බ‍්‍රැන්ඩික්ස් පොකුර පාලනයේ.. – PHI සංගමය

October 17, 2020 at 3:26 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් පොකුර පාලනයේ.. – PHI සංගමය

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ මූලික කරගෙන ඇතිවූ කොරෝනා පොකුර යම් තරමකට පාලනය වෙමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහා සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපය අවට කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබීම අවදානම් සහගත තත්ත්වයක් බවයි.

එසේ නමුත් මෙම තත්ත්වයන් පාලනය සඳහා වූ උපරිම උත්සාහයක් දරමින් සිටින බව ද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය වලට තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට කරමින් ලිපියක් නිකුත් කර ඇතැයිද පැවසූ ඔහු වෘත්තිය සමිතිවල අදහස් පළ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නොහැකි බවත් කියා සිටියේය.

කෙසේ නමුත් කොරෝනා ව්‍යාප්තිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට භාවිත නොකරන්න දෙසද වෘත්තීය සමිතිවලින් ඔහු ඉල්ලා සිටියේය.

30,410 views

2 Comments to “බ‍්‍රැන්ඩික්ස් පොකුර පාලනයේ.. – PHI සංගමය”

  1. Land Of PNs says:

    වඩින්න මැතිදුනේ !!
    ඔබ පොම්පියෝ මුන් පිම්පියෝ
    මෙම මස අවසාන සතියේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණීමට නියමිත බව දැනගන්නට තිබේ.
    ජනයාග‌ෙන් හා වාහන වලින් නගර, ගම්, වීදි හිස් කර පොම්පියෝ උතුමානන්ට රිසිසේ සැරිසැරීමට සුදුසු වටපිටාව සැකසීමට කොරෝනා පොකුරු මතු කරමින් ස්වභාවධර්මයාද ද‌ෙන්නේ අරුම-පුදුම සහයකි.

  2. felix says:

    MUNTA RAJAYA KIYANNA KEEWA SE THAMA ME KIYANNE

Leave a Comment