බෞද්ධාගම යොදාගෙන අන්‍ය ආගම් පීඩාවට පත්කරන්න, ත‍්‍රාඩ ලෙස හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නෑ..- චම්පික

May 23, 2019 at 6:26 am | lanka C news
බෞද්ධාගම යොදාගෙන අන්‍ය ආගම් පීඩාවට පත්කරන්න, ත‍්‍රාඩ ලෙස හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නෑ..- චම්පික

මෙරටට අවශ්‍ය වන්නේ අරාබි කරණය වූ මුස්ලිම් ප‍්‍රජාවක් නොව ශ්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවක් බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේය මාදිවෙල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

මුස්ලිම් ජනතාව මක්කම දෙසට හැරී වැන්දාට ප්‍රශ්නයක් නැති නමුත් ඔවුන් මේ මහපොලවේ දෙපයින් සිටගත යුතු බවද ඔහු කියා සිටියේය.

කිසිම ආගමකට තවත් ආගමක් හෙළා තළා කතා කිරීමට හැකියාවක් නැති බවද කී ඔහු විශේෂයෙන්ම කුරානය වැරදියට ගෙන අර්ථ දක්වමින් අන්‍ය ආගම් හෙළා දකින ප්‍රකාශයන් පාලනය කළ යුතු බව ද ඒවාට නීති සම්පාදනය කළ යුතු බවද සඳහන් කළේය.

එමෙන්ම බෞද්ධාගම යොදාගෙන අන්‍ය ආගම් පීඩාවට පත්කරන්නට, ත‍්‍රාඩ ලෙස හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නැති බවද ඔහු කියා සිටියේය.

50 views

18 Comments to “බෞද්ධාගම යොදාගෙන අන්‍ය ආගම් පීඩාවට පත්කරන්න, ත‍්‍රාඩ ලෙස හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නෑ..- චම්පික”

  1. ලක්මාල් says:

    තොපි තොපිලගෙ වගකීම හරියට කලාන මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ.අපි අවුරුදු කීයකට කලින්ද මේ අවදානම ගැන කියන්නේ.එතකොට අපි ජාති වාදී.මුං ගන්න පඩියට වැඩක් කරන්නෙ නැති වසලයො..කාලකණ්නි දේශපාලුවෙ

  2. පොරමෝලා says:

    මොහු පාර්ලිමේන්තුවට ආවෙත් ඔය කියන ත්‍රාඩ වාදය වපුරල බව අමතක වෙලානෙ

Main News