බ‍්‍රැන්ඩික්ස් පොකුර තව ලොකු වෙයි..

October 20, 2020 at 8:02 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් පොකුර තව ලොකු වෙයි..

අද පෙරවරු 5.30 න් අවසන් වූ පැය විසි හතරක කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 87 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව ඇති වී තිබෙන පොකුරෙන් අද උදෑසන විට වාර්තා වන ආසාදිත ප්‍රමාණය 2164කි.

ඉන් 1041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් 1123 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතවය.

මේ වන විට පුද්ගලයන් 8623 දෙනකු හමුදාව විසින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයේ යෙදී සිටී.

20,851 views

One Comment to “බ‍්‍රැන්ඩික්ස් පොකුර තව ලොකු වෙයි..”

  1. senanayake says:

    awlak ne. samajaye newei.

Main News