බෞද්ධකමට තර්ජන… ස්වභා දහමත් කැළබිලා…

April 21, 2018 at 12:40 pm | lanka C news
බෞද්ධකමට තර්ජන… ස්වභා දහමත් කැළබිලා…

පාලකයන් කුමන ආකාරයේ දේශපාලන කුමන්ත්‍රණ සැලසුම් කළද රටේ ජාතියේ ඉරණම තව තවත් ඛේදනීය තැනකට තල්ලු වීම හැර වෙන කිසිදු සුගතියක් නම් ඇති වන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසිය.

ඒ මහතා එසේ කිවේ අලුත් අව්රුද්ද වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට දෙණියාය ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් බැහැ දැක අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය.

‘බල ලෝභයෙන් කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය බලය ගත්තත් රට කර ගෙන යා නොහැකි බව අද මුලු ලෝකයම දන්නවා. රට හැම පැත්තකින්ම වැටිලා. පොදු ජනයා අන්ත අසරණ වෙලා.

බෞද්ධකමට තර්ජන ඇවිත්. ස්වභා දහමත් කැළබිලා. හෙටක් නැති රටක් අප හමුවේ තියෙන්නෙ.

ගොඩක් දේශපාලකයන්ට පිස්සු හැදිලා වගේ විකාර දොඩවනවා විනයක් නෑ. එකාට එකා නෑ. මිනිස්සු හරිම අසරණ වෙලා. ප්‍රශ්නයක් කියන්න කෙන්නෙක් නෑ. මේ අරාජික රටට බහුතර ජනයාගේ විශ්වාසය දිනාගත් නායකයෙක් දැන් ඕනෑ.

මහින්ද රාජපක්‍ෂ මහතා මේ මොහොතේ රට භාර ගත්තොත් වැටුණු රට නැගිට්ටවා ගන්න පුළුවන්. මහ මැතිවරණයක්, ජනාධිපති වරණයක් එන තෙක් එය හැර වෙන විකල්පයක් නෑ. ඒ සදහා පක්ෂයට වඩා රට ගැන හිතන මැති ඇමතිවරුන් පෙළ ගැහිල ඉදිරියට එන්න ඕනෑ. වැඩ කරන ජනතාවගේ රතු කට්ට පනින්නත් ආසන්න වෙලයි තියෙන්නෙ’

27 views
Main News