බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදීලු.. ඇමති මංගල වාර්තාවක් කැදවයි..
July 8, 2017 at 2:30 pm | lanka C news
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ වෙනත් පෞද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය මගින් විසුරුවා හරින බෞද්ධ සහ ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් සම්බන්ධයෙන් දිනපතා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් 102.1FM සංඛ්‍යාතය ඔස්සේ පවත්වාගෙන යන දෙමළ නාලිකාවේ පෙරවරුවේ සහ පස්වරුවේ පැය දෙක බැගින් ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් විසුරුවා හරින බව තහවුරු කරගෙන තිබේ. ඉස්ලාම් ආගම අදහන දරුවන්ට එමඟින් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් උපදෙස් රැසක් ලබා දෙන බව අමාත්‍යාංශය මඟින් නිරීක්ෂණය කර තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලයට ද ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.
එසේ ම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් වන බෞද්ධයා නාලිකාව මඟින් ද බෞද්ධ වැඩසටහන් අවසානයේ සංහිඳියාවට බාධා ඇති කරන ප්‍රකාශ ප්‍රචාරය කරන බව ද නිරීක්ෂණය වී තිබේ. මේ නිසා ඒ සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කර දෛනික වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැතිවරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
මීට අමතරව ඇතැම් රූපවාහිනී නාලිකා මඟින් අධිරජ ධර්මාශෝක වැනි වැඩසටහන් හරහා අන්තවාදී මත සමාජගත කිරීමේ උත්සාහයක යෙදී සිටින බවත්, එම වැඩසටහන් ද නිරීක්ෂණය කළ යුතු බවත් මාධ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් සහ ඇමැතිවරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක දී තීරණය වී ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ප්රවෘත්ති වාර්තාකරණයේ දී අදාළ සංවේදී කරුණු වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ද දැනුවත් කෙරෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
පරාක්‍රම දිසානායක
– සත්හඬ
People who haress Sinhala Buddhist will have to regret. We are RAVANAs people.
Those who voted these idiots will have to answer on behalf of the country nation and the religion. When you give power to a monkey, he will precisely act as the monkey with the knife-blade..people got to act before something happens beyond control.
Nedda Snipper kenek hoyala mee kaalakanni napunsakayan eka ekaata thiyala dhaanna puluwan ekek.. pin sidda wenawa
සිංහලෙන් කතා කරන ලියන සියළු ජනමාධ්‍ය තහනම් කලයුතුයි .එවා ජාතිවාදියි
අධිරජ ධර්මාශොක ඉන්දියාවෙත් පෙන්නල ඒක හින්දු රටක් වෙලත් මූ කියන්නෙ මේක ලංකාවෙ පෙන්නන්නෙ නැතුව අරාබියෙ පෙන්නන්න කියල ද කොල්ලො කාරයො කියන ඒව u.n.p ගොන්නුන්ට හොදයි
ඇයි අර ඉන්දියන් tele drama ප්‍ර චණ්ඩත්වය වගේම ගෑනුන්ට අරක්කු පොවන එක කමක් නැද්ද? ආඃ වැරැද්ද රටක් ජාතියක් තියන බව දැන ගැනීමනේ… කාල බීල නිදා ගත්තනම් ඉවරයි. එකයි ධර්මාශෝක නරක!!!!
Adiraja dharmashoka is a Best Drama. No racisim is there. I dont know what is going on this ministries. Really Sad to hear these words …