බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

October 18, 2020 at 9:20 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා වෛරසය සමාජගත වන්නේ ද නැද්ද යන්න තීරණය වන තීරණාත්මක සාධකය වන්නේ මහ ජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන හේතුව මහජනතාවගේ අනාරක්ෂිත කිරීම බවද ඔහු පැවසීය.

බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවේ ඇති වූ ලොකුම පොකුර වීමට එක් හේතුවක් වන්නේද ‍සාමාන්‍ය ජනතාවට අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් කොතරම් උපදෙස් දුන්න ද තමන් ආරක්ෂා විය යුතු බවට ජනතාව තුළ මතයක් නොතිබූ බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව තවදුරටත් වගකීමකින් තොරව කටයුතු කළහොත් කොරෝනා සමාජගත වී ඇතැයි ඉදිරියේදී නිවේදනය කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.

තොතරම් නීති ගෙනාවා ද වෛරසය පාලනය කිරීමට ජනතා සහාය අත්‍යවශ්‍ය බවද කියා සිටි ඔහු එනිසා සියලු දෙනාම අනිවාර්යෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද පැවසුවේය.

27,437 views

15 Comments to “බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක”

  1. sam says:

    බ්‍රැන්ඩික්ස් පොකුර මේ තරමට වැඩිවීමට ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ, එකේ තියෙන central Air Conditioning system එක. මේ නිසා එක තැනකින ගන්න වාතය යලිත් duct ලයින් එක හරහා ගිහින් සිතල වෙලා ෆැක්ටරියේ අනිකුත් තැන වලටත් බොහොම පහසුවෙන් ගමන් කරනවා. මේ නිසා එක අයෙකුගේ තියෙන වෛරස් බොහොම පහසුවෙන ෆැක්ටරිය පුරාම පැතිර යන්න හරිම ලේසියි. මේ වගේ අවස්ථා වලදී විසබීජ duct ලයින් එකෙන් පැතිරීම වැළැක්වීමට “hepa” ෆිල්ටර් වර්ගයේ ෆිල්ටර් දැමීම කල හැකියි. එහෙම උනාම මේ විධිහට වෛරසය හතර අතේ පැතිරීම වැලක්වීමට පුලුවන්. අනික් මේ duct ලයින් එක ඇතුලේ UV ලයිට් වලින් සමන්විත chamber එකක් දැම්මහම, ඒ තුලින් වෛරස ගමන් කිරීමේ දී වෛරසය විනාශ කිරීමට හැකි වෙනවා. කොහොම හරි මේ ගැන මිට කලින් සෞඛය බලධාරිනව දැනුවත් කරත්, ඒ අය ඒ ගැන තියෙන උදාසීන බව නිසා තමයි, මේ විදිහට central AIR Conditioning තියෙන තැන වල කොවිඩ් පැතිරීම වැඩි වෙන්නේ. අනික තමයි බොහෝ study වලදී අහුවෙලා තියෙනවා indoor එහෙම නැත්තම් ගෘහස්ත ස්ථාන වලින් තමයි මෙමෙ covid -19 පොකුරැ පැන නගින්නේ කියල. මේ study ගැන මිට වඩා හොදින් සොයා බැලීම තමයි කල යුත්තේ.

  2. සමනලය says:

    ඉස්සර මිනිසුන් පරිස්සම් වුනේ ලොව හොදම සෞඛ්‍ය පහසුකම් ඇති ඉතාලියේ මෙච්චර කොරෝනා නිසා මිනිසුන් මැරෙනවා නම් ලංකාවට එහෙම වුනොත් අබ සරණයි කියලා හිතලා මිසක් පරිස්සම් වෙන්න ඕනේම කියලා හිතලා නෙමේ. ඒත් දැන් පෙන්වන්නේ වසරකට දහස් ගණනක් විවිධ හේතු නිසා මැරෙන ඉන්දියාව නිසා මිනිසුන් කොරෝනා ගණන් නොගෙන ඉන්නවා.

  3. ජානක says:

    දැන් ඉතින් ජනතාවට බොලේ පාස් කලහම ඔක්කම හරි. අනිත් ඔක්කම බබාලා

  4. sunimal says:

    බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සේවකයන් කියන්නේ සමාගම රෙදි ගෙනාවේ ඉන්දියවෙන්ලු ඒ ගැන ඇයි කතා නොකරන්නේ වැසිකිලි අපිරිසිදුලු දුරස්බාවයක් නැතිලු මේවා ගැනත් ටිකක් කියන්න..

Leave a Comment