බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සැගවෙති.. අල්ලන්න බුද්ධි අංශ යොදවයි.. කිසිවෙකුට නිවසේ ඉන්න බෑ.. හමුදාපති දැනුම් දේ..

October 7, 2020 at 9:20 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සැගවෙති.. අල්ලන්න බුද්ධි අංශ යොදවයි.. කිසිවෙකුට නිවසේ ඉන්න බෑ.. හමුදාපති දැනුම් දේ..

නිරෝධානය සඳහා යොමු කිරීමට අවශ්‍ය නමුත් එය මග හැර සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් වහාම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඒ සදහා යොදාවන ලෙස ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් පිරිසක් නිරෝධායනය මගහැර සැඟවී සිටින බවත් හමුදාපතිවරයා පවසයි.

කොරෝනා පොකුර වාර්තා වූ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල හෝ රෝහල් වල මිස මේ මොහොතේ නිවාස වල නොසිටිය යුතු බවද ඔහු දැඩිව කියා සිටියේය.

මෙය ජාතික වගකීමක් සේ සලකා ආරක්ෂක අංශවලට දන්වා වහාම නිරෝධයට එවන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

එමෙන්ම නිරෝධායන මගහරින සේවකයන් සොයා බුද්ධි අංශ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.

66,742 views

30 Comments to “බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සැගවෙති.. අල්ලන්න බුද්ධි අංශ යොදවයි.. කිසිවෙකුට නිවසේ ඉන්න බෑ.. හමුදාපති දැනුම් දේ..”

  1. වීරයා says:

    නීතියට ගරු නොකරන සහ තමන්ගේ යුතුකම නොසලකා හරින අයට, බලය යෙදවීම හැර වෙනත් පිළියමක් නැත.

  2. දුටුගැමුණු says:

    පැය 24 ක් ඇතුලත භාර නොවුනොත් අල්ලා වසර 10 සිරගත කරනු. වැඩේ සිම්පල් !

  3. Red sea says:

    මුන් මුලු රටම අනතුරේ හෙලනවා. කොහොමහරි අල්ලලා අයුද පෙන්නන්න අරන් යන්නඕන.

  4. ASK says:

    Who are the culprits created the cause of this grave Issue? What are the flaws in the mechanisms?

Main News