භයානක වේගවත් කොරෝනා ප‍්‍රභේදය ලංකාවේ.. උපරිම අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.. ICU වේගයෙන් පිරී යමින්..

April 20, 2021 at 10:02 pm | lanka C news
භයානක වේගවත් කොරෝනා ප‍්‍රභේදය ලංකාවේ.. උපරිම අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.. ICU වේගයෙන් පිරී යමින්..

ශ්‍රී ලංකාව තුළ මේ වන විට තරුණ ප්‍රජාව අතර කොහොම වෛරසය වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය මෙරට තුල ආසාදනය වෙමින් යන්නේ දැයි සැක සහිත බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද නුදුරේදීම එහි ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට කොරෝනා ආසාදිත වූවන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කිරීම බොහෝ සෙයින් වැඩි වී ඇතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපරිම අවදානම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‍ශ‍්‍රී ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක් ද වාර්තාවී ඇති බවයි.

වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද ඔවුන් නිවේදනය කරයි.

එම ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

COVID-19 අනතුරු ඇඟවීම!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.

සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.

එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.

86,985 views

15 Comments to “භයානක වේගවත් කොරෝනා ප‍්‍රභේදය ලංකාවේ.. උපරිම අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.. ICU වේගයෙන් පිරී යමින්..”

  1. අසිත says:

    ඇත්ත කියන එකෙක් හරි ඉන්න එක ලොකු දෙයක්

    • Saman says:

      නාත දෙයියෝ දුන්න දම්මික පැනිය රිජෙක්ට් කරපු එකේ විපාක දැන් තමා විඳින්නෙ ඇමතිතුමෝ.

  2. දුස්රා says:

    ව්‍යාජ නව කොරෝනා රැල්ලක් මවා රටේ ප්‍රශ්න යට ගැසීමට,අමතක කර දැමීමට මහ මොළකරැවන්ගෙන් මහ සැලැස්මක් !
    ආර්තික අර්බුුද,පළාත් සභා මැතිවරණය,ශ්‍රීලනිප වෙනම මැයි රැළිය, අධ්‍යාපනය සදහා යන වියදම් මේ බොරැ රැල්ලෙන් යට කල හැකිද ?
    20.04.2021

    • kk says:

      ලෙඩ්ඩු අඩුයි කිව්වත් ආණ්ඩුවට බනිනවා. තවත් වෙලාවක වැඩියෙන් කිව්වයි කියලා බනිනවා. අනේමන්ද,,,මොකද්ද බන් උඹේ කුලේ?

      • Nimal says:

        කුලේ මොකක් උනත්මුගේ වෘතිය කසලෂෝදක

    • අනේ ගොනෝ says:

      🤑 Huu.. !!!

    • Jepi buster says:

      ඇට පිටින් ගන්ජ ගැහුවද ජෙප්පො?

  3. රු 5000 අවුරුද්දට සූර් වෙච්ච අප්පුහාමි says:

    ආයිබොන්, ඔය කොරෝනා රැල්ල පහු ගිය දවස් වල කොච්චි වල, බස් වල පොල් පටෝල යද්දී තිබ්බේ නෑ ද්ද ? සිංහල අවුරද්දේ තොග පිටින් රෙදි කඩවල් වල පොරකනකොට මේ මහාචාර්ය වරු ගංජා ගහල් ද හිටියේ. ඊට වඩා ලොකු තැන රට වටේ යනකොට , මිනිස්සු පොර කකා බෙලි දීක්කරන් ඉන්නකොට වයිරස් එක නිවාඩු අරං ඉන්න ඇත්තේ.
    අර අධ්‍යාපන ඇමති නම් කිව්වේ දැන් කොරෝනා මාර්ධනයෙන් ලංකාව අංක 1 ඒ නිසා බය නැතුව ලමයි ඉස්කෝලෙ ඒවන්න කියලා.
    ඇත්තෙන්ම ලංකාව මාර රටක් නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොර වෙලා ඉන්නේ අපේ වැඩ ගැන.
    ජෙප්පොයි ටැලිපොන් කාරයොයි කියයි මේක පූට්ටුව හෙළුව වහ ගන්න ගහපු ගැටයක් කියල. ඕන් අපිව අල්ගන්න එපා ඕවාට.

  4. Rawana says:

    “EPIREPIES”, The drug manufactured against the COVID 19 virus.Dr. Tharanga Kumari Wickramasooriya introduced the medicine.

    කොවිඩ් 19 වෛරසයට එරෙහි නිෂ්පාදිත සහ ආයුර්වේද සුත්‍ර කමිටුව මගින් අනුමත ඖෂධීය “EPIREPIES” ප්‍රතිකාර ඖෂධය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දීම සිදු කෙරිණ

  5. සුදුස්සාට සුදුසු තැන says:

    මේ ආණ්ඩුවේ,. වැඩකට ඇති ඇමැතිලා ඉන්නේ ඉතාම කිහිපදෙනයි…
    ඉන් එක් අයෙක් තමා චන්න ජයසුමන ඇමැතිතුමා…

    • Saman says:

      නාත දෙයියෝ දුන්න දම්මික පැනිය රිජෙක්ට් කරපු එකේ විපාක දැන් තමා විඳින්නෙ ඇමතිතුමෝ…

    • Susantha says:

      වැඩකට නැති ඇමති කියා නිවැරදි විය යුතුයි. ලොකුම අපතතයා, බොරු වේ උපත. පැනි බිස්නස්කාරයා ජනතාව රැවට්ටුවා අනේක වාරයක්.
      පවිත්‍රා දවස් 3-4 කට කලින් කිව්වේ රටේ කොරෝනා මරදනය කරලා ඉවරයි කියලා දැන් මේ මොකෝ තව කතාවක්

  6. සිසිල් සුදේශ් says:

    සිංහල අලුත් අවුරුද්දට සීමා පනවන්න කියලා දොස්තර මහත්තුරු, සෞඛ්‍ය පරීක්ෂකලා එහෙම ඉල්ලනකොට බීරි වෙලා වගේ ආණ්ඩුව හිටියෙ. මේ වැඩේට කට්ටියට නඩු දමලා හිරේ යවන්න වටින්නෙ.

  7. කුඹුක්කණ් says:

    බටහිර මෝඩ උද්දච්ච ඇලොපති වෛද්‍ය හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා කියන විදියට කොරෝනා මගුල ගොඩ දාන්න බෑ
    බටහිර එන්නත් , ක්‍රමවේද ෆේල්
    ICU දැම්මා කියලා කොරෝනා සනීප වෙනවද?
    කොරෝනා හමුවේ වැඩ කට නැති බටහිර ක්‍රමය පැත්තක දාලා, දැන්වත් ආයුර්වේද හෝ සිංහල වෙද මහත්තුරුන්ට මේකට ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්න

    ඇලොපති උද්දච්චයන්ට රඟන්න දීලා මේක තවත් වණ කරන්න එපා

  8. උතුරැ නැගෙනහිර දකුනු මුහුදේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න..! says:

    අවධාණයට….!
    ගරැ..
    ශ්‍රවේන්ද්‍ර සිල්වා මැතිතුමා,
    සරත් විරසේකර මැතිතුමා,
    ඉන්දියානුවන් ධීවරයන් සේ පෙනි සිටිමින් උතුරැ නැගෙනහිර කළාපවලින් මත්ද්‍රව්‍ය ආයුධ පුපුරන ද්‍රව්‍ය රටතුලට ඇතුඵකිරිමට දැඩි උත්සාහයක යෙදෙමින් සිටිනු නිරීකෂණය කරනුලබයි..!
    මෙයට අමතරව ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පළාගොස් සැගවීසිටින මත්ද්‍රව්‍ය ඡාවාරම්කාරයන් ඇතුඵ විවිධ පුද්ගලයන් හරහා ලංකාවේ දීවරයන් උපක්‍රමශීලිව සහ සැලසුම් සහගතව ඉනදියාවට ගෙන්වා ගනිමින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ඡාවාරම්, ආයුධ ඡාවාරම් චෝදනා ඵල්ල කීරීම සහ ඡාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ නාමය අපකිර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතී..!
    ඇතැම් පුද්ගලයන් මියගියායැයි පැවසුවද නිරැපද්‍රිතව සිටින අතර ඉන්දියාව විසින් මොවුන් ශ්‍රීලංකා විරෝධි කටයුතුවලට යොදාගනිමින් සිිටිනු පැහැදිළිව නිරීකෂණය කරනු ලබයි..!

    ඉන්දියාව තුල මේ මොහොතේ කලාපයට අහිතකර සියඵ නිතිවිරෝධී කටයුතු සිදුවන්නේ ඉන්දියානු සහ සිඅයිඵ් සංවිධානයේ ශෘඡු මැදිහත්විම තුලිනි..!ඉන්දියාවතුල බ්‍රිතාන්‍ය අමෙරිකානු ඹත්තුසේවා සහ ඩුබායි රාඡ්‍යයේ නියොඡිතයන් කළාපය තුළ ගැටුම් සහ ප්‍රශ්ණකාරි ප්‍රචන්ඩ කාරී වාතාවරණයක් ඇතිකිරිමට විශාළ උත්සාහයක යෙදී නිරන්තර සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනුලබයි..! අධික විදේශිය මුදල් සම්භාරයක් සමගි්න් ආයුධ මත්ද්‍රව්‍ය පුපුරන ද්‍රව්‍ය සමග සැලසුම් ක්‍රියාත්මකයි..!

    දේශසිමා ආසන්නයට යන ශ්‍රී ලංකීය ධිවරයන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ඡාවාරම්, ආයුධ ඡාවාරම් චෝදනා ඵල්ල කීරීමේ සැලසුම් පවතින බැවින් ධීවර ප්‍රඡාව දැනුවත් කළ යුතුයි..!

    දේශසිමා ආසන්නයට යන ශ්‍රී ලංකීය ධිවරයන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ඡාවාරම්, ආයුධ ඡාවාරම් චෝදනා ඵල්ල කීරීමේ සැලසුම් පවතින බැවින් ධීවර ප්‍රඡාව දැනුවත් කළ යුතුයි..!

    රටේ මොනයම් අවස්ථාවක හෝ ගැටමක් නිර්මාණයකරගැනිමට දෙස් විදෙස් කුමන්ත්‍රණ කරැවන් නිරන්තර උතසාහ කරමින් සිටන බැවින් හා වෙෙරස තර්ඡනය නිසා මොනම ලෙසින් වත් මැයිදින සැමරැම් උත්ගෝෂණ වලට අවස්ථාව නොදිමට වගකිවයුත්තන් කටයුතු කළ යුතුයි..!

    උතුරැ නැගෙනහිර දකුනු මුහුදේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න..!

Main News