බෝම්බ ප්‍රහාරවලට විරෝධය පා වව්නියාවේ කලු කොඩි ඔසවති..
April 24, 2019 at 2:02 am | lanka C news
කොළඹ හා මඩකලපුවේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කරමින් සිදු වූ බෝම්බ පිපුරුම් වලට විරෝධය පාමින් (23) දිනයේද වව්නයාව නගරයේ කලු කොඩි එසවීමට පියවර ගෙන ඇත.
වව්නියාවේ වෙළඳ සංගමය විසින් මෙම පියවර ගෙන ඇති අතර ඉතිහාසියේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කරමින් සිදු වූ ම්ලේච්චම ප්‍රහාරය මෙය බවටත් එය වව්නියාවේ ජීවත් වන සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම වැසියන් මෙම බෝම්බ ප්‍රහාරය දැඩි සේ හෙලා දකිමින් මෙසේ කලු කොඩි එසවීමට පියවර ගත් බවට වව්නියාවේ වෙළඳ සංගමය කියා සිටියි.
එමෙන්ම මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කල පුද්ගලයින් හා ඔවුන්ට දහය දුන් සියලු දෙනා නීතියට කොටු කරගැනීමත් ඔවුන්ට ගත හැකි උපරිම දඩුවම දිය යුතු බවටත් වව්නියාවේ වෙළඳ සංගමය වැඩි දුරටත් කියා සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දෙමල මිනිසුන් දැනගන්න ඕනේ රටක ආරක්ෂාව නැති කරලා බුද්ධි අංශ වලින් භාගයක්ම හිරේ දැම්මාම ත්‍රස්තයින්ට තම ත්රෂ්ට කටයුතු ඉතා ලේසියෙන් කරගන්න පුළුවන් බව.
දැන් වත් දෙමල දේශපාලුවන්ට ඇස් ඇරුනොත් හොදයි.