බෝම්බ 07ක් සමග පුද්ගලයෙකු අල්ලයි…

May 9, 2022 at 2:07 am | lanka C news
බෝම්බ 07ක් සමග පුද්ගලයෙකු අල්ලයි…

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී පුපුරණද්‍රව්‍ය යොදා සකසන ලද බෝම්බ 7 ක් ඇතුලු තවත් උපකරණ තොගයක් සමගින් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

ගුරුනගර් ධීවර ජැටිය ආසන්නයේ මුහුදු වෙරල ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් පසුගිය 06 වනදා සිදුකල අතර එහිදී ධීවර යාත්‍රාවක් තුල සඟවා තිබූ අදාල පුපුරණ ද්‍රව්‍ය යොදා සකසන ලද බෝම්බ තොගය හමු වී ඇත.

එහිදී ධීවර යාත්‍රාව තුල තිබී තවත් විදුලි නොවන ඩෙටනේටර් 08 ක් ජී.පී.එස්. උපකරණ දෙකක් සහ කිමිදුම් උපකරණ තොගයක් සමගින් එහි සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල සකසන ලද බෝම්බවලින් නීතිවිරෝධී මසුන් මැරීමේ ක්‍රමයක් වන මුහුද යට කිමිදී බොම්බ ජලයේ පුපුරවා හරිමින් මසුන් මැරීම සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරනය වී ඇති බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 40 ත් අතර වයස්හි පසුවන අතර ඔවුන් සහ අදාල පුපුරණද්‍රව්‍ය තොගයන් යාපනය පොලීසියට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

127,272 views

4 Comments to “බෝම්බ 07ක් සමග පුද්ගලයෙකු අල්ලයි…”

  1. Saleem says:

    මේව සුප්‍රකට රාජපක්ෂ නාඩගම්. අන්තවාදය සහ ත්‍රස්තවාදය. අන්තවාදය පට්ට පල් බොරුවක් කියල හොදටම ඔප්පු වෙලා ඉවරයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයක් නැවතත් රෝපණය වුනත් ඒක මැඩපැවැත්වීමට අපගේ හමුදවන්ට හැකියාව තිබෙනවා. ඒකට රාජපක්ෂල අවශ්‍ය නැහැ. ඒක ඒ තක්කඩි මවන මායාවක්. ඒකට නැවත වරක් අහුවුනොත් සිංහලයො තරම් හරක් වෙන නැහැ

    • True says:

      This is true. All law abiding Sri Lankans including Sinhalese, Tamils or Muslims have to be on alert of divide and rule policy. Kabir Hashim’s secretary is such an honourable gentleman who was keen to avoid disaster. But unfortunately, Sirisena’s drama led the concerned police officer to get arrested disrupting all investigations paving way for Saharan. The whole country suffered economically due to this. That’s why we need fair judiciary system so that all are treated equally. So no politico or anyone can escape law.

  2. Hari says:

    ඒ නිසා හදිසිනීතිය පවත්වා ගෙන යායුතුයි. එහෙම නේද?😀😀

  3. Chanu D says:

    අන්තිමේටම මුන් ආපහු යුද්ධකුත් හදලා යයි වගේ.පරිස්සමෙන්,කල්පනාවෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන සෑම පුද්ගලයෙක්ම. නැත්තං අපි නොදැනුවත්වම ඒකට සහය උනා වෙනවා ආවේගශීලී වෙලා.