බ‍්‍රැන්ඩික් ආසාදිත කාන්තාවට පෙර 33ක් රෝග ලක්‍ෂණ සහිතව ඉදලා..- හමුදාපති

October 14, 2020 at 1:20 pm | lanka C news
බ‍්‍රැන්ඩික් ආසාදිත කාන්තාවට පෙර 33ක් රෝග ලක්‍ෂණ සහිතව ඉදලා..- හමුදාපති

දියුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් පළමු වරට සොයා ගැනීමට පෙර කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන 33 දෙනෙකු එහි සිට ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව එම කර්මාන්තශාලාවට වෛරසය ඇතුළු වන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් 10 සහ 20 අතර කාලයේ දී බව ද ඔහු පැවසීය.

වෛරසය එම ආයතන පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකි බවද පැවසූ ඔහු එනිසා රෝග ව්‍යාප්තිය ආරම්භ වූයේ කොතන සිටදැයි ප‍්‍රකාශ කිරීම සාධාරණ නැතැයි ද සඳහන් කළේය.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල 10,500ක් සිටින බවත් තවත් දෙදහසකට නිරෝධායන පහසුකම් අළුතින් ඇති කර ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 96ක් ක්‍රියාත්මක වන බවත් නිරෝධායනය අවසන් කරන ලද පුද්ගලයන් 51000 සමාජ ගත කර ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

37,368 views

7 Comments to “බ‍්‍රැන්ඩික් ආසාදිත කාන්තාවට පෙර 33ක් රෝග ලක්‍ෂණ සහිතව ඉදලා..- හමුදාපති”

  1. කවීශ ලක්මාල් says:

    රටම කෑවේ Brandix ආයතනය. ලෙඩවෙලා ඉන්න මිනිස්සු බලෙන් ගෙන්නවා ගෙන්නවා වැඩ අරන්. සුපවයිසර් ගෙ ඉඳලා අධ්‍යක්ෂ දක්වා උන් සේරම හිරේ යවන්න ඕනි හැත්ත. කම්කරු නීති තවත් තද කරන්න ඕනි මේ වගේ කාලකණ්ණි ආයතන වලට විරුද්ධව

    • Darshana abayakoon says:

      ලොකේ හොදම බුද්ධි අන්ශෙ තිබ්බත් බ්‍රැන්ඩික්ස් එකට කොරොනා ආව විදිහ හොයා ගන්න නම් අමාරුයි ඉතිම්.

  2. Fernando says:

    good boy.

  3. Liyanage says:

    New regulations should be inacted or existing labour laws should be used to arrest Bradix Management for criminal negligence and violation of labour rights as the sick servants were reported to have been forced to work.
    What’s this delay to arrest them..?

  4. SL says:

    රෝග ලක්ෂණ තියෙනවනම් ,ඉක්මනින් උණ පැතිරෙනවා නම් ,මේ ලෝකේ සාමාන්‍ය බුද්ධියක් තියෙනවා නම් ,ඇඟලුම් කම්හලේ කාට හරි මේ ගැන නිසි බලධාරීන් ව දැනුවත් කරන්න තිබුන ,එහෙම කළා නම් හත්පොලේ ගෑවෙන්නේ නැහැ.

    කම්හලේ අයිතිකරුවන් ට වඩා අදාළ කම්හලේ බලධාරීන්,සෞක්‍ය සේවකයින් ,දොස්තරලා (හිටිය කියනවනේ ) මේ ගැන මොනවා හරි කරන්න තිබුන.වෙලාවට රජයේ රෝහලේ පරීක්ෂණයකින් අසුවුනේ ,එහෙම නොවුන නම් මීට වඩා තත්වේ භයානක වෙන්න තිබුන.

  5. ඇයි දෙයියනේ මෙහෙමත් කරන්නේ ….! එහෙම වුනාම, මෙතෙක් කල් ජනමාධ්‍ය වලින් තත්ත්වය දැනගෙනත්, ඒක වැඩිවෙන විදියට කටයුතු කරන්නේ .. ගෙදරට වෙලා ඉඳලම තමන් පරෙස්සන් වී, කොත්තමල්ලි ඉඟුරු වෙනිවැල්ගැට තම්බලා බී සුවෙන් ම ඉන්නෙත් තිබූ න නේදැ ??

  6. NAK says:

    Stern action should be taken against the management of the Barndix company for putting the whole country in danger rather than punishing the public for not wearing a mask. No body has contracted the decease ,so far, because they didn’t wear a mask.

Main News