බෝම්බ බියකින් අනුරාධපුර පාසැල් අසල උණුසුම්… දෙමවුපියන් දරුවන් වේලාසන ගෙන යයි…

May 24, 2019 at 10:40 am | lanka C news
බෝම්බ බියකින් අනුරාධපුර පාසැල් අසල උණුසුම්… දෙමවුපියන් දරුවන් වේලාසන ගෙන යයි…

මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පාසල් දරුවන් ඉලක්ක කරමින් පහර දීමක් සඳහා ලොරියකින් පැමිණ ඇතැයි පැතිර ගිය අසත්‍යය තොරතුරක් නිසා ඊයේ දිනයේ අනුරාධපුර නගරයේ පාසල් අසල දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම තොරතුරු ලැබීමත් සමග දෙමව්පියන් සිය දරුවන් රැගෙන යාමට පාසල් අසල විශාල වශයෙන් පැමිණීම නිසා මෙම තත්ත්වය මතුවිය.

මේ හේතුව නිසා පාසැල් කිහිපයක්ම අධ්‍යන කටයුතු අවසන් වීමට නියමිත වේලාවටත් කලින් අවසන් කර දෙමව්පියන්ට දරුවන් භාරදීමට කටයුතු කරන කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා සඳහන් කරන්නේ මෙම අසත්‍ය දුරකථන ඇමතුම් දුන් අය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවත් ය.

38 views

5 Comments to “බෝම්බ බියකින් අනුරාධපුර පාසැල් අසල උණුසුම්… දෙමවුපියන් දරුවන් වේලාසන ගෙන යයි…”

  1. උරුලෑවට උගේ පැටියයි වටිනාම එකා says:

    මෙය අසත්‍ය ප්‍රවෘත්තියක් නම් මෙය සත්‍ය ප්‍රවෘත්තියක් වන්නේ බෝම්බය ලක්ෂයේ කෑලි කීයක් බිලී කීයක් ගත් විටද හා ඔවුන් පැමින ඇති මුත් කිසියම් හේතුවක් නිසා පුපුරවා නොගෙන ඇත්නම් එය අසත්‍ය යයි කියන්නේ කෙසේදැයි පොලිසියේ වගකිවයුතු නිලධාරියෙක් පවසන්න. ලමුන් ගැන ඇති කැක්කුම ඔවුන්ගේ දෙමාපියන්ට මිස සිද්ධියක් වනතුරු ලැබුණ තොරතුරු සැඟවූ හා බලා ඉන්න අයට නොවේ.

    • දේවක says:

      ඔය කමෙන්ට් එක දාල තියෙන්නෙ බොරු ඇමතුම දුන්න උරුලෑවා.

      • Ryan says:

        People like devaka always create this mentality and truly devaka does not know value of human life i have to approve urulewa comment as this is the most irresponsible government we ever had dont believe this government and devaka they don’t care human life

      • තවත් උරුලෑවෙක් says:

        එහෙමනම් දේවක කියන්නේ ලමයෙකුට අම්මෙක් තාත්තෙක්ගේ ආදරය ගැන තේරුමක් නැති, වටපිටාවෙ සිදුවෙන දේවල් ගැන තේරුමක් නැති, හැමදේම බොරු කියල කෑගහන ලමයි නැති සමනලයෙක් වෙන්න ඇති.

  2. aniwa says:

    අසත්‍ය ප්‍රචාර පතුරුවන සියලුම දෙනා අත් අඩංගුවට ගෙන නීතියට අනුකූලව දඬුවම් දියයුතුය

Main News