භාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමති

November 13, 2021 at 10:22 pm | lanka C news
භාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමති

බදු අය කර ගැනීම සඳහා යම් භාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා දැන්ම හෙලි කලොත් එම පාර්ශවයන් අයුතු වාසි ගනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනි.

‘දැනට අපි හඳුනාගෙන තිබෙනවා බදු අයකරගන්නා අංශ කිහිපයක්. මම හිතන්නේ ඒක දැම්ම හෙලි කලොත් සමහරවිට ඒකෙන් අයුතු වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය. දේශපාලනඥයෙකු ලෙස බොහොම කැමැතියි උත්තර දෙන්න. නමුත් මුදල් ඇමතිවරයා ලෙස මට කියන්න තහංචි දාලා තියනවා. එම භාණ්ඩ දැම්ම කියන්න එපා කියලා මුදල් අමාත්‍යංශ ලේකම් තුමා උපදෙස් දීලා තියෙනවා. ඉතාම ඉක්මනින් ඒ බදු අය කරන භාණ්ඩ ගැන දැනගන්න පුළුවන් වෙයි’

38,816 views

11 Comments to “භාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමති”

  1. 0.00069 BIYYO says:

    මුන් ඉතිහාසේ ඉඳල කරේ අරක්කු ,,සිගරට් වලින් ගන්න බදු වලින් රජයේ සේවකයින්ගේ පඩි ගන්න එක.ඇත්තටම් ආණ්ඩුව දුවන්නේ බේබද්දන් ගෙන් සහ සිගරට් බොන උන්ගෙන් ලැබෙන බදු ආදායම් වලින් ද

    රටකට ආයෝජනයක් ගෙනත් ,එකෙන් අපනයනය හරහා ලැබෙන බදු ආදායම හොයාගන්න මුන් කවදාවත් උත්සහ කලාද කියල හිතෙනවා.

    තමන්ගේ ඒරියා එක හරහා පාරක් යනකොට ඒක කරන කොන්තරාත් සමාගමෙනුත් කප්පන් ඉල්ලන කාලකන්නි ඇමතිලා සෙට් වෙලා රටට එන කර්මාන්ත ආයෝජන බහුතරයක් ම වගේ ආපසු යවා ගත්ත.

    දැන් පඩයක් ගියත් ඒකට බද්දක් ගහනවා.

    අවශ්‍ය පාර්ශවයේ මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙලා ඉවර ඇති. තොරතුරු නොලැබෙන්නෙ සාමාන්‍ය ජනතාවට විතරයි . සීනි කේස් එක, පොල් තෙල්, හාල් වලට කරපු දේ මතකයි.

Main News