බෞද්ධයා සහ නීතීයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනි සිටි විජේදාස අතරමං වේ.. අගමැතිගේ ඉල්ලීම අනුව ජනාධිපති තීරණාත්මකයි….

August 23, 2017 at 11:20 am | lanka C news
බෞද්ධයා සහ නීතීයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනි සිටි විජේදාස අතරමං වේ.. අගමැතිගේ ඉල්ලීම අනුව ජනාධිපති තීරණාත්මකයි….

තවත් එක් ජවනිකාවක් නිමා කරමින් මේ සතියේදී සති අන්ත පුවත් පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය පුරවමින් බුද්ධසශාන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තමන් දරන අමාත්‍ය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට හෝ ජනාධිපතිවරයා විසින් ධුරයෙන් නෙරපීමට බොහෝ දුරට නියමිතය.

මේ හරහා හම්බන්තොට වරාය විකිණීම, දේශිය ආදායම් බදු පනත සංශෝධනය, නියගය ඇතුළු රටේ සමාන්‍ය ජනතාවට දැනෙන ප්‍රශ්න කිහිපයක්ම පසුගිය දින කිහිපය තුල ආණ්ඩුව මගින් වෙනත් අතකට යොමු කොට තිබිම උත්සහය සාර්ථක වූ බව ආණ්ඩුවේ පැවත්ම සම්බන්ධව උපායමාර්ග සැලසුම් කරන පාර්ශවයන් සැහීමකට පත්ව ඇත.

එජාපයේ මන්ත්‍රී ධූරයක් හරහා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි අමාත්‍ය ධූරයන් වලින් එකක් හිමිකරගත් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ මේ හැසිරීම සත්‍යවශයෙන්ම ජාතිකත්වය හෝ බෞද්ධයන් වෙනුවෙන් පෙනිසිටීමක් ද එසේ නැතිනම් තමන් වෙත කවුරුත් හෝ පවරපු කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට ගොස් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකිව සිදු වූ අත් වැරැද්දක් ද ? යන්න එදා එජාප යේ සමහර ප්‍රතිපත්තිවල විරුද්ධව ගිය ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක මහත්වරුන්ගේ දේශපාලන ඉරණම විසදුනු ආකාරයකටම ලගදීම ජනතාව දැකගත හැකිවනු ඇත.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුල දි ගන්නා ක්‍රියා මාර්ගයන් සියල්ලම බොහෝ දුරට මෛත්‍රීපාල සිරිසේන කදවුරේ සිටින අය තව දුරටත් අසහනය පත්වෙනවා මෙන්ම ගිලිහෙමින් තිබු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව එජාප යම් සහනයක් ලැබෙනු ඇත.

එමෙන්ම අධිකරණය අමාත්‍යවරයාගේ තීරණය මොනයම් හෝ පාර්ශවයක් පරාජය වන අතර ජනතාව මේ දෙපාර්ශ්වයම සම්බන්ධව තව දුරටත් කලකිරිම නැවත්වීමට ආණ්ඩුවේ පැවත්ම සම්බන්ධව උපායමාර්ග සැලසුම් කරන පාර්ශවයන්ට තවත් අභියෝගයක් වනු ඇත.

8 views

5 Comments to “බෞද්ධයා සහ නීතීයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනි සිටි විජේදාස අතරමං වේ.. අගමැතිගේ ඉල්ලීම අනුව ජනාධිපති තීරණාත්මකයි….”

  1. Kabba says:

    ඇයි අවුල් වගේ

  2. chelan says:

    ela kiri…this would have happen some time back.

  3. Aurora says:

    ගරු විජේදාස රාජපක්‍ෂ ඇමතිතුමනී, මේ අවස්ථාවේ ඔබතුමා ඇමැතිකමින් ඉල්ලා අස්වන්න එපා. එය ඔබතුමා නොකළ වැරැද්දක් බාරගැනීමක් වගේම ඔබතුමා රට වෙනුවෙන්, රටේ දේපල වෙනුවෙන් සහ ඔබතුමාම නිතර කියන නීතියේ සාධාරණත්වය වෙනුවෙන් කල පෙනී සිටීම නොකළ යුත්තක්, වැරදි දෙයක් සහ ඒ සියල්ලටම වඩා පක්ෂයේ ආධිපත්‍ය රටට ඉහලින් පිහිටවීමක්. මේ රටේ බුධිමත් සියල්ලෝම දන්නවා සෑම පක්ෂයක්ම කීපදෙනෙක් මෙහෙයවන බව. UNP යටත් එක පොදුයි. කෘත්‍යාධිකාරී මණ්ඩල තීරනත් ඒ වගේමයි. පක්ෂයේ කෑගහන්න පුළුවන් කොතරම් දෙනෙක් කැගහුවත් පාක්ෂිකයෝ දරන මතය තමයි වැදගත්. රට එකට තියල තීරණ ගන්න. සිරිසේන ජනාධිපති බලය යොදවල ඔබතුමා ඉවත් කලොත් එහි අපවාදය ඔහු විඳගත්තාවේ. ඔබේ කිරිකලයට ගොමදාගන්න එපා. ඔහුට දෙපැත්ත බැලන්ස් කරගන්න ඔබතුමා තමුන්වම පාවාදෙන්න එපා.
    ඔබතුමාට වීරිය, ශක්තිය ලැබේවා.
    ඔබතුමා පසුපස සිටින රටට ආදරේ ජනතාවගේ ආශීර්වාදය ඔබතුමාගේ ශක්තියට එකතුවේවා.

  4. Gemunu says:

    මෙතුමා දරණ බුද්දශාසන ඇමතිකම පිළිබඳව ගැටලුවක් නෑ. නමුත් කැබිනට් මන්ඩලයෙදි ගනු ලැබූ තීරණයට එතනදි විරුද්ධ නොවී එලියට ඇවිත් විවේචනය කිරීම උගත් මිනිසෙකුගේ ලක්ෂණයක් නොවේ. මෙම රජය බලයට පැමිනියේ හොරුන්ට දඩුවම් දීම මූලික කරගෙන. එසේ නම් ඒ සඳහා නීත්‍යානුකූල යාන්ත්‍රනයක් සකස් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කලයුතු වන්නේ අධිකරණ ඇමති වරයා තමයි. එය,සරත් ෆොන්සේකා මහතාට දඩුවම් දීමට මහින්ද මහතා ගෙනා ක්‍රම වේදය වැනි අනීතික එකක් නොවිය යුතුයි. එහිදී ඔහු ඔහුගේ වගකීම නිසි පරිදි ඉටු කර නෙමෙැති බව පෙනෙයි. එබැවින් ඔහු අමත්‍ය ධූරයෙන් ඉවත් කල යුතුයි.

  5. Open mind says:

    බොර දියේ මාළු බා මු නේද ?

Main News