බෝම්බ බිය හැමතැනම පැතිරිලා.. කොයි මොහොතේ බෝම්බ පුපුරයිද දන්නෙ නෑ..- මහින්ද

June 25, 2019 at 12:00 pm | lanka C news
බෝම්බ බිය හැමතැනම පැතිරිලා.. කොයි මොහොතේ බෝම්බ පුපුරයිද දන්නෙ නෑ..- මහින්ද

අද අපට පන්සලට පල්ලියට යන්න බැහැ. බෝම්බ බිය හැමතැනම පැතිරිලා කොයි මොහොතේ බෝම්බ පුපුරයිද දන්නෙ නැහැ. ජීවත් වීමේ අයිතිය අපෙන් යම් යම් අවස්ථාවලදී උදුරා ගන්නා එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ශ්‍රී මහා බෝධියට, දළඳා මාලිගාවට, කාත්තන්කුඩි පල්ලියට පහර දුන් අවස්ථාවලදී අපේ ජීවත් වීමේ අයිතිය අපට අහිමි වුණා. අද පල්ලියේ යාඥා කරමින් සිටින විට මිනිසුන්ගේ ජීවිත බිලිගන්නා අන්තවාදී පිරිසක්. ඒ සමඟම මේ රටේ ජනතාව බියක් ඇති වුණා යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ස මහතා පවසයි.

විපක්‍ෂ නායක ඒ බව පැවසුවේ හඟුරන්කෙත, මාදන්විල රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සඳහා අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භ නිධාන උත්සවයට සහභාගීවෙමිනි.

වෙසක් එකට පන්සල් ගියේ නැහැ. ගෙදර සිට කොඩියක් දමලා පහනක් පත්තු කරලා එය සමරන්න වුණා. පොසොන් එකට පූජනීය ස්ථානවලට ජනතාව ආවේ අඩුවෙන්. ජීවිත බිය නිසා. මෙම බිය අවුරුදු 30 ක් මේ රටේ තිබුණා. එම බිය නැතිකර අවුරුදු 10ක් අපට ඉන්න ලැබුණේ නැහැ. එම බිය නැවත වරක් ඇතිවෙලා. අපි කිසිදු බියක් සැකක් නැතිව සාමාන්‍ය ජීවිතය ගත කළ යුතුයි. දරුවො පාසල් යා යුතුයි. දැන් ළමයි පාසලට යන්න බයයි. දෙමාපියන්ට පාසල් මුරකරන්න වෙලා. නායකයින්ගේ වැඩ පිළිවෙලවල් ගැන අපට සෑහීමකට පත්වෙන්න බැහැ. මේවා සිදු නොවිය යුතු දේවල්. ආණ්ඩුව ක්‍රියාත්මක නොවුන නිසයි මෙම ජීවිත රටට අහිමි වුණේ. ඒ පිළිබඳ පරීක්‍ෂා සිදුවන ආකාරය ගැන ජනතාව සෑහීමකට පත්වන්නේ නැහැ. බෞද්ධයන් වශයෙන් අපට තිබෙන හික්මීම අයුතු ලෙස පාවිච්චි කරනවා.

ආර්ථිකය කඩා වැටිලා. මිනිසුන්ට ජීවත් වීමට බැරි තත්වයට පත්වෙලා මන්දපොෂණයෙන් දරුවන් මියයන තත්වයට රට පත්ව ඇතිබව මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්, විහාරාධිපති වැලේගිරියේ සුමංගල නාහිමියන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තෙ, එස් බී දිසානායක යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

6 views

6 Comments to “බෝම්බ බිය හැමතැනම පැතිරිලා.. කොයි මොහොතේ බෝම්බ පුපුරයිද දන්නෙ නෑ..- මහින්ද”

  1. The Citizens says:

    Please do not disturb. it is “Munge SAHAJEEVANAYA;”for the provinces other than Eastern and Northern provinces.Please also do not try lose their vote base.Let the people’s security and National Defense go to the dogs.

    • Anton says:

      ඔබ තුමලාගේ පැවත්ම තියෙන්නේ රටේ බෝම්බ පිපිරිනොත් තමා. අපිට රිසිසේ අපේ කටයුතු ටික කරගෙන යන්ඩ පුලුවන්.

      • සමනලයා says:

        රටට කොච්චර කෙල උනත් මේක සමනලුන්ට මංගල සමයක්.

  2. dushyantha says:

    WHAT HAS HAPPENED TO MAHINDA RAJAPAKSA. HE IS TRYING TO SPREAD A FEAR ON BASELESS INFORMATION. WHEN ARMY COMMANDER HAS CONFIRMERD THAT THERE IS NOTHING TO WORRY WHY THIS FELLOW SPREADING WRONG INFO. ONLY TO GAIN A POLITICAL MILAGE .BLOODY CUNNING POLITICAL BASTARDS

    • ALAPALU RANAWAKA says:

      YOU BULLSHIT SEEMS TO BE A HENCHMAN WORKING IN SIRIKOTHA (HIRIKITHA). YOU ARE HIRED TO COMMENT IN FAVOUR OF UNP.

  3. Vesamuni says:

    මාදන්විල nowei,මාදන්වල. SB ge gama, ane mehemath madya lekamla.

Main News