බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ…

November 12, 2016 at 4:06 am | lanka C news
බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ…

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිශ්පාදනය කෙරුණු “සයපෙති මල් – prangipani“ නම් චිත්‍රපටයත් දිවයින පුරා සිනමා ශාලාවල මේ වන විට ප්‍රදර්ශනය කෙරෙමින් පවති.

බෞද්ධ විහාරස්ථානයක් පසුබිම් කරගෙන තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවන අස්වාභාවික විකෘති කාමුක සබදතාවයක් තේමාකරගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය හරහා බෞද්ධ සමාජයත් සංමලිංගිකත්වයත් බෞද්ධ භික්ෂුවගෙන් සමලිංගිකත්වයට හා LGBT සංකල්පයන්ට ලැබෙන සහයෝගයක් මවා පාන්නට අධ්‍යක්ෂවරයා පිළිකුල් සහගතව ක්‍රියාකර ඇති බව පෙනී යයි.

බෞද්ධ සංකේත විශාල ලෙස යොදා ගනිමින් ඒ සමඟම සංමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් Transgender and LGBT Rights ප්‍රවර්ධනය කර බෞද්ධ සමාජය ඊට පොළඹවන සුළු ගතියක් චිත්‍රපටය පුරාවටම ඇති අතර මෙලෝ ආකාරයක රස වින්දනයක් ඇති නොවන ඉතාමත් පහත් පෙලේ නිර්මාණයක් ලෙස පහසුවෙන් හඳුනාගත හැක. චිත්‍රපටයේ රගන බෞද්ධ භික්ෂුවගේ චරිතය දිහාද බැලූ බැල්මටම පෙනෙන්ට ඇත්තේ සමලිංගික ඉරියව්වකි. බෞද්ධ නොවන බහුතරයක් එක්ව නිර්මාණය කළ මෙහි ඍජු අරමුණ ලෙස සමලිංගිකත්වය ප්‍රවර්ධනය හා බෞද්ධ සමාජය හෑල්ලුවට ලක් කිරීමත් මත් ද්‍රව්‍ය බෞද්ධ සමාජය තුළත් සමලිංගික ප්‍රජාව තුළත් සාමාන්‍ය දෙයක් බව පෙන්වීමත් අරමුණු කොට ඇති බව නිරීක්ෂණය කළ හැක.

සමලිංගික සේවනය/බහුලිංගික සේවනය සමාජ සම්මතය විසින්ද පිළිකුළ කරන අසම්මත දුරාචාරයක් ලෙස සැළකෙන අතර එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ අගයන්ටද ඉදුරාම පටහැණි ව්‍යභිචාරයකි. සමලිංගික ක්‍රියාවල් සහ ප්‍රවර්ධනය නීති විරෝධි ක්‍රියාවන් ලෙස ලංකා නීති පොතේ ඇතත් රජයේ චිත්‍රපට සංස්ථාවේ රැගුම් පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අවසරය ලබා දී ඇත.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ විශාකේෂ චන්ද්‍රසේකරන් නමැත්තා පවසන්නේ පසුගිය රජය යටතේ රැගුම් පාලක මණ්ඩලයෙන් මෙම චිත්‍රපටයට අවසර නොළැබෙන බව දැන සිටි නිසා, නව රජයේ රැගුම් පාලක මණ්ඩලයක් යටතේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබෙන තුරු කල් බලා සිටි බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා දැන් හොදම අවස්ථාව උදාවී ඇති බවයි.

– colombotoday

41 views

18 Comments to “බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ…”

  1. සමීර says:

    අනිවාර්යයෙන්ම අව-මංගලයා මේ ජඩ චිත්රපටිය ප්‍රදර්ශනයට අනුමැතිය ලබාදෙන්න ඇති.

    • Reality says:

      සමහර බෞද්ධ භික්ෂූන් සමලිංගිකත්වයට හා LGBT සංකල්පයන්ට “ප්‍රායෝගිකවම” මාර සහයෝගයක් දෙන්නේ බෞද්ධ විහාරස්ථාන තුලදීම. ඕකයි යථාර්තය!

      https://archive.org/details/kanduboda

    • Champa says:

      තුක් විතරක්. අන්තිම අප්‍රසන්නයි.

      කෝ යකෝ මේ රටේ හාමුදුරුවරු? බෞද්ධ සංස්කෘතිය විනාශ කරන දේවල් වලට විරුද්ධවත් කට අරින්න නැත්තේ, ඇමතිවරු වගේම ආණ්ඩුවෙන් අල්ලස් අරන්ද?

      මේ රටට බුද්ධ ශාසන ඇමතියෙක් නැද්ද? මේ බෞද්ධ රටේ බෞද්ධාගමට අපහාස වෙන මේ චිත්‍රපටියට අවසර දීපු එවුන් ඔක්කොම සමලින්ගිකයෝද?

      අනාගාමික ජනාධිපති කෙනෙකුයි, අනාගාමික අගමැති කෙනෙකුයි, වසල ආණ්ඩුවකුයි මේ බෞද්ධ රට විනාශ කරනවා. හාමුදුරුවරු කට වහන් ඉන්නවා.

      බෞද්ධ සංස්කෘතියට අපහාස කරන මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම වහාම නැවැත්විය යුතුයි.

      ආණ්ඩුව සමලිංගික වුනාට මේ රට සමලිංගික රටක් නෙමෙයි. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න මුන්ට ඉඩ දෙන්න එපා.

      අන්තිමට කියන්න තියෙන්නේ “අනේ, මහින්ද නැති ලංකාව” කියලා.

      සිරිසේන මේ වගේ පහත් වැඩ වලට උදව් කලාට, බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ඉඩ ප්‍රස්ථා සලස්වලා දුන්නට, මහින්ද හිටියා නම් මේ වගේ පහත්, පිළිකුල් සහගත චිත්‍රපටි පෙන්වනවා තියා, එහෙම කරන්න කිසි කෙනෙක් හිතන්නෙවත් නැහැ.

      • kumdhar says:

        චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙහෙම කියා තියෙන එකෙන්ම තේරෙනවනේ, ඇයි ඔහු මේ නපුංසක ආණ්ඩුව එනකම් හිටියේ කියල….

        “චිත්‍රපටයේ අධ්‍යක්ෂ විශාකේෂ චන්ද්‍රසේකරන් නමැත්තා පවසන්නේ පසුගිය රජය යටතේ රැගුම් පාලක මණ්ඩලයෙන් මෙම චිත්‍රපටයට අවසර නොළැබෙන බව දැන සිටි නිසා, නව රජයේ රැගුම් පාලක මණ්ඩලයක් යටතේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබෙන තුරු කල් බලා සිටි බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා දැන් හොදම අවස්ථාව උදාවී ඇති බවයි.”

    • leel says:

      බෞද්ද ආගම රකිනව කියල දියුරපු රටේ ජනපති ලොක්ක තව ටිකකින් කියයි “ආ මන් ඔයටික දැක්ක පත්තරෙන්” කියලා….නැතිනම් කියයි” බලන්නකො අපේ හාමුදුරුවනෙ…ඔය කතාව මමත් පත්තරෙන්නෙ දැක්කෙ” කියල…..

  2. Asitha says:

    Main actors Ranil and Mangalika. .

  3. sisira says:

    සාදු සාදු සාදු ! රනිල්,මංගල ,අකිල,සාගල, ටොමී සරනං ගච්චාමි!

    • Alapaluwa says:

      මේවා මේහෙම වෙනෙඒක එතරම් සිතට ගතයුතු දේවල් නොවේ මොකද ධර්මදිපය අපේ රටෙන් ගිලිහිගොස් බොහෝකල් දැන් කලිනයුගයේ පවතින්නේ නපුංසක රාජ්ජයක නපුංසකයන්ගෙන් පිරිපුන් පාලනයක් ඉතින් මේවා මේවිදියට බාරගන්න ටෝයියන්ට සතුටු ඇතිනේ.ඒකනිසා අපි ඉවසමු කොමේ අමුදවල් හොරකපු අයට නීතිය ක්‍රියාකරන්නේ නැද්ද? මාමා බැනලාට කෝටිගණන් වියදම්කර SUV අරගෙන දෙන යුගයක නොවැ අපි ඉන්නේ. අපිට ඉතින් හීනෙන්වත් කාර් එකක් ගන්න ලැබෙන්නේ නැ මේක හැමදාකටම හීනෙනුත් එහා ගිය හීනයක් වේවි අපිට. Donald Trump දිනපු එක මට පුදුම සතුටක් කියා නිමාකරගන්න බැ දැන් මම බලාගෙන ඉන්නේ විජිතමුණිගේ ඊළඟ අනාවැකිය හරියනකම් අපි බලමුනේද එදාට දාමු හොඳ ලොකුවෙන් පාටියක්

  4. කොළොම්බස් says:

    චිත්‍රපටිය හැදුවට පස්සෙ වාරණ, කප්පාදු, තහනම් කරනවාට වඩා ඉස්සෙල්ලාම ස්ක්‍රිප්ට් එක අනුමත කර ගතයුතු වැඩ පිලිවෙලකට ගියොත් නරකද?

  5. damith says:

    It is a human right

  6. Xman says:

    This is the reality all churches and Buddhist temples are heaven for gay son of bitches, also pedophile criminals,

  7. TM says:

    It is not against our culture or Buddhism to be gay. Buddhism is the only religion which does not condemn homosexuality. It is not a choice. People are born that way whether we like it or not.
    Buddhism is about Kindness, Tolerance, Compassion etc.. not about condemning people because they are born gay.

    • Champa says:

      No, that is not true.

      In Buddhism, homosexuals come under “Pandakas” who are regarded as sexual non-conformists and not allowed to ordained.

      Don’t get the religion involved in this. Promoting homosexuality is against our social norms. In Bible, homosexuality is regarded as abomination (Lev. 18:22). In Islam, it is a definite no, no. The God has created man and woman, not man and man or woman and woman. If one has to go against the “natural law”, due to psychological and hormone deficiency or surplus, then they should make sure to do that in private not in the open as it is regarded in our society as social misconduct.

      It is common to see in the States and elsewhere gay people misusing the teachings of the Bible and Lord Buddha to their own advantage, but that doesn’t mean that what they try to portrait is true.

  8. Prasad says:

    ඔය Reality කියන මහත්තයා දන්නේ නැත්නම් දැනගන්න. උඹේ ඔය කියන යතාර්ථය කතෝලික පල්ලි වලත්, මුස්ලිම් පල්ලිවලත් හොඳට තියෙනවා. තෝ වගේ අසමජ්ජාති කොන්ද පණනැති එවුන්ට පෙන්නේ පන්සල්වල ඒවා විතරයි.

Main News