බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…
May 2, 2022 at 6:20 pm | lanka C news
මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි.
මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුල්ලියාවලෙයි කැලෑබද ප්රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ ආර්.පී.ජී. බෝම්බ 05 ක් සහ සහ මෝටාර් බෝම්බ 03 ක් හමු වී ඇත.
මෙම බෝම්බ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂිතව වලදමන්නට ඇති බවටත් සොයාගත් බෝම්බ තොගය පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහයෙන් නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දැන් නම් ඔය තිරරචනය වැඩක් නෑ. කොටියාට රටෙන් කෑල්ලක් ගියත් මම නම් හිතන්නේ නෑ රාජපක්ෂලාට ආයේ බලයට ගෙන්වා ගනී කියලා. රට ගැන හිතලා ඡන්දය දීලා අන්තිමට දියුණු වුනේ උගන්ඩාව..
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
These statements are now outdated. People know what it really means. Just like taking the suspects to find the hidden weapons by the police.