බෝලයක් යැයි සිතා සෙල්ලම් කල බෝම්බය පුපුරා යාමෙන් පාසල් දරුවෙකු බරපතල තුවාල ලබයි….

April 9, 2019 at 6:48 pm | lanka C news
බෝලයක් යැයි සිතා සෙල්ලම් කල බෝම්බය පුපුරා යාමෙන් පාසල් දරුවෙකු බරපතල තුවාල ලබයි….

බෝලයක් යැයි සිතා බෝම්බයකින් සෙල්ලම් කළ පාසල් දරුවෙකු බෝම්බය පුපුරා යාමෙන් අද (09) උදැසන බරපතළ තුවාල ලබා ගත කොට ඇති බවට යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ යාපනය, පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක තිබු රවුම් බෝලයක් වැනි යමක් දැක අදාළ බෝලය වැනි උපකරණය සමඟ සෙල්ලම් කළ දරුවෙකු බෝලය යැයි සිතා බෝම්බය බිම දමා ගැසීමෙන් බෝම්බය පත්තු වී ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

අනතුරින් 14 හැවිරිදි පාසල් දරුවෙකු තුවාල ලබා යාපනය අච්චුවේලි රෝහලට ඇතුළත් කොට ඇති අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන දරුවා අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකොට යවා ඇති බවද පොලීසිය පැවසීය.

යුද සමයේ අච්චුවේලි ප්‍රදේශයන්ගේ යුද ගැටුම් බහුලව පැවති අතර, යුද සමයේ අදාළ ප්‍රදේශයේ ඉඩම් රැසක් අතහැර දමා තිබිණු අතරම කොටි සංවිධානය විසින් අතහැර දමා ගිය මර උගුල් බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන අච්චුවේලී පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

98 views

2 Comments to “බෝලයක් යැයි සිතා සෙල්ලම් කල බෝම්බය පුපුරා යාමෙන් පාසල් දරුවෙකු බරපතල තුවාල ලබයි….”

  1. john the baptice says:

    මේවාට ජිනීවා ඇත්තෝ ගෙන් කට උත්තර නැත

Main News