මිලීනා සුමතිපාල නොඑනා ගමන් යයි..

December 26, 2016 at 8:31 pm | lanka C news
මිලීනා සුමතිපාල නොඑනා ගමන් යයි..

සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනී හා සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයේ හිටපු සභාපතිනී මිලිනා සුමතිපාල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මෙසේ අභාවප‍්‍රාප්ත වන විට ඇය 81 වෙනි වියේ පසු විය.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ මව වන්නේද ඇයයි.

අවසන් කටයුතු පසුව දැනුමේ දෙන බව පවුලේ ඥාතීන් කියයි.

32 views
Main News