බෞද්ධ අන්තවාදීන් සේවය කරන්නේ ත‍්‍රස්තවාදීන්ටයි.. 2015දී මෙම වෙනස නොකලේ නම් ශ‍්‍රී ලංකාව ලෝකයෙන් කොන් වෙනවා..- චම්පික

May 31, 2019 at 1:20 pm | lanka C news
බෞද්ධ අන්තවාදීන් සේවය කරන්නේ ත‍්‍රස්තවාදීන්ටයි.. 2015දී මෙම වෙනස නොකලේ නම් ශ‍්‍රී ලංකාව ලෝකයෙන් කොන් වෙනවා..- චම්පික

බෞද්ධ අන්තවාදීන්ද සේවය කරන්නේ ත‍්‍රස්තවාදීන්ට බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

2015 වසරේදී මෙම වෙනස නොකලේ නම් ශ‍්‍රී ලංකාව ලෝකයෙන් කොන් වීමේ තත්වයක් ඇතිව තිබුන බවද ඔහු කියයි.

දිණමින පුවත්පත හා අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කරයි.

අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟ රට විශාල අර්බුදයකට පත්වූ බවයි කියන්නෙ. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ජනතාවගේ ආරක්ෂාව රාජ්‍යයේ මූලික වගකීමක්. ඒ ආරක්ෂාව සපයන්න රාජ්‍ය අසමත් වුණාම සමාජ, දේශපාලන අර්බුදයක්, නිර්මාණය වෙනවා. ආරක්ෂක අංශ, දේශපාලන ක්ෂේත්‍රය අතර සන්නිවේදනයේ තිබුණු හිඩැස මේ අර්බුදය නිර්මාණය කළා. මේ නිසා ජනතාවගේ කෝපය වෛරය ඇතිවුණා. මේ හරහා දේශපාලන වාසි ලබා ගන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඒවගේම ආගමික අන්තවාදය ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා. මේ තත්ත්වය පාලනය කළයුතුයි.

පාස්කු ප්‍රහාරයට ඉඩකඩ සැලසුවේ ආණ්ඩුවේ අර්බුදය බවයි කියන්නෙ. මෙවැනි ආණ්ඩුවක් ගොඩනගන්න මූලිකත්වයක් ගත් කෙනෙක් හැටියට ඒ වගකීම ඔබ භාරගන්නවද?

ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අතර ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක්. ඒකට අපිට වගකියන්න බැහැ. ජනාධිපතිතුමා පහුගිය ඔක්තෝම්බර් 26 නීතිවිරෝධී ආණ්ඩුවක් පත්කළා. ඒ අනුව මේ ගැටුම ඇතිවුණා. ඒක ජනතාවගේ ඝාතන මරණවලට හේතුවක් හැටියට ඉදිරිපත් කරන්න අපිට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට එහි වගකීම අපි බාරගන්න ඕන. ඒ ගැන අපි කණගාටු වෙනවා. ලැජ්ජාවෙනවා. මේ ඇතිවෙච්ච තත්ත්වය ගැන කේන්තියක් තියෙනවා.

ගල්ලෙන බිඳල 2014දී එළියට ආවෙ මෙවැනි ආණ්ඩුවක් හදන්නද? එඳා කරපු වෙනස ගැන අද ඔබ මොකද හිතන්නෙ?

රටට අත්‍යවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික වෙනසක් තමයි එදා අපි කළේ. ඒ වෙනස අපි නොකළානම් මේ රට ලෝකයා ඉදිරියේ කොන්වෙලා වෙනිසියුලාවක් වෙන්න තිබුණා. කරපු වෙනස ගැන කිසිම කනගාටුවක් නැහැ. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඇමැති මණ්ඩලයකට මේ රට භාරදුන්නා. ඒ අයට වගකීමක් තියෙනවා. මටත් ඇමැතිවරයෙක් හැටියට වගකීමක් තිබෙනවා. තමන්ගෙ වගකීම මොකක්ද කියන එක ගැන අවබෝධයෙන් කට්ටිය වැඩකළාද නැද්ද කියන එක තමයි ගැටලුව. මේ අඩුපාඩුකම්වලින් තොර රජයක් ක්‍රියාත්මක කරන්න අපි වේදිකාව හදනවා.

ඉස්ලාම් අන්තවාදය ප්‍රතික්ෂේප කරන ගමන් අනෙකුත් ඉස්ලාම් ආගමිකයන්ගේ ගැටලු හඳුනාගන්න සිංහල සමාජය අසමත් වී ඇති බවක් පෙනෙනවා නේද?

මුස්ලිම් සමාජයේ ස්ථර ගණනාවක් තියෙනවා. ජෙහාඩ් ප්‍රචණ්ඩවාදීන්ව ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඔවුන් විනාශකරන්න අවශ්‍යයි. මේ මතවාදය අනුව මොළ සුද්දකරගත්ත අනෙක් ආගම්, අනෙක් ලබ්දීන් පවතින්න අවශ්‍ය නැහැ කියන පිරිසක් මද්‍රසා පාසල්,අරාබි විශ්වවිද්‍යාලවලින් බිහිකළා. ඒ පිරිස වහාම නිශ්ක්‍රීය කළ යුතුයි. ඔවුන්ගෙ අන්තවාදී ගමන්මඟ පාලනය කළ යුතුයි. තව්හිද් ජමාත් ව්‍යාපාරය වසර 10ක පමණ ඉඳන් අනෙක් ආගම්වලට අපහාස කරමින් මුස්ලිම් ආගමේම මධ්‍යස්ථ මතධාරීන් යටපත්කරගෙන ඉන්නවා. මොවුන් ප්‍රචණ්ඩකාරී නොවුණත් ප්‍රජාතාන්ත්‍රික නැහැ. මොවුන්ව නිර්රැඩිකල් කරණයකට ලක්කරන්න මුස්ලිම් සමාජයත් ආණ්ඩුවත් කටයුතු කළ යුතුයි. තව්හිද් ජමාත් සංවිධානයේ පහස ලබලා මුස්ලිම් සංස්කෘතිය අරාබිකරණයට කටයුතු කරපු කොටසක් ඉන්නවා. ඔවුන් සවුදි අරාබියෙ ජාතික ඇඳුම්, භාෂාව, හලාල් සමාජ ගත කළා. මේ සමඟ සමාජයෙහි භීතියක් ඇතිවුණා. මේක අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්ලාමීය ක්‍රියාවලියට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී අඩකට වැඩි පිරිසක් ඡන්දය දුන්නා. උගත් මව්ලවිවරුන්ගෙන්, තව්හිද් ජමාත් සංවිධානයෙන් අපි ඉල්ලන්නෙ තමන්ගෙ සමාජයෙ ප්‍රශ්නය විසඳගන්න. ඒකට අපිත් උදව් කරන්නම්. සුපී ධර්මය අදහන පරීකා නැමති ආගමික නිකායට අයත් පැරණි මුස්ලිම්වරු, මේ රටේ සාමකාමීව අපිත් එක්ක වසර සිය ගණනක් ජීවත් වෙනවා. මුස්ලිම් වැඩිපිරිසක් නියෝජනය කරන ඔවුන්ව අපි ශක්තිමත් කළ යුතුයි. ඔවුන්ව අන්තවාදයට තල්ලු නොකළ යුතුයි.

සිංහල බෞද්ධ අන්තවාදය විසින් මේ අයව එතැනට තල්ලුකරන්න උත්සාහ කරන බවටත් චෝදනා එල්ල වෙනවා? ඒ වෙනුවෙන් මුස්ලිම් සංස්කෘතිය පවා වෙනස් කරන්න බලපෑම් කරන බවයි පෙනෙන්නෙ?

යම් යම් අන්තවාදී පිරිස් බෞද්ධ සමාජයෙ ඉන්නවා. ඔවුන් ඇත්තටම සේවය කරන්නෙ බෞද්ධ සමාජයට නොවෙයි. අයි එස්. අන්තවාදයටයි. ඔවුන් සේවය කරන්නෙ මුස්ලම් අන්තවාදීන් ඒ අයව පෙන්න පෙන්න තමයි මුස්ලිම් තරුණයව අන්තවාදීන්ගොඩට ගන්නෙ. මුස්ලිම් කඩ කඩන්න, මුස්ලිම් පල්ලි කඩන්න ඕන කියන මුග්ධ ත්‍රාඩ ක්‍රියාදාමයත් නීත්‍යානුකූලව මර්දනය කරන්න ඕන.

හෙළ උරුමය නියෝජනය කරමින්, භික්ෂූන්වහන්සේලත් එක්ක ගනුදෙනු කරපු නායකයෙක් හැටියට, මෙවන් අවස්ථාවක භික්ෂූ දේශපාලනය ගැන ඔබ මොකද හිතන්නෙ?

අපේ ව්‍යාපාරය සමඟ ඉන්නෙ ඉතාමත් වැදගත් ස්වාමීන් වහන්සේලා. අපේ ඕමල්පෙ නායක හාමුදුරුවො ආත්ම ලාභය වෙනුවට ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරල තමයි මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කොටින්ට රට පැවරීමට ගත්තු උත්සාහයට විරුද්ධව කටයුතු කළේ. හැඩිගල්ලෙ විමලසාර හාමුදුරුවො රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්න කටයුතු කළා. අන්‍යආගමික ස්ථාන කඩන්න, මිනිස්සුන්ව කපන්න කොටන්න තිත්ත කුණුහරුපෙන් බණින්න ගියේ නැහැ. සිවුරේ ගරුත්වය රැකගත්තා. අද තියෙන්නෙ පාදඩ ලුම්පන් මාධ්‍ය කලාවක්. බොරුව සමාජගත කිරීමක් තියෙන්නෙ. මාධ්‍ය අයිතිකාරයන්ගෙ ජඩ සංකල්ප අනුව හැසිරෙන මාධ්‍ය කලාවත් එක්ක ජනමානසිකත්වය නරක් වෙලා. ඒවයෙ ප්‍රතිඵල තමයි අපි අත්දකිමින් ඉන්නෙ.

කුරුණෑගල වෛද්‍යවරයාගේ, සිද්ධිය පාදක කරගෙන සමස්ත මුස්ලිම් වෛද්‍යවරුන්ටම දෝෂාරෝපණය කිරීම ගැන ඔබ මොකද හිතන්නෙ?

මේ ගැන වෛද්‍ය සභාව විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. එක් වෛද්‍යවරයෙක් නිසා අනෙක් ‍ෛවද්‍යවරු ගැනත් සමාජයෙ සැක ඇතිවෙලා. ඒ සැකබිය දුරුකිරීම වෛද්‍ය සභාවෙ වගකීම. ඒක කරන්න ඕන දේශපාලකයන් නෙවෙයි දේශපාලකයන්ගෙ කමිටුවලට ඒක කරන්න බැහැ.

වෛද්‍ය සභාව ඔවුන්ගෙ වගකීම පැහැර හැරල කියලද ඔබ කියන්නෙ?

අපිට පැමිණිලි නැහැ කිය කිය ඉඳල හරියන්නෙ නැහැ. ආගමික ප්‍රශ්නයක් මත වෛද්‍යවරු සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පැන නැගිල තියෙනවා. වෛද්‍යවරු විතරක් නෙවෙයි උසාවිවල නඩුකාරයො, නීතිවේදියො, ඉංජිනේරුවො සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවෙලා. අපි දන්නෙ නැහැ කියල ඒ ආයතන ඇඟ බේරගෙන හරියන්නෙ නැහැ. ඔවුන් මැදිහත්වෙලා මේ ප්‍රශ්නය විසඳන්න ඕන. සමාජභීතිය නැති කිරීම හැමෝගෙම වගකීමක්. ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය දාපු කමිටුව පිළිගන්නෙ නැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නීත්‍යානුකූල මැදිහත්වීමක් කරන්නෙ. ඒ තත්ත්වය පිළිගන්නෙ නැහැ කියල කියන්න බැහැ නේද?

නමුත් ඒක එහෙම වෙලා තියෙනවනෙ. හරි හෝ වැරදි රාජ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවිශ්වාසයක් මේ රජයට ඇවිල්ල තියෙනවා. අපි ඒක පිළිගන්න ඕන.

මේ රජය ගැන අවිශ්වාසය ඔතන විතරක් නෙවෙයි. මුස්ලිම් සමාජය කියන්නෙත් මේ අන්තවාදය ගැන. ආරක්ෂක අංශ දැනුවත් කළා. ආණ්ඩුව දැනුවත් කළා. කවුරුවත් පියවර ගත්තෙ නැහැ කියලයි.

විවිධ අය මේ ගැන අනතුරු ඇඟවීම් කළා. තව්හිද් ජමාත් ව්‍යාපාරය මධ්‍යස්ථ මුස්ලිම්වරුන්ටත් පහර දුන්නා. ඔවුන් ඒ සම්බන්ධව පැමිණිලි කළා. හැමෝම මේක මේ දෙපිරිස අතර ගැටුමක් හැටියට දැක්කා. ආරක්ෂක අංශවල ප්‍රශ්නයක් තිබිල තියෙනවා. ජනාධිපති හරි අගමැති හරි අණ දුන්නෙ නැහැ කියල ඒ අයට එන තොරතුරුවලට වැඩ නොකර ඉන්න බැහැ. අපි පොලිසිය ස්වාධීන කළා. දේශපාලන බලපෑම් නැතුව වැඩකරන්න පොලිස්පති කෙනෙක් පත් කළා. ඔවුන් ක්‍රියාකළ යුතුයි. මේ සිද්ධියට පෙර සිද්ධි ගණනාවක් වුණා. ආරක්ෂක අංශ දේශපාලකයො අණදෙන කන් ඉන්න ඕන නැහැ. ආරක්ෂක අංශවල දුර්වලතා හින්ද තමයි ජනතාව තුළ සැක ඇතිවෙලා තියෙන්නෙ.

ප්‍රහාරය සිදුවෙලා සති 5ක් පමණ ගතවෙලත් පැමිණිලි ගැන හෝ ප්‍රහාරය ගැන නිසි පරීක්ෂණ සිදුවෙන්නෙ නැති බවටත් චෝදනා එල්ලවෙනවා.?

අත්අඩංගුවට ගන්න සමහර අය ගැන මාධ්‍යයෙ ප්‍රචාරය වෙනවා. නමුත් හොයා බැලුවම ඔවුන් මේ සිදුවීම්වලට සම්බන්ධ නැති බවත් හෙළිදරව් වෙනවා. අත්අඩංගුවට ගත්තු අය ගැන සොයා බලන්න, පරීක්ෂණ කරන්න. මධ්‍යස්ථානයක් ඇතිකරන්න ඕන. ආණ්ඩුව ස්වාධීන, මධ්‍යස්ථ බේරුම්කාරයෙක් පත්කළ යුතුයි. ඇමැතිවරුයි, ආණ්ඩුකාරවරුයි පොලිසියට කතාකරන්න ගියොත් සැකය වැඩි වෙනවා. මේ පිපිරීමට ඉස්සෙල්ල ඊබ්‍රාහිම් අත්අඩංගුවට ගත්තනම් ඔහු නිදහස් කරගන්න දේශාලනඥයො කීදෙනෙක් ඉදිරිපත් වෙයිද? ඔහු හොඳ සම්මානනීය ව්‍යාපාරිකයෙක් කියයි. ධනයයි බලයයි මත පාලනය කරන මේ ක්‍රියාවලිය නතර කරන්න ඕන. ආරක්ෂක අංශවලට මේක විසඳන්න දිය යුතුයි. මේ අත්අඩංගුවට ගැනීම් සමඟ මානවහිමිකම් කඩවීම් වෙනවා. ඒ තත්ත්වය නතර කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕන.

මෙහෙම පසුබිමක තමයි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් එන්නෙ. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඕව දේශපාලන විශ්වාසභංග ආණ්ඩුව මේ වෙනකොට ත්‍රස්තවාදීන් පාලනය කරල තියෙන්නෙ. දැන් අපි කරන්න ඕන අනාගතයේදී මේ වගේ දේවල් නොවෙන්න ඕනකරන නීතිටික සම්පාදනය කිරිමයි. පක්ෂ විපක්ෂ හැමෝම කටයුතු කරන්න ඕන ඒකටයි.

සුළු බහුතරයක් තියෙන ආණ්ඩුවට විශ්වාසභංගය ජයගන්න පුළුවන්ද?

මේක පරාජය වෙන්න හේතුවක් නැහැ. අනිවාර්යයෙන් අපි ජයගන්නවා.

මේ සිදුවීමෙන් පස්සෙ තමයි ජාතික මඟ ආරම්භ වෙන්නෙ. එහි අරමුණ මොකක්ද?

මේ ත්‍රස්තවාදයට එරෙහිව පක්ෂභේදයෙන් තොර වේදිකාවක් අවශ්‍යයි. රට රකින, රට හදන ඉදිරි වැඩපිළිවෙළක් අවශ්‍යයි. රට ඉදිරියට ගෙනයන්න බලගතු නායකත්වයක් හැදීම තමයි අපේ අරමුණ.

2015 සංහිඳියාව ගැන කතා කළ අයම අද එයට දොස් පවරනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඉතාම හොඳ සංකල්පයක්. ගැටුම් තියෙන කොට තමයි සංහිඳියාවෙ වැදගත්කම දැනෙන්නෙ. මේ වෙලාවෙ තමයි සංහිඳියාව පෙරටත් වඩා අවශ්‍ය.

ආණ්ඩුව සංහිඳියාව ගොඩනගන්න අසමත් වෙච්ච නිසා තමයි මෙවැනි ප්‍රහාර එල්ලවුණේ කියල විපක්ෂය. චෝදනා කරනවා?

අපේ රටේ සංහිඳියාව ක්‍රම ගණනාවකට නැතිවෙලා තිබුණා. ලංකාව කොන්කරල කොටුකිරීමේ ව්‍යාපාරයක විදේශ රටවල් හිටිය. එතන සංහිඳියාවක් තිබුණෙ නැහැ. තමන්ගෙ ඥාතීන් නැතිවුණා ඒවට යුක්තිය ඉටුවුණේ නැහැ කියල දෙමළ ජනයා අතර උද්ඝෝෂණයක් තිබුණා. ආරක්ෂක අංශවල පිරිස් මියගියා. ඔවුන්ට සාධාරණයක් ඉටුවුණේ නැහැ කියලත් මතයක් තිබුණා. මේ වගේ තත්ත්වයක් තුළ තමයි සංහිඳියාව කරළියට ආවෙ. විදේශීය වශයෙන් තිබුණු මහා විරෝධතාව ටිකක් අඩුකරගන්න අපිට පුළුවන් වුණා.

විපක්ෂය බලයෙ හිටියනම්, රට මෙවැනි තත්ත්වයකට පත්වෙන්නෙ නැති බවයි ඔවුන් කියන්නෙ?

විපක්ෂය කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයනෙ? රටේ බැරියර් දාගෙන ඉද්දිත් කොච්චර බෝම්බ පිපුරුවද? කොච්චර මිනිස්සු මැරුනද? තමන්ගෙ හමුදාපතිට ගැහුවට පස්සෙත් මහින්ද රාජපක්ෂ මහත්තයට ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරන්න අදහසක් තිබුණෙ නැහැ. මේක මහින්ද ගෙවත්, මෛත්‍රීපාල සිරිසේන ගෙවත්, රනිල් වික්‍රමසිංහ ගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ පහරදීම අන්තර්ජාතික ත්‍රස්තවාදයෙ කොටසක්. ජාතික, ජාත්‍යන්තර ආකාරයට කල්පනා කරල මේකට විසඳුම් හොයන්න ඕන.

– dinamina

50 views

25 Comments to “බෞද්ධ අන්තවාදීන් සේවය කරන්නේ ත‍්‍රස්තවාදීන්ටයි.. 2015දී මෙම වෙනස නොකලේ නම් ශ‍්‍රී ලංකාව ලෝකයෙන් කොන් වෙනවා..- චම්පික”

  1. TRUE MAN says:

    Ex pastor / Traitor / PRA killer / Sex Maniac / Panama Papers /White cloth Buddhism seller /

    Stop Dressing up people…. Your private parts are visible…….Son of bitch…

  2. Nadeesha says:

    Hi patalee…. Come and have me please…………….Empty bottles are available darling…..

    Nadeesha….

  3. Kalawedda says:

    Such a poisoned basted……..Only BORUWA……..Maniac….

  4. PachaMan in Action says:

    This bugger,s explanations are good for nothing.

  5. Ranga says:

    Where the freedom is menaced or justice threatened or where aggression takes place,
    We cannot be and we shall not be neutral.

    This government must resign and let the people make their decision.

    For good, Ranil should not be allowed to take office, at any cost.

    He is not a man of cause.

  6. gadol says:

    මේ යකා . කෝකටත් තෛලේ වගේ තමයී

  7. Nim says:

    MOO RATATA KALA
    APARADAYA DANWATH
    AWABODA KARAGENA
    NAHA

  8. ආ ඇත්තද 2015 කරපු වෙනස හරි කියලද තෝ තාමත් කියන්නෙ. තොපි තමයි මේ විනාශෙට රට ඇදල දන්න එදා පෙරමුණ ගත්තෙ. උබට ඒ වෙනස හොදනම් අර රනිලගෙ ඔඩොක්කුවට වෙලා උඩ පැන පැන පත්තකට වෙල හිටපන් තවත් උම්බෑ කිය කිය අපේ ලේ නරක් කරන්නෙ නැතුව.

    උඹ ගුද මාර්ගයෙන් අනුභව කරල මුඛයෙන් අසූචි පිටකරන අපතයෙක්නෙ. ඒ කාලෙ මොරටුව කැම්පස් එකේ ඉන්න කාලෙනම් අපි හිතුව උබ කවද හරි රටට වැඩක් කරයි කියල. ඒත් දැන් තමයි තේරෙන්නෙ උබ ශත පහක වැඩක් නැති අපතයෙක් කියල. උබ මොරටුවෙ උපාධි දාරියෙක් කියන්නත් අපිටනම් දන් ලැජ්ජයි.

  9. Shiva says:

    Same parliament won the war against LTTE and same parliament maintained 6.0 % GDP growth from 2009 to 2014 same parliament increased the country assets from 25 billion usd to 80 billion usd from 2006 to 2014 and it is still 80 billion same parliament increased tourists from 3 lacks to 20 lacks and growth has come down to 3% and now we have to face a war as unp devalued national security as a resultUNP can not find a candidate for next election and they purposely condemn parliamentary democracy to create a military governmet

  10. Mahasona says:

    His party is not ‘Jathika Hela Urumaya.’ It is ‘Jathika Hela Karumaya’. F off you traitor.

Main News