බෝම්බ බියක් නිසා රක්‍ෂණ සංස්තා ගොඩනැගිල්ලෙන් සියළු සේවකයන් ඉවත් කරති.. සෝදිසි මෙහෙයුමක්..

May 2, 2019 at 10:40 am | lanka C news
බෝම්බ බියක් නිසා රක්‍ෂණ සංස්තා ගොඩනැගිල්ලෙන් සියළු සේවකයන් ඉවත් කරති.. සෝදිසි මෙහෙයුමක්..

කොළඹ 02 පිහිටි ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථා මූලස්ථාන ගොඩනැගිල්ලෙන් සියළු සේවකයන් ඉවත් කර සෝදිසි මෙහෙයුමක් කර තිබේ.

ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ තිබූ සැක සහිත පාර්සලයක් හේතුවෙන් මෙම සෝදිසි මෙහෙයුම ආරක්‍ෂක අංශ විසින් සිදු කර ඇත.

පොලිස් නිල සුනඛයෙකුද මේ සදහා යොදා ගෙන තිබූ අතර සැකකටයුතු පාර්සලයෙන් කිසිවක් හමු වී නැත.

8 views
Main News