බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..

August 21, 2018 at 12:40 pm | lanka C news
බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූධානමක් පවති.

මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කෝවිල් ඉදිකිරීම සඳහා වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත.

එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරා ගැනීමට කෝවිලක අවශ්‍යතාවය මතුව තිබෙනා බවටයි.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හදුණාගෙන ඇති අතර එය තවුරු කිරීමක්ද සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇත.

යුද්ධය නිසා එම පළාත් වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම් වල අයිතියට පත්ව තිබෙන බවටත් නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල අතීතයේ දන්තධාතූන් වහන්සේද වැඩම කරවීමේ ගමන්මාර්ගයේ එක් සන්ධිස්ථානයක් බවටද වවුනියාවේ බෞද්ධ බැතිමතුන් කියා සිටිති.

බෞද්ධ නටබුන් සහිත ස්ථානයට වර්තමානයේදී සිදුවන විනාශය වහාම නවත්වා බෞද්ධ නටබුන් ආරක්ෂා කිරීමේ වැඩපිලිවලක් දියත් කල යතු බවටද වව්නියාවේ බෞද්ධ බැතිමතුන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,442 Viewers

5 Comments to “බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..”

  1. Saradiel says:

    යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැළයක් තුළින් බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක් හමුවී ඇතැයි යාපනය පුරාවිද්‍යා කාර්යාලය ප්‍රකාශ කර ඇත.

  2. Love nature says:

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු පළාතේ සිදුකොට ඇති කැණීම් අනුව මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ වැඩ සිටි බව පැහැදිලිය. මාන්තායි හා කන්දරෝඩෛ පුරාවිද්‍යා ස්‌ථාන වලින් ලැබෙන සාධක අනුව ක්‍රි. පූ. පස්‌වන සියවසට අයත් පාත්‍රා කැබලි හඳුනාගෙන තිබේ. ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මතය අනුව ඒවා භික්‌ෂූන් විසින් පරිහරණය කරන ලද පාත්‍රා කැබලි වෙයි. ඒ අනුව බුද්ධ කාලයේ සිටම මෙම ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලා වැඩ සිට ඇත.

    ජනප්‍රවාදයට අනුව මෙම ස්‌මාරක ස්‌ථානය බුදුන් වහන්සේ විසින් ද පරිහරණය කර ඇත. චූලෝදර, මහෝදර නා රජුන් අතර හට ගැනුණුq අර්බුධය විසඳීම සඳහා ලක්‌ දෙරණට අනාරාධිතව වැඩමවන උන්වහන්සේ එම ගැටුම විසඳාලයි. මෙසේ බුදුන් වහන්සේ වැඩම වන්නේ නාගදීපයටයි. (මහාවංශය – හික්‌කඩුවේ සුමංගල බටුවන්තුඩාව, පළමු පරිච්ඡේදය 45 වන ගාථාවේ සිට 70 ගාථාව දක්‌වා) මණිඅක්‌ත නා රජුගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ ලක්‌දිවට වැඩම කර මෙම භූමියෙහි පූජාසන ස්‌ථාන සමාධි සුවයෙන් ස්‌පර්ශ කරති. (මහාවංශය – පළමු පරිච්ඡේදය 71 ගාථාවේ සිට 84 ගාථාව දක්‌වා)

  3. Fernando says:

    Uthuru Indian kaarayo dharmayak ewala mala aenayak.

  4. සීගිරි says:

    දැන් රටට පන්සල්,පල්ලි,කෝවිල් හොඳටම ඇති !!!!!
    දැන් අපට අවශ්‍ය කර්මාන්තශලා,ගොවිබිම්,දුම්රිය මාර්ග,හොඳ පාසැල්,විශ්ව විද්යාල.
    ඕනෑවට වඩා ආගම පසු පස ගියොත් විනාශය තමා.
    අර චීනයේ වගේ සියලුම ඉඩම් වල පවුද්ගලික අයිතිය නැති කරලා ඉඩම් රාජ්‍ය දේපල බවට පත් කල යුතුයි…නිජබම් සංකල්පයත් වෙනම රාජ්‍ය හැදීමේ ගායත් සනීප කරන්න පුලුවන් එහෙමයි.

Main News