බෝම්බ පිපිරීම් නිසා මැයි රැළි අවලංගුයි..

April 22, 2019 at 12:40 pm | lanka C news
බෝම්බ පිපිරීම් නිසා මැයි රැළි අවලංගුයි..

ස්ථාන ගණනාවක සිදු වූ බෝම්බ පිපිරීම් සැලකිල්ලට ගනිමින් කම්කරු දිනයදා පැවැත්වීමට සූදානම් කර තිබූ මැයි රැලි අවලංගු කිරීමට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ කිහිපයක්ම තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් කොළඹ නගර සභා පිටියේදී සංවිධානය කර තිබූ මැයි රැුළිය අවලංගු කල බව පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ලංකා කම්කරු කොංග‍්‍රසය විසින් සූදානම් කර තිබූ මැයි රැුලියද අවලංගු කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා පැවසීය.

කම්කරු ජාතික පෙරමුණ, ජාතික කම්කරු සංගමය, දමිල ප්‍රගිතශලි සන්ධානය එක්ව පැවැත්වීමට සුදානමින් සිටි මැයි රැුළියද අවලංගු කල බව ඇමති පලනි දිගම්බරන් මහතා කීය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්දයෙන් ඉක්මනින්ම තීරණයක් ගැනීමට නියමිතය.

179 views