භාණ්ඩාගරයේ අනුමැතියක් නැතිව ලක්සල රජයේ මුදල් කෝටි ගණනක් තැරැව්කරුවන්ට දීලා…

August 20, 2019 at 3:50 pm | lanka C news
භාණ්ඩාගරයේ අනුමැතියක් නැතිව ලක්සල රජයේ මුදල් කෝටි ගණනක් තැරැව්කරුවන්ට දීලා…

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය එනම් ලක්සල විසින් තමගේ භාණ්ඩ අලෙවි කරගැනීමට පාරිභෝගිකයන් වෙත අලෙවි කොට ලබා ගන්නා මුදලින් 25% දක්වා මුදලක් පාරිභෝගිකයන් ලක්සල වෙත යොමුකරන බ්‍රොකර්වරුන් හෙවත් තැරැව්කරුවන් වෙත මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව වර්තමාන කළමනාකරණය නිදහස් කිරීම සිදු කරයි.

මේ අනුව පසුගිය වසරේ ආයතනයට සිදු වූ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 85.7 යයි වාර්තා වෙයි. මෙය සමස්ථ පිරිවැටුම වූ රුපියල් මිලියන 737 න් 12% පමණ වේ.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය එනම් ලක්සල මණ්ඩල පත්‍රිකා අංක 44H5 යටතේ 21/01/2016 දින පැවති මණ්ඩල රැස්වීමේදි ගනු ලැබු තීරණයක් පරිදි නව සභාපතිවරයෙකු පත් වු දින සිට එතෙක් ක්‍රියාත්මක වූ සාප්පු හා කාර්යාල පනත ක්‍රියාත්මක වීම අහෝසි කොට රජයේ මුදල් රෙගුලාසි සහ ආයන සංග්‍රාහය ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත.

රජයේ මුදල් රෙගුලාසි ක්‍රියාත්මක වන ආයතනයක් තම ආදායමෙන් විශාල මුදලක් නැවත කිසියම් හෝ කටයුත්තක් සඳහා වියදම් කිරීමේදි පැහැදිලිවම මහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගත යුතු බවට එහි සඳහන් ව ඇතත් එම රෙගුලාසි උල්ලංඝනය කරමින් මණ්ඩලයේ ආදායමෙන් විශාල මුදලක් තැරැව්කරුවන් වෙත මුදා හැරිම රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමකි. එමෙන්ම රජයට විශාල පාඩුවක් සිදු කීරිමකි.

මේ වනවිට වාර්ෂිකව පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන ලක්සල, වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අතර එහි වත්මන් සභාපතිවරයා මොහොමඩ් හම්සා වන අතර එහි අමාත්‍යවරයා රිසාඩ් බදුර්දීන් ය.

එමෙන්ම 2002 වසරේදී සතොස හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු විසින් ආනයනය කල සහල් තොගයක් මිල අඩු කොට විකුණා රජයට රුපියල් මිලියන 4 ක් පාඩු සිදු කිරිම සම්බන්ධයෙන් වරදකරු කොට අද දින 20 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසරක් දක්වා සිර දඬුවම් නියම කලේය.

14,659 Viewers

9 Comments to “භාණ්ඩාගරයේ අනුමැතියක් නැතිව ලක්සල රජයේ මුදල් කෝටි ගණනක් තැරැව්කරුවන්ට දීලා…”

  1. පොලොන්නරුවේ ජයන්ත says:

    රිෂාඩ් සතොසේ හාල් මෙට්‍රික් ටොන් දහදාහක් සත්ව කෑම ලෙස පොලොන්නරුවේ මුස්ලිම් වෙළෙන්දෙකුට දී රුපියල් මිලියන අටසියක් සතොසට පාඩු කරයි .

  2. sinha le says:

    යහපාලන රජයේ රිෂාර්ඩ් වග කිව යුතුය

    • JOHN says:

      මේ ජාතික අපරාධකාරයා රිෂාඩ් වහාම අත්අඩංගුවට ගෙන සිර ගතකරනු …ඔහුගේ දේපල රාජසන්තක කරනු

  3. සතොස සේවක says:

    ඇමතිවරු කරන වැරැදිවලට අහිංසක නිලධාරින් හිරේ .

  4. Ramani k says:

    ලක්සල වංචා ගුහාවක් වහාම රජයේ විගණකාධිපති තුමනි කණ්ඩායමක් යවා පරීක්ෂා කර බලන්න.

  5. ශිල්පීන් says:

    සුලු හා මධ්‍ය පරිමාණයේ හස්ත කර්මාන්ත කරුවා හාන්සියි පිටකොටුව රෙදි මුදලාලිලා පොහොසත් කරන ලක්සල නව වැඩපිළිවෙළ හෙලා දකිමු.

  6. ගාමිණී says:

    ලක්සල හැමතැනම කොමිස් ගැහිලි. හොර දීමනා , අභ්‍යන්තර විගනකටත් වෙලෙද ඉලක්ක සැපරීමේ දීමනා,

  7. යහපාලන says:

    මුදල් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ අවංක නිලධාරින් නොමග යවමින් ලක්සල විශාල මුදල් මංකොල්ලයක,

Main News