බෞද්ධ කටයුතු කොමසාරිස්ට විරෝධය.. භික්ෂූන් 04ක් මාරාන්තික උපවාසයක් අරඹති..
March 30, 2021 at 4:40 pm | lanka C news
කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය පිහිටුවීම සදහා පැවැත්වූ නිළ වරණයේදී බෞද්ධ කොමසාරිස් වරයා කල්පිටිය ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා නගමින් 30 වන දින කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂුන් වහන්සේලා සිව් නමක් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර, ඒ සදහා සහය පල කිරීමට ප්‍රදේශයේ බහුතරයක් ජනතාවගේද සහය ලැබෙමින් තිබේ.
තවද හින්දු පූජකවරුන්ද මෙම මාරාන්තික උපවාසය සදහා සහය පලකරමින් එම ස්ථානයට එක්ව තිබුණි.
මෙම මාරාන්තික උපවාසය සදහා සහභාගි වූ භික්ෂුන් වහන්සේලා පවසා සිටින්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් ශාසනාරක්ෂක බල මණ්ඩලය පිටිහිටු වීමේදී ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උලංගණය වන ලෙස අතෝමතිකව කටයුතු කර ඇති බවත්, වසර ගණනාවක් පවත්වා ගෙන යනු ලබන විහාරස්ථාන රැසක් මේ වන තෙක් ලියා පදිංචි නොකිරීම හේතුවෙන් දහම් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයටද දැඩි බලපෑමක් එල්ලව ඇති බව කියයි.
තවද මීට පෙර කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙස කටයුතු කල භික්ෂුවක් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ දැඩි විරෝධය මත මෙවර නිළ වරනයේදීද පත් කිරීමට ගන්නා උත්සහය සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.
තවද අදාල භික්ෂුව ලංකාවේ අධිකරණ කිහිපයකින් වරදකරුවෙකු ලෙස සදහන්ව තිබියදී ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කිසිදු තනතුරක් සදහා නොසුදුසුව සිටියදී අදාල කොමසාරිස් වරයා විසින් උන්වහන්සේ පත් කිරීමට ගන්නා උත්සයට දැඩි විරෝධය මේ සමග එල්ල කරමින් ප්‍රදේශවාසීන්ද නිහඩ විරෝධතාවයක යෙදී තිබුණී.
මෙම මාරාන්තික උපවාසය සදහා එක්ව සිටින භික්ෂුන් වහන්සේලා මාධ්‍යයට පවසා සිටින්නේ තම විහාරස්ථන වලට මෙන්ම ප්‍රදේශයේ දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සාධාරණ විසදුමක් ලැබෙන තුරු අඛණ්ඩව මෙම උපවාසය ක්‍රියාත්මක කරන බවය.
මේ සදහා කල්පිටිය කන්දකුලිය ශ්‍රි සමුද්‍රාසන්න විහාරස්ථනයේ විහාරාධිපති බැදිවැවේ දියසේන හිමියන් ප්රමුඛ තවත් ස්වාමින් වහන්සේලා සිව් දෙනෙකු සහභාගි විය.
– පුත්තලම කේ.ප්‍රියංකර
බෞද්ධ කටයුතු තනතුර සංග සාසන බල මණ්ඩලයට බාර දෙන්න
බෞද්ධ කොමසාරිස් වරයා ෆේ්ල්.
Sri Lankan Buddhist Commissioner is a fail guy.
ලංකාවේ කවදාවත් කොමසාරිස් ෆෙල් වුනේ නෑ, උන් එයාලගේ ගේ බලය තියෙන කාලයේ අමාත්‍යාංශයේ නිලවාහනයක් එයට ඉන්ධන , දුරකථන බිල්, වැටුප් මෙකි නොකි සියලු ආතල් අරගෙන ඊළඟ ආණ්ඩුව වෙන එකෙක් පත්කරනවා, ෆෙල් වුනේ අපි රට වැසියො.
තම්බි කවදාවත් ඌන්ගේ ආගම හරි හො වැරදි එකට තඹ දොයිතුවක හානියක් කරන්නේ නෑ, එකට අපේ එවුන් සිවුරු පොරොගත්ත එවුන් ඔක්කොටම හපන්
Nilu OL fail. Niluge marriage eka fail.
කම්සැප අතහැරලා මහණ වුන එවුන් තනතුරු තානාන්තර බෙදාගන්න බැරැව මාරාන්තික උපවාස කරනවා, ඔක්කොටම කලින් මුන්ට බුද්ධාගම උගන්වන්න ඔන, හාමුදුරුවෝ කියලා කියන්නත් ලැජ්ජයි නිකන් ඉන්න අපිට කරැම පුරොනවා.
ඛොද්ධ කොමාරිස්තුමනි ඔඛට පින්.