බෞද්ධ දර්ශනය නිසා අපේ රටේ රජවරු අතර හිට්ලර්ලා, බොකාසලා, ඉඩ් අමීන්ලා බිහි වුණේ නෑ…

July 7, 2018 at 6:48 pm | lanka C news
බෞද්ධ දර්ශනය නිසා අපේ රටේ රජවරු අතර හිට්ලර්ලා, බොකාසලා, ඉඩ් අමීන්ලා බිහි වුණේ නෑ…

බෞද්ධ දර්ශනයේ මඟ පෙන්වීම ලැබුණු නිසා අපේ රටේ රජවරු අතර ඉඩ්අමීන්, බොකාසා හිට්ලර් වැනි ඝාතකයන් බිහි නොවූ බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘත්‍යාධිකාරී හා පරිවේණාධිපති සංගමය, අධ්‍යාපන අමාත්‍යංශය හා සබරගමුව පළාත් සභාවේ සහයෝගයෙන් ජූලි මස 5 වන දින වරකාපොල පාලාඩුව විද්‍යා ප්‍රකාශ පිරිවෙන් විද්‍යාතනය කේන්ද්‍ර කර ගනිමින් වරකාපොල නාගරික ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලද කෑගලු දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍ය කුසලතා එළි දක්වන පිරිවෙන් ප්‍රතිභා ප්‍රදර්ශනය ආරම්භ කරමින්ය.

තව දුරටත් අදහස් දක්වමින් බලය වැඩි කර ගැනීම සහ බලය රැක ගැනීම වෙනුවෙන් ඝාතන කළ චණ්ඩාශෝක රජතුමා බෞද්ධ දර්ශනය නිසා  ධර්මාශෝක වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ධර්මාශෝක රජතුමාගේ පුතණුවන් වන මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මේ රටට බෞද්ධ දර්ශනය හදුන්වා දුන් නිසා මෙරට දැහැමෙන් සෙමින් රට පාලනය කළ රජවරු බිහි වූ බව පෙන්වා දුන්නේය.ඒ නිසා ලංකාවෙන් ලෝකයට  දිය හැකි හොඳම වටිනාම දේ බෞද්ධ දර්ශනය බව පෙන්වා දුන් අමාත්‍යවරයා බෞද්ධ දර්ශනය හරහා මානව හිතවාදී පාලකයන් බිහිවන බව පේනවා දුන්නේය.

ඉතිහාසයේ පාලකයන් විසින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා ලබා දුන් පහසුකම් පිළිබදව පැහැදිලි කළ මාලිඟයට සමාන නමක් වන ‘පාය’ නමින් හඳුන්වන විශාල පහසුකම් සහිත ස්ථාන රජවරු විසින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර දුන් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එවැනි පාය නමින් හඳුන්වන ලද පිරිවෙන් හතරක් කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,දිප්පිටිය රාජගිරි මල්පාය,වට්ටාරම මාලීමා පාය,ධනකිරිගල වඩුගල්ල ගල් පාය සහ කප්පාගොඩ බ්‍රහ්මාවර්ධන පාය එම පිරිවෙන් බව සිහිපත් කළේය.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ පිරිවෙන් අධයාපනය වෙනුවෙන් විශාල සේවයක් කිරීමට වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල් වී වැඩ කළ බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා වර්ථමානයේ අග්‍රාමාත්‍යවරයා ලොවට ථෙරවාදී බුදු දහම ප්‍රචාරය කරන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට මුල් වී වැඩ කරන බව ද පෙන්වා දුන්නේය.

– නිශ්මං රණසිංහ

194 views

17 Comments to “බෞද්ධ දර්ශනය නිසා අපේ රටේ රජවරු අතර හිට්ලර්ලා, බොකාසලා, ඉඩ් අමීන්ලා බිහි වුණේ නෑ…”

  1. හැබැයි සමහර ධර්මයන් නිසා අයි එස් අයි එස්,ජිහාඩ්,තලේබාන්,බෝකෝහරාම් වගේ ම්ලේඡ්ජ ත්‍රස්තවාදී සංවිධාන බිහිවෙලා ඒවා අද ලෝකයට බරපතල ලෙස හානි පමුණුවමින්,මිනිස් ජීවිත විනාශ කරමින්, දේපල වලට හානි කරමින් ලෝකය ලේ විලක් බවට පත් කරලා තිබෙනවා.මේවට වගකිව යුත්තේ කවුද.

  2. fass says:

    Munge mole koloppan welada me Hitler kenek allagena kegahanne…arahe Koti nagittawanna hadanawa munta ewa penne ne, Hitler reddak kiyawanawa

  3. Anilfedo says:

    Gon Athel

  4. Sepala says:

    Your leader is the Hitler in SL. He killed 60000 young sons in 88-90 era including 300 school kids in Embilipitiya.

  5. kapila says:

    keri hambayaa batalande wadhakaya ekka maha benkuwa horaakaala 60 000 k,marapuwa kataa
    karanne nehe,prajaatantrawaadaya tiyena 1 ka muslim tatak kiyapiya balanta,topi okkoma isis
    trastawaadiyo,

  6. Gnanapala Modapola says:

    මාත් හිතුවා. රනිල්(නූතන බොකාසා)අගමැට්ටෙක් වලා ඉන්නෙ මොකද කියල.ඌ දේශපාලනේට ආගම වෙනස් කරපු එකෙක් මිසක බෞද්ධයෙක් නෙවෙයි නෙව.
    (අනේ නරියෝ උඹ ඇත්තටම බුද්ධාගම කියන්නෙ මොකක්ද කියල දන්නවද?)

Main News