බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

August 8, 2022 at 6:14 am | lanka C news
බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දිගු කාලයක සිට රටේ ජනතාව මුහුණ පා සිටි ඉන්ධන, ගෑස්, පොහොර ප්‍රශ්නවලට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙල නිසා මේ වනවිට විසඳුම් ලැබී තිබෙන බවත්, සෙසු ප්‍රශ්න විසඳීම සඳහා සමස්ථ මහජනතාව ඉවසීමෙන් යම් සාධාරණ කාලයක් ලබාදිය යුතුව ඇති බවත් අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ (07) ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ශ්‍රී ලාංකික මහජනතාවට මේ අවස්ථාවේ මං කියන්නේ විශේෂයන්ම වෘත්තිය සමිති ව්‍යාපාරෙයේ සියලු දෙනාට කියන්නෙ. ඔබ බෝර්ඩ් එකක් උස්සන්නේ කොයි මොහොතෙද, පෙට්‍රල් නැති වෙනවා, රටේ තරුණ පරම්පරාවේ අනාගතය විනාශ වෙනවා.

බොර්ඩ් එකක් ඉස්සුවට කමක් නැහැ. වෘත්තිය සමිතිවලටත් අයිතිවාසිකම් තිබෙනවා. හැබැයි මේක වැටුණු රටක්. මේක බංකොලොත් වුණු රටක්. එතැනට පත් වුණෙත් මේ ව්‍යාපාරවල තිබෙන යම් යම් අඩුපාඩු කම් නිසා. එය පැහැදිළිව තේරුම්ගත යුතුයි. එය තේරුම් අරගෙන සමාජයට නිවැරදිව මාස 06 ක් ඉදිරියට යන්න ඉඩ දෙන්න.

පොඩි ඉඩක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙනවා කියන්නේ ඔබේ පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් ප්‍රශ්නය අවසන් වෙනවා. ඔබේ ගෑස් ප්‍රශ්නය අද අවසන් කරලා තිබෙනවා. ඔබට අවුරුද්දක් නොදැකපු සමහර ගෑස් වර්ග දැන් දකින්න සළස්වලා තිබෙනවා. අවුරුදු 2 ක් ඔබ නොදැකපු රසායනික පොහොර අද ඔබට ලැබිලා තිබෙනවා.

මේ වැටුණු රට ගොඩගන්න තමයි අද අපි බලන්නේ පාර්ලිමේන්තුවේ 175 ක් පමණ එකතු කරගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට කිව්වා මට 113 කින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලා. කරුණාකරලා ඔයාලා හැමෝම එකතු වෙන්න කියලා. එහෙම එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳුවොත් තමයි තමන්ට බෙදිලා තම තමන්ගේ න්‍යාය පත්‍රවල දේශපාලනය කරගන්න පුලුවන් වෙන්නේ කියලා.

ඒ නිසා අපි ඉක්මනින්ම මේ වැටුණු රට ගොඩගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි. ඔබට තිබුණු ප්‍රශ්න රාශියකට අද විසඳුම් ලැබී තිබෙනවා. ගෑස් පොහොර වගේ ප්‍රශ්න අද විසඳිලා. ඉන්ධන ප්‍රශ්නයත් මේ වනවිට බොහෝ දුරට විසඳිලා තිබෙනවා. තව ප්‍රශ්න තිබෙනවා.

ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙලත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඒ නිසා ඔබ කලබල නොවී රට වැටී ඇති තැනින් ගොඩගැනීමට සහයෝගය ලබාදීමට ක්‍රියා කරන්න කියලා මම සිහිපත් කරන්න කැමතියි.”

– ADA

16,334 views

9 Comments to “බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….”

  1. Shanka says:

    That’s right. I talked to HR of my company and found how SL received a lot of projects back then but now it’s really low because of all the riots and protests. The media really gives a bad publicity to our country and clients are scared to give projects here due to uncertainty. If these people didn’t stop the mass protests now, all the projects will be eventually sent to India and we will end up with nothing. So becareful of what you guys are doing nowadays. I think Tamil diaspora tries to destroy this country economically since they couldn’t do militarily.

  2. Padmini says:

    unions destroy the country, just like aggressive cancer destroy human body. someone can prohibit the unions, he or she will be worshipful hero of the country

  3. චන්ද දායක says:

    මහ චන්දෙන් උඩින් ම දිනලා ඇවිත් වගේ ලොරි ටෝක්ස් දෙනවා මෝඩ අපිට. කාට කියන්න ද ?

  4. JR says:

    80 ගනන් වල ජවිපෙ ත්‍රස්තවාදය මර්දනය කරන්න STF එක හැදුව වගෙ ඔරිජිනල් වැඩ කරලා හිටං මෙදා පාර ngo පෙරටුජෙපි ත්‍රස්ත කල්ලි පල්ලි පිල්ලි අරගල ගාය ඉවරයක් කරන වගකීම මගහැරලා නම් කිසිම ජනාධිපති කෙනෙකුට මේ රටේ පැවැත්මක් නෑ. අරගල ගාය මර්දනය කලොත් ආර්ථිකය ඉබේම නගිනවා…

    • ගල් ඉබ්බා says:

      අනේ මී හරකෝ… අරගල තිබිලාද යකෝ ආර්ථිකය බිංදුවට බැස්සෙ.. එහෙම වුනේ මේ හොර හැතිකරේ මාරුවෙන් මාරුවට හොරා කාපු නිසා නේද.. අන්තිම අඩියටම කෙළ වෙනකං මිනිස්සු පාරට බැස්සෙ නෑ.. අනික ඔය වජිරලා, රනිල්ලා එහෙමත් ගෝටා එලෝනකං කිවුවෙ අරගලේ හොදයි.. හොදාාායි කියලානෙ.. දැන් හදිස්සියෙම ඒකෙ වැරදි පේන්නෙ… බලලෝභි බල්ලන්ට කඩේ යන රට හරක්.. .. තොපිට මෙහෙම වෙලා මදි..

  5. SL says:

    මුගේ අතීත ක්‍රියාව න් මොනා උනත්, වර්තමානයේ තත්වය ඕක තමයි.
    මම කියන්නේ අනුරකුමාරත් කෘෂිකර්ම මහවැලි ඉඩම් ඇමතිකම ගන්න ඕනේ .
    ගුණරත්නම් ටත් ලිස්ට් එකෙන් හරි ඇතුලට අරගෙන ඇමති කමක් දෙන්න ඕනේ.

    ඊට පස්සේ වැඩ බලමු ,

    රටට තියෙන්නේ වැඩ කරන්න , කරුණා ක‍ර ත්‍රී වීල් රැකියාවේ වයස් සීමාව 45 දක්වා වැඩි කරන්න. රටට ඕනේ තරුණ ජවය ලක්ෂ 8 ක් ත්‍රී වීල් උඩ

  6. yasantha says:

    මේ වගේ දේශපාලන ගොට්ටෝ තමයි මේ රට කෑවේ.රනිල්ගේ මේ දේශපාලන ගමනේ එක කුණු බාල්දියක් තමයි මොහු.මේ දේශපාලන මැක්කන් සිටන තාක් කල් මේ නරා වලෙන් ගොඩ ඒමක් නැත

  7. කොබා. says:

    හොරැ ඇල්ලීම ගැන වචනයක් කියන්නේ නෑ

  8. Jayantha says:

    තිස්ස් කුට්ටි, සනත් නිශාන්ත, සාගර කාරියවසම් සහ ජොන්ස්ටන් කියන මෝඩ සෙට් එකටම ගැලපෙනවා.

Main News