බෝම්බ ප්‍රහාරයන්ට එරෙහිව මන්නාරමේ හර්තාල්..

April 26, 2019 at 8:02 am | lanka C news
බෝම්බ ප්‍රහාරයන්ට එරෙහිව මන්නාරමේ හර්තාල්..

කොළඹ සහ මඩකලපුවේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට විරෝධය පා ඊයේ (25) තෙවැනි දිනටත් මන්නාරම් නගරයේ වෙළඳසැල් රැසක් වසා දැමීමට මන්නාරමේ වෙළෙන්ඳන් විසින් පියවර ගෙන ඇත.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් අසරන සිවිල් වැසියන් 350කට අධික ප්‍රමාණයක් මිය යාමත් 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීමත් යුද සමයේදී හෝ සිදු වී නොමැති හෙයින් මෙවැනි කුරිරු ප්‍රහාරයන් වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවට මන්නාරමේ වෙළෙන්ඳන් කියා සිටිති.

එමෙන්ම සාමාන්‍ය වැසින් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රහාරයන් වැලක්වීඹට ජාත්‍යන්තරයේද සහය ඇතිව වරද කරුවන් හට දඩුවම් දිය යුතු බවටද මන්නාරම් වෙළඳ සංගමය කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,746 Viewers
Main News