බෝම්බ ප‍්‍රහාර වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුත්තේ පොලිස්පතියි.. කැබිනෙට්ටුව තීරණය කරයි.. අස්වන්නැයි පොලිස්පතිට කියයි..

April 23, 2019 at 2:10 pm | lanka C news
බෝම්බ ප‍්‍රහාර වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුත්තේ පොලිස්පතියි.. කැබිනෙට්ටුව තීරණය කරයි.. අස්වන්නැයි පොලිස්පතිට කියයි..

මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්දයෙන් වගකීම බාරගෙන පොලිස්පතිවරයා වහ ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ප‍්‍රහාර මාලාවක් රට පුරා එල්ල වන බව වේලාසන දැනුවත් කර තිබියදී රට තුල ආරක්‍ෂාව තහවුරු කිරීමට අසමත් වූ නිසා පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් වහා ඉවත් විය යුතු බවත් ඔහු කියා සිටී.

පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු යයි ඇමති මණ්ඩලය විසින් තීරණය කළ බවද සේනාරත්න මහතා පැවසීය.

ඉතා ඉක්මනින් නව පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බවත් අරලිය ගහ සන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

218 views

22 Comments to “බෝම්බ ප‍්‍රහාර වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුත්තේ පොලිස්පතියි.. කැබිනෙට්ටුව තීරණය කරයි.. අස්වන්නැයි පොලිස්පතිට කියයි..”

  1. Ranarala says:

    ballata kiwwama, balla balu nagutata kiwwalu!

  2. රාහුල කොලුවා says:

    පොලිස්පතිට ඔය ඉල්ලා අස්වන්න කියා කියන්නේ බොරුවට බව පොලිස්පති දනී.. ..මන්ද ඔහු ඉල්ලා අස්වී පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කට අරින්න ගියොත් වෙන්නේ මොකක්ද කියා ආණ්ඩුව දන්නා බව ඔහු දනී..

  3. RCJ says:

    all ministers,, parliment members should resign..they all were aware of this incident.. but no one spoke about it. why .. dirty politics…. all who are responsible for country security… shoud be punished…. ????

  4. Panda says:

    ILLa as viyayuththe policepathy nove UNP aanduwa. Manda policepathy pathkale aanduwa. Kodak nathi Police komisamak pathkaranalada agamathi,janadhipathy ethulu Aanduwa vahama ILLA AS VIYAUTHI.

  5. පාල says:

    අපි 19 ගෙනාවෙ දේසපාලුවන්ට ඕන විදිහට පොලිස්පතියො මාරු කරන්ඩ නෙමේ. සිවිල් සමාජෙ සවිමත් කරන්ඩ. ඒක හින්ද කැබිනෙට් එක නෙමේ අල්මාරිය ආවත් සිවිල් සමාජෙ ලද ජයග්‍රහණය පාවල දෙන්ඩ බැහැ . සුවාධීන කොමිසං දිනේවා .

  6. Mahen says:

    උබල ඔක්කොම ඉල්ලා අස්වෙයව්

    • අප්පු says:

      ඉතා පැහැදිලිවම 225 ම ඉල්ලා අස්වී ගෙදර යෑම මැනවි.

Main News