බෞද්ධයින් අන්තවාදීන් නොවේ..- YMBA එක හඬින් ලෝකයටම කියයි..

July 20, 2019 at 12:40 pm | lanka C news
බෞද්ධයින් අන්තවාදීන් නොවේ..- YMBA එක හඬින් ලෝකයටම කියයි..

මෙරට බෞද්ධ ජනතාව ජාතිවාදීන් හෝ අන්තවාදීන් නොවන බවත් ඔවුන් මෙරට අනිකුත් සියළු ජාතීන් සමග සමගියෙන් වාසය කිරීමට උනන්දුවක් දක්වන මධ්‍යස්ථ මතධාරීන් බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා මෙරට සිටින විදේශීය තානාපතිවරුන් දැනුවත් කරමින් අවධාරණය කළේය.

කොළඹ තරුණ බෞද්ධ සංගමය නායකත්වය ලබාදෙන “එක හඬක්-සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය විසින් අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට තානාපතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේ මුලසුන දරමින් ජයසේකර මහතා මෙම අදහස් දැක්වීය.

“මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට බෞද්ධ ජනතාවගේ මතය පිටස්තර ලෝකයට සන්නිවේදනය කිරීමයි. ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවගේ හඬ කුමක්දැයි කියා පිටස්තර ලෝකයට පැවසීමේ වගකීමක් කොළඹ තරුණ බෞද්ධ සංගමය විදිහට අපිට තිබෙනවා. මේ සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි තානාපති කාර්යාල හරහා පිටස්තර ලෝකය දැනුවත් කිරීම. මේ දක්වා බෞද්ධ ජනතාවගේ මතය පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමක් ලෝකය හමුවේ සිදුකර නෑ.

නමුත්, අපි දකිනවා අනිකුත් සංවිධාන තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. නොයෙකුත් වේදිකාවල ප්‍රකාශ වන ලෝකයට ගමන් කරමින් තිබෙන සමහර අන්තවාදී අදහස් මෙරට බෞද්ධයින්ගේ මතය නෙවෙයි. බෞද්ධයින්ගේ මතය තමයි අනිකුත් සියළු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයැයි කියන මතය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන වටිනා ධර්මය තුළ පිහිටා තමයි බෞද්ධ ජනතාව සැමවිටම කටයුතු කරන්නේ.“

මෙහිදී, මහේන්ද්‍ර ජයසේකර මහතා කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් නායකත්වය ලබාදෙන “එක හඬක්-සුරක්ෂිත රටක්.“ ස්වාධීන ජාතික බලවේගයේ න්‍යාය පත්‍රය පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කළේය. මෙහිදී, ඔහු පෙන්වා දුන්නේ සෑම කෙනෙකුටම බලපාන එක නීති පද්ධතියක් ඇති කිරීම, සියළු දරුවන් වෙනුවෙන් රජයේ අධීක්ෂණයට යටත් එක් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම, දේශීය ව්‍යාපාරිකයා සහ ගොවියා රැකගැනීමේ පැහැදිලි වැඩපිළිවෙලක් ඇති කිරීම, සියළු ආගම් සඳහා එක් ආගමික අමාත්‍යංශයක් ඇති කිරීම මෙම න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංග බවයි.

ළදරු විවාහ සහ බහු භාර්යා විවාහ වැලැක්වීම මෙන්ම හලාල් සහිතකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය තුළින් නිකුත් කිරීම ඇතුළු මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය සමග වැඩ කරන මුස්ලිම් ප්‍රජාව එකඟත්වයකට පැමිණෙමින් තිබෙන බවද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට කොළඹ සිටින විදේශ තානාපතිවරුන් සහ තරුණ මුස්ලිම් සංගමය, සමස්ත ලංකා හින්දු කොංග්‍රසය සහ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.

– කොළඹ තරුණ බෞද්ධ සංගමය

23,648 Viewers

10 Comments to “බෞද්ධයින් අන්තවාදීන් නොවේ..- YMBA එක හඬින් ලෝකයටම කියයි..”

  1. බන්ඩා says:

    ලොව පුරා මරාගෙන මැරෙන්නෙ මුස්ලිම්. ආගම වෙනුවෙන් කවුරැවත් මරන්නෙ නැති බෞද්ධයන්ට කියන්න වෙලා ‘අපි අන්තවාදීන් නෙවෙය්’ කියල. පුදුම ලෝකයක්. Suicide bombers the world over are Muslims yet Buddhists who never kill on behalf of their religion has to insist they’re not extremists. Amazing world

    • lankan says:

      ehemnang miyanmarayee inn un kavudha bauddayana neveydha

      • Ranarala says:

        oba mewa gaena hari haeti danne naethi paatai. me ratawala thrasthawadayata goduruwela inne bauddhayo ahinsakayin. hamuduruwaru 28 k 95% bauddha thailanthe parawala muslim anthawaadeen wisin mara dala thibuna bawa oba dannawada? anik thaenwalath ehemai. election kittuwa lankawet eka wei oba wage aya hariyata danne naethiwa bauddhayanta wiriddawa dweshaya thawa paethuruwoth. church hotel bomba thibba aya bauddhayan pansal hamuduruwarunta pahara denta ida aethi bawa hithanne.

  2. ගොන් රැල says:

    ලංකාවේ සහ මියනමාරයේ අහිංසක මිනිසුන්ට ඡාතිවදයෙන් පීඩා කරන පහත් ගනයේ මිනිස්සු ඉන්නවා. මුස්ලිම් ත්‍රස්තවාදියෙක් අපරාදයක් කරාට අහිංසක මිනිසුන්ගේ ඡීවිත වලට හිරිහැර කිරීම අමු මොට්ට ක්‍රියා කලාපයක්. විමල් වැනි බලු ඡඩයන් ලංකාව අපක්‍රීර්තියට පත්වෙලා

  3. Open mind says:

    බෞද්ධ වෙස් ගත් කිහිප දෙනෙක් නිසා සිදුවන හානි වළක්වා ගැනීමට පෙළ ගැසීමට සිදුවීම කණගාටුවකි.

  4. It is okay that the YMBA summoned an international and inter-religious meeting and explained the position of the Buddhists as members of multicultural society. Buddhists have been the only non-extremist community in the world throughout the human history and today also they remain so. There is nothing to say newly on this.

  5. NAK says:

    The trouble is the western powers and their media are not interested in the truth.
    All they are interested in finding ways to put the blame on anything to Buddhists.

  6. gamarala says:

    අද ලෝකයේ මුස්ලිම් මුස්ලිම්වරු මරාගන්නවා කතෝලිකයන් දකුණු ඇමෙරිකාවේ ඉන්න කතෝලිකයන් මරාගන්නවා බෞද්දයන් කිසිම රටක ඉන්න බෞද්දයන් මරාගන්නේ නැහැ මේකයි ඇත්ත

  7. sanidu sooriarachchi says:

    හොද අදහසක්. ලෝකෙට අපේ වැරදි කියන NGO හා පුද්ගලයන්ගේ හඩ ඉතා වැඩියි. මේ උත්සාහය අගය කල යුතුයි.

Main News