භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..
April 6, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපති ධුරය මාස හයක කාලයකට හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
“කවුරුත් නැත්තම් භාරගන්න හර්ෂ ද සිල්වා ට දෙන්න ජනාධිපතිකම. ආර්ථික විශේෂඥයෙක්. ප්‍රශ්නයක් නෑ. මාස 6යි. අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ.. එතුමා බලාගෙන ඉන්නවා. මේ රට කරන්න මොකෙක් හරි ඕනේ.
225ම ගෙදර යන්න ඕනේ කියලා ජනතාව කියනවා. කිසි ප්‍රශ්නයක් නෑ. පත් කරන්නේ ජනතාව නම් කියන වෙලාවට යන්නත් ඕනේ.
මිනිස්සු බලන්නේ ඔක්කොම හොරු කියන තැන ඉඳන්. හැබැයි මම කියන්නේ දෙපැත්තෙම ඉන්නවා හොඳ අය.
අපිට මෙහෙම වුණේ එකතු වෙන්න බැරි වුණ නිසා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මගේ පක්ෂයත් ඇතුළුව මේ පක්ෂවලට බෑ දෙයක් කරන්න. ලැජ්ජයි.
මේ පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරන්න. ලංකාවේ මිනිස්සු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. මිනිස්සු පෝලිම්වල දුක්විඳිනවා.. ඡන්දයක් කරන්න පුළුවන්ද?. මට හරි කනගාටුයි මේ දේශපාලනඥයින් ගැන.
මේ අය එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතුවීමක් වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. බොරු කියන්න ඕනේ නෑ.
පක්ෂ නායකයින්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න. හෙට අනිද්දා මිනිස්සු මේකට ගහනවා ගහනවා ගහනවාමයි. මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීරණයක් හරියට අරන් ඉවර කරන්න.
එකෙක්ට.. එක පක්ෂයකට උවමනා නෑ මේ රටේ මිනිස්සු දුක්විඳින ප්‍රශ්නයට උත්තරයක් ගේන්න.
මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් එනෙකම් කියලා විපක්ෂයේ දේශපාලනඥයෝ කරඅරිනවා නම් අපි ගැන ලැජ්ජා වෙනවා.”
මිනිස්සු ටිකක් පාරට බස්සලා ව්‍යවස්තාවත් උල්ලංගනය කරලා අවනීතිය රජකරවලා සමාජ සම්මුතීන් බිඳදාලා බලය කොල්ලකන්නයි මේ හදන්නෙ. මේ වෙලාවෙ ව්‍යවස්තාවට ගරු නොකරන අය කවදාවත් ගරු කරන්නෙ නෑ.
එක වල්ලේ පාට පාට ගෙඩි
මොන බල්ලෙක්වත් ජනාධිපති කමට හීන දකින්න ඕනෑ නැහැ. අපි චන්දය දුන්නේ සම්පූර්ණ කාලයම බලයේ ඉන්නයි. පාරේ රස්තියාදු කාරයන් ඇතුලු බොහෝ පිරිස් වලට අරක්කු වගේම අනෙකුත් මත්ද්‍රව්‍ය පොවා මනස විකුර්ති කරලා හිංසාකාරී අරගල සංවිධානය කරේ බලු ජෙප්පන් සහ මෝඩ පුතානෝගේ රැලයි. මුන් බලයේ ඉන්න කොට ජඩපාලන ආන්ඩුවේ වැරදි සඳහා මිනිසුන් මේ විදිහට අරගල කිරීමට ගියේ නැහැ. මේ ආන්ඩුවේ බොහෝ වැරදි තියෙනවා. නමුත් මේ අරක්කු පොවා අරගල කෙරවීම වැරදියි.
Any form of election is that immediate solution for current Economic recession and political crisis in Island people face in time being. Do not play with lives of People by SJB, JVP, SLPP and other political elements and moribund forces by during masses are face in day to day lives and survival of have Nots.
හර්ෂ 225න් එකෙක් නෙමෙයීද? ගිය ආණ්ඩුවේ මුගේ වැඩ නොපෙන්නුවේ ඇයී? මුන් දවල් හීන දකිනවා.
aayth suddanta lankawa baaradiyang!!!
Davalda? It is clear that all these people are interested in regime change to come to power but not the welfare of the country or the people. Worse they are happy to make things worse to befit them. Shame.
harin is about to be brought to tid /cid on easter sunday attack. ranil wiclramasingha gave him a call just before he entered cid last time. it is upto you to imagine the rest.
හරියත් ගොන්ජවගේ ගැලරියට ආතල් දෙනවා .මූ ඊයේ පාර්ලිමන්ට් එකේදි කියනවා මන්ත්‍රීල පාර්ලිමේන්තුවේ කන්නේ නැතිව අවුරුද්දක් ඉන්ඩලු .ඌ පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැතුලු .ඒක ඇත්ත සන්ග්‍රිලා එකේ බුෆේ එකෙන් රුපියල් 12 ක් ගෙවල කන එකාට ඔය පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෑම අල්ලන්නේ නෑ .මූ වගේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රී කෙනෙක්ම හොරාකාල නෑ සන්ග්‍රිලා වගේ හොටෙල් එකකින් කෑම කන්ඩ . ගොඩක් දුර බැහැර ප්‍රදේශ වලින් එන විපක්ශ මන්ත්‍රීවරු සිටිනව ඔහුන්ට හොරා කෑමට අවතාවක් නැති .මේ කැන්ටිම නැත්නම් ඔහුන්ට සයිවර් කඩේකින් තමා කන්ඩ වෙන්නේ .ගොන්ජත් කරේ හොරාකල කප්පං අරන් පාර්ලිමේන්තුවේ පඩි ගන්නේ නෑ කියල සහෝදර මන්ත්‍රීවරුන් කපපු එක .පර්මිට් එක දෙපාරක් වික්ක කාර් යමංඩලයට ලැබෙන පඩියටත් මාටිය ගැහුව .මුන්තමා කාඩ්බෝඩ් වීරයෝ වෙන්නේ .මේව කියද්දි අනෙක් මන්ත්‍රීල මූට ගහන්ඩ ඕනෑ .
හැමෝම දැන් බය වෙලා වගේ.