බෝම්බ ගැහුවේ ‘තවුහිත් ජමාත්’…. ඒක දේශීය සංවිධානයක්..- රාජිත හෙලි කරයි
April 22, 2019 at 2:15 pm | lanka C news
ඊයේ දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකම බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීද් ජමාත්’ නම් සංවිධානය බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම ප්රහාරයන් සියල්ල මරාගෙන මැරෙන ප්‍රහාර බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම සංවිධානය දේශීයව බිහිව ඇති සංවිධානයක් යයිද කී ඇමතිවරයා ඔවුන්ට ඇති අනෙකුත් සම්බකම් ගැන නොදන්නා බවද කීය.
ප්‍රහාර හේතුවෙන් මියගිය අයෙකු වෙනුවෙන් වන්දි ලෙස රුපියල් මිලියනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කල බවද කී ඇමතිවරයා එහිදී අවමංගල්‍ය වෙනුවෙන් පළමුව රුපියල් ලක්ෂයක් හා පසුව මිලියනක වන්දිය ලබා දෙන බවද කියා සිටියේය.
You are also fully responsible for the 300 deaths and for putting this nation to risk again !!