බ‍්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති

October 9, 2020 at 10:40 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති

බ‍්‍රැන්ඩික්ස් ආයතනයෙන් සැප්තැම්බර් 22 ගුවන් යානයට පෙර තවත් ගුවන් යාන දෙකකින් ඔවුන්ගේ සේවකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ජුනි මස 25 වනදා 190 දෙනෙකුත් අගෝස්තු මස 08 වැනිදා තවත් එක 125 දෙනෙකුත් මෙසේ ගෙන්වූ බවත් ඒ මහතා පැවසීය.

ජූනි 25 පැමිණි ගුවන් යානයේ කොරෝනා පරීක්ෂණ සිදු කරද්දී 09 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වූ බවත් අගෝස්තු 08 පැමිණි ගුවන් යානයේ පැමිණි අය නිරෝධායනය අතරතුරදී පරීක්‍ෂා කරද්දී කොරෝනා ආසාදිතයෙක් තහවුරු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

එම ගුවන් යානා දෙකේම සියලු පුද්ගලයන් නිරෝධායනයන සම්පූර්ණ කරන ලද බවත් ඔහු පැවසුවේය.

එමෙන්ම සැප්තැම්බර් මස 22 වන දින පැමිණ ගුවන් යානයේ පැමිණි 48 දෙනාගෙන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොතිබුනු බවත් ඔවුන් නිසි පරිදි දින 14ක නිරෝධායන කටයුතු අවසන් කරන ලද බවත් ඔහු තව දුරටත් පැවසීය.

හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.

97,628 views

16 Comments to “බ‍්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති”

  1. Gota says:

    Hamudapathi ilaga chandeta lasthi wenawa wage. Ohoma yan. Minissu marunath momada media show damu.

    • 2015 මීහරකා says:

      හොඳ දේට කටත් අනිකත් වහගෙන ඉන්නත්, අනිත් සියල්ලටම සෘණාත්මක ප්‍රතිචාර දක්වන්නත් අපේ ගොං ගොයියො හරිම හපන්.
      මෙි බෙදීම තිබෙන තාක් අපේ මේ සුන්දර රට ඉදිරියට නොව වලපල්ලටම යෑම නැවැත්විය නොහැක.
      🐮

  2. Kasun Perera says:

    ඔයාල කියන දෙයක් තමා ඉතින්…ඔයාල කියනව අපි අහනව😊😊😊

  3. බන්ඩා says:

    බ්‍රරැන්ඩික්ස් ලංකාවට විශාල විදේස විනිමය ගේන එක ඇත්ත. ඒවගේම ලංකාවට කොරෝනා රැල්ලක් ගෙනාවෙත් බ්‍රරැන්ඩික්ස්ම තමය්. බ්‍රැන්ඩික්ස් මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුව තිබුනා.

    • කාන්තාර පළඟැටියා says:

      මෙවැනි වසංගත තත්වයන් වලදී මෙවැනි දේවල් සාමාන්‍ය දේවල්. පෞද්ගලික රෝහල් මාර්ගයෙන් මේ ආව අයගෙ PCR පරීක්ෂණ කරපු එක වැරදියි.

  4. Buwa says:

    ow eeye hina wewi programme eka karapu widiya komada…Gaanakwath na wage…Lanawata wenna yanne Americawata una eke anik eka

    • බ්‍රාහ්මණ පුක්කුසාති says:

      ඔහේ කියන්නෙ , මලගෙදරක වගේ අඬ අඬ , වැලැපි වැලැපි , පොලොවෙ හැපි හැපි ඒ විස්තර කියන්න ඕනෑයි කියලද එතකොට ? රනිල් හාමු ඇතුලු ජ.වි.පෙ නඩය උන්නා නම් මේ වෙනකොට ඇමෙරිකානු වෛද්‍ය බලකාය මෙහෙ ගොඩ බස්සවගෙන තමා

    • godaya says:

      owu api ithaliyata, engalantheta hinawuna tikak wadiyi. e ratawaslata me wage dewal walata muhuna denna hoda aarthika shakthiyak thiyenawa. apita ithin chinen higa kanna thamayi wenne.

  5. Sunil says:

    රටේ සෞඛ්‍ය ගැන තීරණ ගන්නෙ හමුදාවෙන් ද?

    • වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

      රටේ පරිපාලනමය , සංවර්ධනමය සම්බන්ධ බොහෝ තීරණ හමුදාවෙන් ගත්ත නම් මෙලහට මේ රට සෑහෙන්න දියුණුයි .
      අඩුම ගානේ අවුරුදු 20 ක් වත් ත්‍රිවිධ හමුදාවේ උදව් ගෙන රට දියුණු කරන්න ඕනෑ

    • OLU says:

      හමුදාවෙන් රටේ සෞඛ්‍ය ගැන තීරණ ගැනීම අවුලක් නොවේ එය රටේම යහපතක් ..අපේ රට දියුණු කිරීමට නම් අපේ ත්‍රිවිධ හමුදාවේම සහය අවශ්‍යයි
      මේ රටට සැබෑ සාමය ගෙන දෙමින් ති‍්‍රවිධ හමුදා සහ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්‍ෂක බළකාය ඇතුළු විරුවන් ඒ නිදහස රටට දිනා දුන්නේ ඉකුත් 2009 වසරේදී. එහෙත් ඉන් වසර පහක් පමණ ගෙවී යද්දී රණවිරුවා බොහෝ මිනිසුන්ට අමතක වූහ.
      පසුගිය යහ පාලනය තුළ රට බේරාගත් විරුවන්ට මිනීමරු ලේබල් ඇලවෙද්දී පැහැදිලිවම සිදුවූයේ එකී අමතක කිරීම නොවේද? අවසානයේ අබාධිත රණවිරුවන් මහපාරේ විරෝධතා දක්වන තැනටම සියල්ල සිදුවිය. පොදු සමාජයේ ඇතැමුන්ගේ සහ කුහක දේශපාලනයේ හැසිරීම එසේ වුවද විරුවෝ කිසිදා උපන් බිමත් ජනතාවත් වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමට අමතක නොකළහ. කුහක /ගුණමකු මිනිසුනේ හමුදාවෙන් අපේ රටට සිදුවූ/සිදුකල මෙහෙය අමතක නොකරව්

  6. Channa says:

    Did Chinese delegation completed quarantine procedure duly? Can Army commander ensure it?

  7. gamarala says:

    තෙල් නැවේ ගින්නත් ඉට පසු කොරෝනාවත් ටිකක් සැක සහිතයි.

    • ඩී says:

      ඔව්, මට නම් දෙවැනි පාර කොරෝනා එන්න ඉස්සෙල්ලාම ඔය ගැන ලොකු සැකයක් ආවා. කොමෙන්ට් එකකුත් දැම්මා. රටවල් කිහිපයක්ම බලා ගෙන ඉන්නේ රට වැටෙනකම්. ණය අහස උසට. ගෙවන්න බැරි තත්වයක් රටේ ඇතිකලහාම රට surrender. ඉතිරිටිකත් එ අයටම දෙන තත්වයක් උදා වේවි. මිනිස්සු ගැනනම් පව් කියලා හිතන්න බැහැ පියවිඇසින් කාරනා දිහා නොබලා වැඩ කරන නිසා. බලය ඇති අයගේ තන්හාවට රුකුල් දෙනවා.

  8. ඩලා says:

    ඔබ කරන සේවාව අගයනවා. නමුත් වැඩි කාලයක් අවංකව ඔය සේවාව කරන්න ඉඩ දෙන්නේ නැහැ. ලොකු පුටු ඔබට පරුශ වචනයෙන් බනින ටේප් එකක් ලීක් උනා මාස කිහිපයකට පෙර. ලොකු පුටු කියන දේ ගිරව් වාගේ කියන්න සිද්ද වෙන බව පේනවා.වංක අයට ඕනේ හම ගියත් බලයේ ඉන්න. ඕක නොවෙයිද හැමෝම කලේ. බැනලා කොමෙන්ට් දාන්න ඉන්න අය අනෙක් ආන්ඩු කාලේ කල දේවල් ආවර්ජනය කර ගන්න. මට පක්ශ අදාල නැහැ.

Main News