බෝම්බ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහලට.. 290ක් මරුට.. 500කට වඩා රෝහලේ..

April 22, 2019 at 9:20 am | lanka C news
බෝම්බ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහලට.. 290ක් මරුට.. 500කට වඩා රෝහලේ..

ඊයේ දිනයේ රට පුරා ස්ථාන ගණනාවක එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් මිය ගිය ගණන තවත් ඉහල ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ මේ වන විට මිය ගොස් ඇති ගණන 290ක් වන බවයි.

තුවාල ලත් ගණන 500ට වැඩි බවද ඔහු සදහන් කලේය.

මේ වන විට කොලඹ නගරයේ ආරක්‍ෂාව සදහා පොලීසියට අමතරව දහසක පමණ හමුදා භට පිරිසක් යොදවා සිටී.

ඊයේ දිනයේ පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරු 06.00ට ඉවත් කරන ලදී.

185 views

6 Comments to “බෝම්බ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහලට.. 290ක් මරුට.. 500කට වඩා රෝහලේ..”

  1. SuMa says:

    “ආරක්‍ෂාව සදහා පොලීසියට අමතරව දහසක පමණ හමුදා භට පිරිසක් …..”
    දැන් නම් කට්ටියට රණ විරුවෝ මතක් වෙනවා ඇති.

  2. wasantha says:

    ranil Pramuka anduwa illa aswiya uthui……

  3. pure sinhalese says:

    Bladdy yahapaluwo

Main News