බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් හමුවෙයි…

April 17, 2020 at 8:02 am | lanka C news
බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් හමුවෙයි…

මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වලදමා තිබියදී සොයාගත්  බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාරය බලකා කඳවුර පවසයි.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂකාරය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි කිරීමකදී අදාල බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී හමු වූ යුද උපකරණ අතර ජීව අත්බෝම්බ දෙකක්, ආර්.පී.ජී. උණ්ඩ දෙකක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05 ක් මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ දෙකක් සොයාගත් දෑ අතර වෙයි.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන්නට ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාරය බලකාය සැක පල කර සිටින අතර මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව මෙම බෝම්බ තොගය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,520 Viewers

2 Comments to “බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් හමුවෙයි…”

  1. Aceman says:

    එලියේ සෙනග නැති වෙලේ ඔය වගේ බෝම්බ කාරයෝ, ආයුධ ගබඩා,වගේ දේවල් අල්ලගන්න එක තමයි හොඳ!!! Well done!

  2. LION says:

    රටේ ආරක්ෂාව වෙනුවෙන් උතුරට හමුදා 3 ම තර කල යුතුය