගලයා හට ජීව අත්බෝම්බ ඇතුළු ආයුධ සපයා ඇත්තේ මෙම සැකකරු බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පැය 72 කාලයක් රැඳවුම් බාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මේ අතර පලා ගිය සැකකරු යුද සමයේදී කොටි සංවිධානයේ සාමාජිකයෙකු බවට සැක පල වී ඇති අතර සැකකරුගේ නිවස හා නිවස අවට තවත් ආයුධ ඇත්දැයි යන්න සෙවීම සඳහා පුලියන්කුලම් පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය විසින් සෝදිසි මේහෙයුමක් මේ වන විට ආරම්භ කොට ඇත.

පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9  ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වූ බවට පොලිසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,466 Viewers

2 Comments to “බෝම්බ ඇතුලු ආයුධ දමා පැන ගිය සැකකරුගේ ගෝලයෙක් අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හිටපු කොටියෙක්..”

  1. යහපාලනය සංහිඳියාව සහ සහජීවනය රනිල් පප්පාගේ???????

  2. Nihal says:

    hail Ranil and gavapalanaya

Main News