භාණ්ඩාගාරය මූල්‍ය අර්බුදයක.. රාජ්‍ය සේවකයින්ගේ අතිකාල ගෙවන්න සල්ලි නෑ..

December 5, 2018 at 8:40 am | lanka C news
භාණ්ඩාගාරය මූල්‍ය අර්බුදයක.. රාජ්‍ය සේවකයින්ගේ අතිකාල ගෙවන්න සල්ලි නෑ..

ඔක්තෝම්බර් 26 වැනිදා විධායකයේ මැදිහත්වීමෙන් රට තුළ සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණයේ පාඩුව සිදුවූයේ රටට බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සඳහන් කළේය.

‘අද වනවිට රටේ සියළු අංශ කඩා වැටිලා. දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීම තුළ ජාත්‍යන්තර වශයෙන් රට හුදෙකලා වෙලා. දැන් තියෙන ගැටළුව දරුණු ආර්ථික සම්බාධක වලින් මිදී මූලික අවශ්‍යතා සපුරාගෙන ශී‍්‍ර ලාංකික ජනතාවට ඉදිරියේදී ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එකයි.

ජනාධිපතිවරයාටත් ඔහු සමඟ සන්ධාන ගත වූ රාජපක්ෂ රෙජීමයටත් දේශපාලන කුමන්ත‍්‍රණය වැරදිලා තිබෙනවා. පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප වෙලා, මිල මුදලටවත් බහුතරය හදාගන්න බැරි වී තිබෙනවා. ජනාධිපතිවරයා ප‍්‍රමාද වී හෝ යථාර්ථය තේරුම් ගෙන රට තුළ ස්ථාවරත්වය ගොඩ නැගීමට කටයුතු කළ යුතු බව නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

ශී‍්‍ර ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්. අපේ රටට හුදෙකලාව ආර්ථික ඉලක්ක ජය ගැනීමට කිසිසේත්ම හැකියාවක් හෝ ඉඩක් නැහැ. අද මේ ආණ්ඩුව ලෝකයේ කිසිම රටක් පිළිගන්නේ නැහැ. රුපියලේ දරුණු කඩා වැටීම, විදේශ ආයෝජකයින්ගේ පළායෑම, සියළු සංවර්ධන ව්‍යාපෘති අඩාල වීම අද ප‍්‍රබල ව්‍යවසනයක් බවට පත්වෙලා තිබෙනවා. රාජ්‍ය යාන්ත‍්‍රණය අද බිඳ වැටිලා. බොහෝ අමාත්‍යාංශවල රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවිය නොහැකි මට්ටමකට භාණ්ඩාගාරය මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකානු සහස‍්‍ර සංවර්ධන අරමුදල අද මූල්‍ය පහසුකම් නවතා දමා තිබෙනවා. ජනාධිපතිවරයෙක් ලෙස නොව ශී‍්‍ර ලාංකිකයෙක් ලෙස සිතා මෙම තත්ත්වය ජනාධිපතිවරයා වහාම නිවැරදි කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

– මාධ්‍ය ඒකකය

25,305 Viewers

11 Comments to “භාණ්ඩාගාරය මූල්‍ය අර්බුදයක.. රාජ්‍ය සේවකයින්ගේ අතිකාල ගෙවන්න සල්ලි නෑ..”

  1. නිකන් බුරන්නේ නැතුව ගැලපෙන හොරෙක්ව අගමැතිකමට දාපල්ලකෝ තුනෙන් දෙක බේරාගෙන,.. says:

    නිකන් පිස්සු බල්ලෝ වගේ බුරන්නේ නැතුව ගැලපෙන හොරෙක්ව බැංකු හොරා නැතුව අගමැතිකමට දාපල්ලකෝ තුනෙන් දෙක බේරාගෙන,..

    • කිඹුලා says:

      ඇමතිකම් අත් හිටවුවම සල්ලි තිබුනත් ගෙවන්න බෑ. බලු වැඩ කරලා දැන් මෙතන ඇවිත් බුරනවා.

  2. Kings says:

    ඉතින් උඹලට ඕන කරල තියෙන්නෙ ජාත්‍යන්තර සම්භාධක දම්මගන්නනෙ. උඹලගෙ නායකය මින් ඉස්සරත් අකාෂිට කියල ඒක කරවගන්න හැදුව. අපේ රටට ආදරය කරන කෙනෙක් නිසා අකාෂි ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා. මේ වතාවෙත් ඒ විදියටම බටහිර තානාපතීන්ගෙන් ඉල්ලා සිටිය. වරෙල්ලකො ඡන්දෙ ඉල්ලන්න සම්බාධක දාගන..

  3. Anja says:

    Kawuda rupiyala kaduwe.ranila ne yako

  4. සිංහල බන්ඩා says:

    මහ බැංකු බැදුන්කර මංකොල්ලය තමය් මේ සේරටම මුල. බැදුන්කරේ කැප්ටන් රනිල් බවත් හොරා කෑ මුදලින් ටිකක් මංත්‍රී ලට බෙදල දුන් බ අද පොඩි ලමයත් දන්නවා.

  5. Sadda says:

    ගොන් තකතීරුවා, මේ ඔක්කොම තොපේ අවුරුදු 3 1/2 කරපුවා. අපි මොක්කු කියලද තොපි හිතන් ඉන්නේ?

  6. common man says:

    Boru kiyanna epa aney unp aandu mey Massa 2 thibila thivunoth mibisunta kunu baaki adala kanna wenne. Unp aandu awahama minisunta kanna bonna Nathikaranawane , minusu okkoma hingannu karala rata vinasa karapu unp ney oka. Anika mahinda aapu gaman kotaswelandapola sahenna ihala giya danekaka 6025 . unp aanduwa awoth lankawe viyaparikayo okkoma thamange salli unp aandu kale wage eliyata genichoth aya dollor rakinna kiyala anayanaya seema karala minusunta kanna nathikarannada. Aney thaww jeewitheta unp gavicha aabdywath enna epa. Minisu kanna nathuwa marei

  7. Lapaya says:

    Mun hitiyanam pahugiya maseth lankawe wikunagena kanna puluwan hama ekakma wikunala.

  8. don katugampala says:

    JANATHAVA DEN INNE “VETUP”BALAGENA NEVE ,RANILVA PANNALA RATA BETAGANNA HADANNE. NETHNAM THAVA AVURUDDAK RANIL HITIYANAM RATATH NEHA JANATHAVATA KELAVENAVA.

  9. Demon says:

    Ow Aluth Amethila Masekin Ewwath Hooran Kaaala Athi

  10. sunimal says:

    මහා බැංකු හොරකම ගැන මුන් සද්දක් නැහැ වසලයෝ

Main News