බෞද්ධයන් මුස්ලිම් ජනයාගෙන් සමාව ගන්නැයි කිරිඇල්ල කියලා.. වහා ඉල්ලා අස්කර ගනු..

March 11, 2018 at 11:20 am | lanka C news
බෞද්ධයන් මුස්ලිම් ජනයාගෙන් සමාව ගන්නැයි කිරිඇල්ල කියලා.. වහා ඉල්ලා අස්කර ගනු..

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවත් ඔහු බෞද්ධයන්ගෙන් සමාව ගත යුතු බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති

මේ බව සදහන් කරමින් උන් වහන්සේ විසින් නිකුත් කර ඇති නිදෙව්නය මෙසේය.

පසුගිය දා දිගත හා අවට ප‍්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත භීෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුමේ දී ප‍්‍රකාශයක් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ඒ සිද්ධින් පිළිබඳ බෞද්ධ ජනතාව මුස්ලිම් ජනයාගෙන් සමාව ගත යුතු බවයි.

ක්ෂණික කෝපය මුල්කර ගෙන අසංවිධිත ප‍්‍රකෝපකාරී පිරිසක් විසින් කරන ලද එම ත‍්‍රස්ත කි‍්‍රයාව කිසිසේත් බෞද්ධයන් විසින් සංවිධානාත්මකව කළ දෙයක් නොවේ. එමඑ කලා සිද්ධිය පිළිබඳ සමස්ත බෞද්ධ සමාජයටම චෝදනා කිරීම බරපතල අපරාධයකි. මේරටේ පමණක් නොව විදේශ රටවල ජනතාව බරපතළ ලෙස නොමග යැවීමකි.

මේනිසාම විශාල විපතක් නුදුරේදීම සිදුවිය හැකිය. ඒනිසා කිරිඇල්ල අමාත්‍යවරයාගේ මේ අදුරදර්ශී අමනෝඥ උමතු චෝදනාව වහාම ඉල්ලා අස්කරගෙන සමස්ත බෞද්ධ ජනතාවගෙන්ම සමාව ඉල්ලා සිටිය යුතුබව ප‍්‍රකාශ කරමි.

ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි
මාධ්‍ය ප‍්‍රකාශක
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය

103 views

16 Comments to “බෞද්ධයන් මුස්ලිම් ජනයාගෙන් සමාව ගන්නැයි කිරිඇල්ල කියලා.. වහා ඉල්ලා අස්කර ගනු..”

  1. samuvel says:

    කිරිඇල්ල කියන්නෙ කුමන බුද්දි මට්ටමක ඉන්න මිනිහෙක් වග එයාගේම වචන වලින් කියනවා නම් “ඕන ගොනෙකුට ඕන ගොන් කතාවක් කියන්න හැකිය”

  2. Alfred says:

    Issarawela Kiriella Akuranata gihilla…… Mulu muslim okkotama wendala awata passe eyage pawle ayawa arimu….

Main News