බෝම්බ ඇතුලු යුද උපකරණ විශාල ප‍්‍රමාණයක් හමු වෙයි…

July 30, 2020 at 8:02 am | lanka C news
බෝම්බ ඇතුලු යුද උපකරණ විශාල ප‍්‍රමාණයක් හමු වෙයි…

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ අතහැර දැමූ ඉඩමක් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ පීඩින බෝම්බ ඇතුලු යුද උපකරණ විශාල ප්‍රමාණයක් තිබී සොයාගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු 6 වන පියවර ප්‍රදේශයේ පාලු ඉඩමක් එලි පෙහෙලි කිරීමට පැමිණ වැසියෙකු එම ඉඩමේ පොලිතීන් උරවල දමා කිසියම් ද්‍රව්‍යක් ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පුදුකුඩඉරිප්පු පොලිසිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අදාල ඉඩමට ගොස් පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය සොයාගෙන ඇත.

එහිදී සොයාගත් යුද උපකරණ අතර කිලෝ 10 පීඩණ බෝම්බයක්, බිම්බෝම්බයක්, පී.ඊ. 1510 වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ එකක්, සී.ෆෝ වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ටී.එන්.ටී වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 350 ක්, ෆියුස් වර්ගයේ පුද්ගලනාශක බෝම්බ 4ක්, අත්බෝම්බ 114 ක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ස්විච් හා මරඋගුල් කිහිපයක් සොයාගත් දෑ අතර වෙයි.

පසුගිය යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් අදාල යුද උපකරණ තොගය සඟවා තබන්නට ඇති බවටත් හමු වූ යුද උපකරණ දිරාපති නොවන ලෙසින් පොලිතීන් උරවල දමා තිබූ බවටද පොලීසිය පැවසීය.

යුද උපකරණ පිළිබඳව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,196 Viewers

3 Comments to “බෝම්බ ඇතුලු යුද උපකරණ විශාල ප‍්‍රමාණයක් හමු වෙයි…”

  1. kamal says:

    Brhamins you need my help. do you think cast , knowledge and discipline which one is superior understand me tamils and indians. Cast is secular can be but Knowledge can be educated Buddhas discourses or Bgawathgithikawa(BUddhist dhammapada) but if you without discipline as pabakarn or devadatta you will be born in hell. Tamils who live in sri lanka are universal they are devotees of Mari amman or kamal favourite discipline Brhamachari (without sex). i love sri lankan and indian tamils they are with good quality of Mari amman but hitlar type pabakarn his colleagues kill innocent and some instance hard sinhalese like soldiers. But diysena or sri lankan next prime misiter speak little tamil and knowing tamil people well.i love tamils and indians they are good in quality vice but not secular in discipline and through knoweldge about Bgawathgithikava.

  2. නිරීක්ෂකයා says:

    දැන් මේ දවස් ටිකේ අසුවුන අවි ආයුධ ප්‍රමානය ගත්තාම ප්‍රබල ඉලක්ක ගන්න පුලුවන් ආකාරයේ තිබෙන බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. එහෙත් කොටි ත්‍රස්ථවාදීන්ගෙන් තර්ජනයක් නැහැ කියන ඔස්තාද්ලා ඉහල පුටුවල ඉන්න රටක් මේක. සුද්ද කරනකොට උන් එක්කම සුද්ද කරන්න ඕනේ. නැත්නම් කොටි නැහැ කියලා ආරක්ෂක අංශ නොමග යවනවා. පාස්කු ප්‍රහාරය ගනත් ඔය උස්තාද්ලාම තමයි ආරක්ෂක අංශ නොමග යැව්වේ.

    ජාතික ආරක්ෂාව ගැන ගජමිතුරු උපදෙස් වැඩක් නැහැ අතීශය නිවැරදි බාවයයි වැදගත්.

  3. ක්‍රිමිනල් says:

    කොටියා නැගිටගෙන ,නැගිටගෙන චන්දේ කාලට ..අපහු නිදාගෙන නිදාගෙන යනවා චන්දේ ඉවර වුනහම..😂😂

Leave a Comment

Main News