භයානක කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක්.. බලපෑම කෙලින්ම පෙනහැල්ලට..

May 7, 2021 at 3:50 pm | lanka C news
භයානක කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක්.. බලපෑම කෙලින්ම පෙනහැල්ලට..

භයානක නව කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්ත වන බව හෙළි වි ඇත. මෙම නව ප‍්‍රභේදය පැවති ප‍්‍රභේදයට වඩා 18 ගුණයකින් ප‍්‍රබල බව සඳහන්ය. මෙවන් ද්විත්ව කොරෝනා ප‍්‍රභේදයක් ගැන හෙළි වූයේ මුල් වරටය.

මේ වනවිට නව කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වීම් ලක්‍ෂ 38ක් දක්වා වාර්තා වීම නිසා මුළු රටම හදෙකලා කරන ලෙස ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

කොරෝනා අසාදනය වීම නිසා හිටපු ප‍්‍රධාන ඇමැති අජිත් සිං සහ ජම්බු කාශ්මීරයේ තෙංගකාර් හර්යම් පක්‍ෂයේ නායක මොහොමඞ් අශ්රෆ් ද මියගොස් තිබේ.

මතු වී ඇති නව කොරෝනා ප‍්‍රභේදය මෙතෙක් හඳුනාගෙන නැති අතර එය සෘජුව පෙනහැලිවලට ගොස් මරණයට පත්වන බව ද හෙළි වී ඇත.

මේ අතර වහාම ක‍්‍රියාත්මක වන පරිදි බිහාර් ප‍්‍රාන්තය මැයි 15 දා තෙක් වසාදමා තිබේ.

ඉන්දියාව තුළ සියලූම උත්සව ද අත්හිටුවා ඇත. ගත වූ පැය 24 තුළ 3780 ක් ජීවිතක්‍ෂයට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය කියා සිටී.

මෙම තත්ත්වය මත මුළු ඉන්දියාවම හුදෙකලා කළහොත් සංක‍්‍රමණික කම්කරුවන් දසදහස් සංඛ්‍යාවක් බරපතළ දුෂ්කරතාවයකට මුහුණපාන බව වාර්තා වේ.

– divaina

59,976 views

11 Comments to “භයානක කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක්.. බලපෑම කෙලින්ම පෙනහැල්ලට..”

  1. sana says:

    Wimale …Wimale…Wimale…

    • වයි දිස් කොලවෙරි says:

      ලන්කාවට නම් බය වෙන්න කිසි දෙයක් නෑ.
      ලන්කාවෙ ඉස්පිරිතාල වල දෙන්නෙ සායනික පරීක්ශණ සමත් වෙච්ච බටහිර බෙහෙත් විතරයි. ඒව බීපු ගමන් කොරෝනා හොද වෙනවා.

      බටහිර බෙහෙත් නොබී, සායනික පරීක්ශණ ෆේල් වෙච්ච ධම්මික පැණිය බීපු උන් තමා ඔය මැරිල ඉන්නෙ.

  2. Dilan says:

    ශ්‍රී ලංකාවේ ඊයේ 11 දෙනෙක් මියගොස් ඇති නමුත් එය කිසිදු මාධ්‍යයක නැහැ.

    • කුඹුක්කණ් says:

      ඊයේ සාමාන්‍ය හෙම්බිරිස්සාවෙන් (කොරෝනා නොවන) නියුමෝනියාව හැදිලා 13 මැරිලා

      හදවත් රෝග වලින් 78 ක් මැරිලා , මාධ‍ය වලත් නෑ, මාර්කටින් නැති නිසා, මිනිස්සුන්ට ගානක් වත් නෑ.

      කොරෝනා නම් වෙලඳ පල ගණිකාව මනසින් එලවා දමන්න කාලය මේ.

    • NuwanJ says:

      News blala na wage..

  3. LION says:

    ජනතාව රෝගීන් බවට පත් වීමේ වාසිය දේශපාලුවන්ට ..උන්ට අවශ්‍ය ලෙස ඩිල් දාලා මුදල්
    හම්බ කරගන්න පුළුවනි ..ජනතාව කොරෝනා වලින් බේරෙන විට මුළු රටම චීන කොලනියක් ..දේශීය හෙළ වෛද්‍ය වරුන්ගේ උපදෙස් පිළිපැද රෝග සුව කර ගනිව් …අපිට රැකගන්න මව් බිමක් තියනවා

    • JOHN says:

      කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න

  4. ලක්මල් says:

    මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා දේශපාලක බූරුවනේ.
    තොපි ඔක්කොම කොහෙන් හරි බෙහෙත විදගෙන පරෙස්සම් වෙයි. තොපිට කඩේ ගිය මේ බූරු ඔල මොට්ට රැල පණ අදියි.
    දැන්වත් තොපේ හිගන වැඩ නතර කරල මේ රටට සංචරණ සීමා දාපල්ලා.
    අත්‍යවශ්‍ය සේවා විතරක් ක්‍රියාත්මක කරපල්ලා.හමුදා න්‍යාය පත්‍ර අත ඇරපල්ලා.
    මේ රටේ ඉන්න උඹලට ඡන්දෙ දුන්න හරක් රැල දිහා ඇස් ඇරල බලපල්ලා. එදා වේල හම්බ කරන් කන ඒ මිනිස්සු පවු.

  5. Sanka says:

    අපි තවදුරටත් ඉන්දීය සංචාරකයෝ බුබුල යටතේ ගෙන්වනවා…ඉදිරියේදි පැමිනීම අඩුකිරීමට තීරනය කරනවා….

    මීට අප්‍රසන්න

  6. Ruhdtug says:

    Paththarawala daana ewa ohoma gedi pitin daanna epa.. cases 18k hambuna kiyalai kiyanne.. check karla balanda world news..

  7. Ravana parapura says:

    මෙයට එකම පිළියම හෙළ ඔසු පමණයි.

Main News