බෞද්ධ දර්ශණය විද්‍යාත්මක දර්ශණයක්.. ඇල්බට් අයිස්ටයින්ද ඒ බව කියා තිබෙනවා.. බෞද්ධ දර්ශණයට යුරෝපය තුල ඉල්ලුමක් තිබෙනවා..
December 26, 2017 at 6:28 am | lanka C news
පෙරහැර පවත්වන විහාරස්ථාන සදහා අලි ඇතුන් ලබාදීමට ජනාධිපතිවරයා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේ දී දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ විහාරස්ථානයේ 20 වන වරටත් පවත්වන ලද මිහිදු මහා පෙරහැර රාත්‍රියේ වීදි සංචාරය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී සාධාතුක කරඩුව තැන්පත් කිරීම ද සිදු වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පෙරහැරට එක්ව සිටි නර්තන ශිල්පීන්ට සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බෞද්ධ දර්ශණය විද්‍යාත්මක දර්ශණයක්. ඇල්බට් අයිස්ටයින් නම් විද්‍යාඥයා ද ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. බෞද්ධ දර්ශණය වසර 2500 ක කාලයක් ආරක්ෂා කළේ මහා සංඝරත්නය විසින්. ඊට දායකයින් ලෙස අප උදවු කළ යුතුයි. මහායාන සහ ථෙරවාදී ලෙස බෞද්ධ දර්ශණයන් වෙනස් වී තිබුන ද ථෙරවාදී බෞද්ධ දර්ශණයට යුරෝපය තුල ඉල්ලුමක් පවතිනවා. ශ්‍රී ලංකාවේ පෙරහර සංස්කෘතියට ද යුරෝපය තුල ඉල්ලුමක් පවතිනවා. එම නිසා තමයි ඉංග්‍රීසින් විසින් මෙරට පාලනය කරන කාලය තුල දළදා පෙරහැරට අනුග්‍රහය දැක්වූයේ. පෙරහැර තුලින් අපගේ සංස්කෘතිය ලොවට ප්‍රදර්ශණය කළ හැකියි.
පෙරහැර පැවැත්වීමේ දී අලි ඇතුන් සපයා ගැනීම ගැටලුවක්. අලි ඇතුන් සංරක්ෂණය කළ යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. නමුත් අපගේ සංස්කෘතික දායාදයන් ද ආරක්ෂා කළ යුතුයි. අලි ඇතුන් ආරක්ෂා කිරීම ද ඉතා වැදගත්. මේ පිළිබදව මම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූවා. පෙරහැර පවත්වන විහාරස්ථාන සදහා අලි ඇතුන් ලබාදිය යුතු බවට මතයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ පිළිබදව අධ්‍යයනය කිරීමට කමිටුවක් ද පත් කෙරුනා. එම කමිටුව වාර්තාව ලබාදීමෙන් පසු අලි ඇතුන් ලබාදීම පිළිබද ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් සකස් කිරිමට නියමිතව තිබෙනවා.”
මෙම අවස්ථාවට විහාරාධිපති ඉංගිරියේ විපුලසාර හිමියන්, හොරණ එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිතිඥ හේමන්ත වික්‍රමරත්න මහතා, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
me miniha darga nagarayata gahuwe sinhala ewun kiyala, Alla thmayi deyoo kiya kiya muslim ewunge chanda ganwa, mehe budhagama thamayi agama kiyala ape ewunta kiyana ehen chanda gana hadnawa, mewage thirisanuntath chande dena ewun inawada, thmange amathikama thiyagana onama baluwedak karna ewun
Go and tell it your Beruwala mad people…
අවුරැදු 2000 ගානක් තිස්සෙ පෙරහැර කරන්න අලි ඇත්තු හොයාගන්න පන්සල් වලට අමාරැ වෙලා තියෙනවා කියල තමයි මේ නැවු හොරා කියන්නෙ.
අලුත් ප්‍රස්නයක් ඇතිකරලා ඒකට විසදුමක් දුන්නම සිංහල මෝඩයෝ රැවටෙන බව ලෝකෙම දන්නවා.
මේ කුණු දතා වගේ කාලකන්නි දේශද්‍රෝහී හැත්තට බුද්ධාගම මතක් වෙන්නේ චන්දයක් ලං වෙන කොට. නැත්නම් මු අල්ලගෙ පස්ස ලෙවකන ගෙරි තම්බිය. මේ වගේ ආගම් විරෝධී දේශද්‍රෝහීන්ට පන්සල් වලට ආරාධනා කරන ගනින්නාන්සේලා තවත් ඉන්නවා නේ. කොහොමද ඉතින් රටක්, සාසනයක් ආරක්ෂා වෙන්නේ. ඒ ඝණයල ටික ඉස්සෙල්ලම පන්සල් වලින් පන්නන්න ඕන. රටට, ජාතියට, ආගමට ද්‍රෝහිකම් කරන මිනිසුන් හදුනා ගන්න බැරි අය සාසනයට මොකටද.
හම්බ චන්ද වලට අල්ල කරේ තියාගන ඉස්ලාමයට කඩේ යන ගමන් පන්සලේ පෙරහැරට අැවිත් බෞද්ධ දර්ෂණය ගැන නන් දොඩවන තොංගල කපා ගත් පාහරය.
ඇල්බට් අයිස්ටයින්ට බුදු දහමේ ඇති වටිනාකම පැහැදිළි කරලා දුන්නේ මගේ පුතා චතුර…ඊට පස්සේ තමා එයා බුදු දහම ගැන පැහැදිලා හිටං බුද්ධාම වැළඳ ගත්තේ…
illumak thiyenawanam ekath wikunapan. wikunala chek eka genath madyata pennapan.
රාජිත නම් තමාට මොහමඩ් රාජිත කිව්වත් කමක් නැතැයි බොස්ටන් ලංකා ටී වී එකට කිව්වේය. සර්ව බලධාරී දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන ආගම් හා බුද්ධාගම පෑස්සිය හැකිද? කම් ඇන්ඩ් බිලිව් සමග කම් ඇන්ඩ් එක්සැමින් ගැලපේද? බහු ජාතික විගඩම වගේම මේ ආගමික පූට්ටුවද පරණ යටත් විජිතවාදයේ අළුත් හොල්මන් ය.
මීලඟ මහ මැතිවරණයේදී මේ හොරුන් පැරද වීමට දැන් අනාථ වී සිටින සිංහල බෞද්ධයින්ගේ එක් ප්‍රාර්ථනාවක් බව නිසැකය.
බීර මිල ඉහළ දමනවා – ඇමැති රාජිත