අලුත් පොකුරෙන් රටම අමාරුවේ.. ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.. පොලිසීය තොරතුරු ඉල්ලා ප‍්‍රසිද්ධියේ යදිති..

October 6, 2020 at 10:26 pm | lanka C news
අලුත් පොකුරෙන් රටම අමාරුවේ.. ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.. පොලිසීය තොරතුරු ඉල්ලා ප‍්‍රසිද්ධියේ යදිති..

දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් සමාජය බරපතළ අවදානමකට වැටීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි.

ඊට හේතුව වී ඇත්තේ එම ඇගළුම් කම්හලේ ආසාදිත සේවක සේවිකාවන් තමන්ගේ ආශ්‍රිතයන් හෙළි කිරීමට දක්වන අධිකම අධික මැලිකමයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් තාක්ෂණය ඔස්සේ සොයා ගැනීම ද අපහසු වී ඇත.

මේ ආකාරයේ තොරතුරු හෙලි නොකරන කොරෝනා පොකුරක් හමුවූයේ පලමු වතාවට බවද සෞඛ්‍ය බලදාරීන්ගේ අදහසයි.

මේ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රසිද්ධියේ එම ආසාදිතයන් ගෙන් ආයාචනා කර සිටියේ තමන් පසුගිය දිනවල ආගිය තැන් සියල්ල කිසිවක් නොවලහා ප්‍රකාශ කරන ලෙසයි.

නීති විරෝධී ස්ථානයන්ට හෝ රහසිගත ඇසුර වලට යොමු වුවද ඒ සියල්ල වහා හෙළි කරන ලෙසත් ඒ සියල්ලේ රහස්‍යභාවය රකින බවත් ඔහු සඳහන් කළේය.

නීතිවිරෝධී ස්ථානයට ගිය බවක් පැවසුවේ යයි ඒ කිසිවකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් නොකරන බව ද පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ වන විට බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිත ප‍්‍රමාණය 700 ඉක්වමා ගොස් ඇත.

93,139 views

23 Comments to “අලුත් පොකුරෙන් රටම අමාරුවේ.. ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.. පොලිසීය තොරතුරු ඉල්ලා ප‍්‍රසිද්ධියේ යදිති..”

  1. ❤💙💚💛💜 says:

    please tell us about those secret places.we also like to attend those places

    • උස සිකුරුටි මිටි කම්කරු says:

      වේශ කමේ ගිය ගාර්මන්ට් වේශියෝ තව හංගපල්ලා… ඕකුන්ගේ අහවල් තැන් පුච්චලා දාන්න ඔනේ… ජංගි මහලා වේශකමේ ගිහින් රටම විනාශ කරනවාට..

      • ඇත්ත says:

        ඒකෙක් දෙන්නෙක් වැරදි කරා ලියලා ඔක්කොම බනින්නෙ ඇයි?

      • CM says:

        Kauda me modaya Garment rassawata benala wedak ne miniho a minissu pagaa aragena Horakan karala salli hoyana minissu nemei mahansi wela hoyanne. wereddak una nan a manussayata benapan achcharai
        Garment kiyanne lankawata Vidsa vinimaya genath dena rassawak

    • බය්ය says:

      Plz කතා හරියන්නේ නෑ… කියන්නේ නැති එවුන්ට නීතිය ක්‍රියාත්මක කරන බව දැනුම්දිය යුතුය…
      නැත්නම් රටම ඉවරයි. ..

  2. සීතා ම්බර කුඩේ says:

    කමල් ස’ගේ ටෙලිපෝන් එක නැතිවෙලාද?

  3. අබරන් ආතා says:

    ආණ්ඩුවේ රෙදි අප්පුල්ලන්න ගිහින් පිචන් වෙලා කුජිත වෙලා අසරණ වෙච්ච පොලිසියේ කෙනෙක් මම මේ දැක්කමයි. මේ වගේ ලැජ්ජාවක් නැති නිලධාරියෝ ඉන්නවනම් ඉතින් මොනා කොරන්න බැරිද ? දැන් බලන් ඉන්න කට්ටිය පෝලිමේ ඇවිත් කොටු පැනපු විස්තර, මසාජ් පාලර් වලට රිංගපුව , හස්බන්ඩ් නයිට් කරනකොට අල්ලපු ගෙදර අය්යව ගෙන්න ගත්තුවා, මැනේජර් ල මැෂින් ඔපෙරෙටර්ස් ල උස්සපුව එහෙම ඇවිත් පොලිසියට කියනකම්. බුද්ධි අංශය බුදිද නැත්නම් බුද්ධිය නැද්ද ?

    • නිමල් says:

      අබරන් ට නම් පිස්සු. රටේ බුද්දි අන්ශය ඉන්නේ උබේ අම්මා , නන්ගි, ගෑනී බුදියන්නේ කාගෙත් එක්කකද නැතිනම් උබ බුදියන්නේ ගෑනියක් එක්කද, මිනිහෙක් එක්කද කියලා හොයන්න නෙවේ බව උබ දන්නැතිද?

  4. Nuwan says:

    Thorathuru (information ) heli nokarana rogeenta prathikara karanna epa

  5. sinhale le says:

    ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් සමාගම් දෙකක් වන මාස් (MAS) සහ බ්‍රැන්ඩික්ස් (Brandix), සුළු ජාතීන්ට අයිති පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් බෞද්ධ රටකි. බ්‍රැන්ඩික්ස් (Brandix) සමගමේ හිමිකම මුස්ලිම් පවුල් සතු වන අතර මාස් (MAS) සමගමේ හිමිකම හින්දු පවුල් සතු වේ.

    • සමන්ත says:

      MAS ආයතනයේ හිමිකාරත්වයට ඇත්තේ ඉන්දියානු ජාතිකයින්ට.

    • ශිරාන් says:

      සිංහල කියලා කම්මැලි කමේ නිදාගෙන ඉදලා දැන් කුහක කමට කතා කියපන්.
      ඔච්චර අමාරුවක් තියවනම් කැපකිරීම කරලා ඒවගේ දක්ෂ වයපාරිකයෙක් වේයන්

    • Saman says:

      ගොබ්බ ගොන් බයි සිංහලයන්ට පුළුවන් රජයේ පින් පඩි රැකියා ඉල්ලන්න විතරයි. මේ වගේ ව්‍යාපාර අරම්භ කරන්න බෑ.

  6. Don sarath says:

    ගාමන්ට් වල කටුක සත්‍යය යතාර්ථය මෙයයි. හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන්න කාලය හරි.

  7. Kalana says:

    Brandix branches walath check karanna… Meka ungema plan ekakuth wenna puluwan

  8. lotus says:

    Koranna puluwan kiwwa neda?

  9. Wijedasa R says:

    රහස්‍යභාවය කොහේ රකිනවද ? මුන් කැමරමන්ලා එක්ක ඇවිත් හවස ඔක්කොම tv නිවුස් වලට දාලා ලැජ්ජා කරනවා. ඊට පස්සේ පාරේ බැහැලා යන්න බැහැ. ගෙවල් වල කුස්සි කක්කුස්සි නිදනකාමර පවා නිවුස් වලට පෙන්නනවා. හොඳ වැඩේ මුන්ට දැන් ඉතින් හොයාගන්න එක ලේසි නැහැ

  10. උපාය දූත says:

    මේ අය එකට තබා පොඩි කොලයක් පුරවන්න දෙන්න. අහන්න ඔබ අවට මිනිසුන් යාවි යැයි සිතන රහස්‍ය ස්ථාන නම් කරන්න වාගේ ප්‍රශ්ණ. උත්තර පෙට්ටියකට දාන්න දෙන්න

    • rasi says:

      තරහ කාරයෝ ඔක්කොගෙම නම් ලියලා පෙට්ටියට දාවි .