භාණ්ඩාගාරයට මුදල් නෑ.. මහා පරිමාණ සියළු ඉදිකිරීම් නවත්වයි..

January 5, 2020 at 12:00 pm | lanka C news
භාණ්ඩාගාරයට මුදල් නෑ.. මහා පරිමාණ සියළු ඉදිකිරීම් නවත්වයි..

ඉදිරි අගෝස්තු මාසයේ දී රජය විසින් අයවැයක් ඉදිරිපත් කරන තෙක් මෙරට මාර්ග, ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මහා භාණ්ඩාගාර නිලධාරියෙක් උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මේ බව වාර්තා කරයි.

අගෝස්තු මාසයේ නව රජයක් විසින් අයවැයක් ඉදිරිපත් කරන තුරු ව්‍යාපෘති සඳහා කිසිදු මුදලක් වෙන් නොකරන බව අමාත්‍යාංශ වෙත දැනුම්දී ඇතැයිද සඳහන්ය.

ඒ අනුව පාසැල්, රෝහල් මාර්ග, වෙනත් පොදු ගොඩනැඟිලි ඇතුළු රජයේ ගොඩනැඟිලිවල ඉදිකිරීම් කටයුතු අත්හිටවනු ඇත.

අගය එකතු කළ බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද රජය විසින් අඩු කිරීමෙන් රාජ්‍ය ආදායම පහත වැටී ඇති බවත් මෙනිසා ප්‍රධාන ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කර ඇති බවත් අදාළ නිලධාරියා සඳහන් කර තිබේ.

32,324 Viewers

13 Comments to “භාණ්ඩාගාරයට මුදල් නෑ.. මහා පරිමාණ සියළු ඉදිකිරීම් නවත්වයි..”

  1. Disce ammata discede says:

    අගෝස්තු ?????

    • sam says:

      Yessss… because new budget means, new projects, new projects means new commission!! understand will u!

  2. Kotalawala says:

    තවත් ඡන්ද ප්‍රතිඵලයක්….

  3. JANAPATHITHUMANI, obata prasnayak,

    moragahakanda jala kanduwa balanna sepa car, pajero,double cab, nomile indana, riayaduran deela thiyeddi rajya emathiwaru dedenek,

    LAKSA GANAN GEWA HELICOPTERYAKIN GIYE EYI.? MEHEMADA mekada araparessama?

  4. GENUINE says:

    Mahinda & his group will definitely put “Gotabaya Rajapaksha” in big mud hole. Mahinda really know at current they can’t run the country with the present income. Knowing that he reduce all the taxes to uplift his personality. It’s ridiculous, Now who is going to suffer?? It’s purely “Our president”. If he wants to get forward our country!!!. Please keep Mahinda & his group aside, Take some new bloods to parliament who have no any cases.

  5. Donald Trunp says:

    I am not happy at all. But will.wait till Sri Lankan president’s China tour.
    Anyway thesedays I have to concentrate about my great people in United State of America.

    • RW says:

      කරුනාකරල චීනෙන් නම් නය ගන්න එපා . අපි මේ තියෙන දෙයක් කාල ඉදිමු.

  6. Pujitha says:

    කෙනෙක් පාවිච්චි කරපු වාහනයක් ගත්තම එක පාර එලවන්නේ නෑ. එක තත්වයසොයල බලනවා. එන්ජිම කොහොමද. brake තියෙනවද…. ටයර් ගෙවිලද…. කියල පළපුරුදූ කාර්මිකයෙක් ලව්වා බලවල තම එලවන්න ගන්නේ. අඩුපාඩු හදල තම වහනය පාවිච්චියට ගන්නේ…

    රටක පාලනය එක් දේශපාලන පක්ෂයකින් තවත් දේශපාලන පක්ෂයකට මරුවෙනකට මේවා හිතන්න ඕනේ වයසින් මුහුකුරා ගිය වැඩිහිටියෝ හැටියට.

    ආණ්ඩු මාරු වුන ගමන් සහන ඉල්ලන එකත් වරදක්. එහම දෙන එකත් වරදක්. ඒවා දුර්වල තාවයන්..

    “පුදපු ගමන් කාපි යකා” කියල හොයන්නේ බලන්නේ නැතිව බදු අඩු කරන එක වැරදි එක නොකළයුතු දෙයක්. ඉදිරියටවත් හදාගනි කියල බලාපොරොත්තු වෙනවා

    එහම කරපුවහම ජනතව, පාලකයෝ, කර්මාන්ත කරුවෝ අසරණ වෙනවා. සංවර්ධනය ව්‍යාපෘති අඩාල වෙලා රට ආපස්සට යනවා..

    රටකට හොද සහ නරක කියන දෙජාතියෙම සංවර්ධනය ව්‍යාපෘති අඩාල වෙනවා…
    හොද සංවර්ධනය ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමටත්. නරක ඒවා නැවැත් වීම කල යුතු දෙයක්. ඒවගේ ප්‍රගතිය, වැරදි සමාලෝචනය කල යුතු දෙයක්.

    අනිත් එක රටක පාලනය එක් දේශපාලන පක්ෂයකින් තවත් දේශපාලන පක්ෂයකට මරු වුනාට පස්සේ කලින් පාලකයන්ගේ හොරකම් අල්ලන පටන් ගන්නවා නව පාලකයින්. නඩු දානවා, හිරේ යනවා තරහ වෙනවා… කිසිම තේරුමක් නෑ. හොර වැඩ නොකර හිටියනම් නඩු දාන්න, හිරේ යන්න, තරහ වෙන්න වෙන්නෙත් නෑ. වැඩිහිටියෝ හැටියට මේවා තේරුම් නොගැනීම කනගාටුවට කාරණයක්.

    Brand New වාහනයක් නෙවේ රාජ්‍ය පාලනය කියන්නේ. එක කෙනක් පාවිච්චි කරපු වහනයක්…..

    රාජ්‍ය පාලනය යනු වාහනයක් නම් මහජනතාව තෝරාගත් කෙනකුට හම්බෙන්නේ තාවකාලික රියදුරු කමක්… අද වැඩ හෙට රස්සාව නැතිවෙන්න පුළුවන්.

  7. sunimal says:

    මහා බැංකුවෙන් සොරා ගත් මුදල් නැවත ලබාගැනීමෙන් මෙය විසදාගන්න පුළුවන්

  8. baila says:

    mewa .. mona magulak da.. horakam karapu ewun gen salli aya kara ganiw.. depala pawara ganiw

  9. ගොන් බයියා says:

    ඡන්දෙට කලින් කිව්වෙ අපිට බලය දෙන්න අපි කරල පෙන්නන්නම් කියල නේද? දැන් මොනවද මේ කියන බයිල.

    • නරකයා says:

      අනේ මෝඩයෝ … උඹලයෙ යහපාලන තක්කඩියෝ භාණ්ඩාගාරය හින්දපු හින්දිල්ල මතක නැද්ද ?
      උඹ හිතුවෙ ඕපපාතිකව සල්ලි භාණ්ඩාගාරේ ඇතුලට ඉර්ධියෙන් වඩිනව කියලද ?
      මෙහෙමත් මෝඩ ටොයියො

  10. 3% says:

    කෝ වෙනදට මේකේ රගන ගොබ්බයො සෙට්එක බඩගිහිල්ලද