භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..
April 6, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපති ධුරය මාස හයක කාලයකට හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
“කවුරුත් නැත්තම් භාරගන්න හර්ෂ ද සිල්වා ට දෙන්න ජනාධිපතිකම. ආර්ථික විශේෂඥයෙක්. ප්‍රශ්නයක් නෑ. මාස 6යි. අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ.. එතුමා බලාගෙන ඉන්නවා. මේ රට කරන්න මොකෙක් හරි ඕනේ.
225ම ගෙදර යන්න ඕනේ කියලා ජනතාව කියනවා. කිසි ප්‍රශ්නයක් නෑ. පත් කරන්නේ ජනතාව නම් කියන වෙලාවට යන්නත් ඕනේ.
මිනිස්සු බලන්නේ ඔක්කොම හොරු කියන තැන ඉඳන්. හැබැයි මම කියන්නේ දෙපැත්තෙම ඉන්නවා හොඳ අය.
අපිට මෙහෙම වුණේ එකතු වෙන්න බැරි වුණ නිසා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මගේ පක්ෂයත් ඇතුළුව මේ පක්ෂවලට බෑ දෙයක් කරන්න. ලැජ්ජයි.
මේ පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරන්න. ලංකාවේ මිනිස්සු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. මිනිස්සු පෝලිම්වල දුක්විඳිනවා.. ඡන්දයක් කරන්න පුළුවන්ද?. මට හරි කනගාටුයි මේ දේශපාලනඥයින් ගැන.
මේ අය එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතුවීමක් වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. බොරු කියන්න ඕනේ නෑ.
පක්ෂ නායකයින්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න. හෙට අනිද්දා මිනිස්සු මේකට ගහනවා ගහනවා ගහනවාමයි. මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීරණයක් හරියට අරන් ඉවර කරන්න.
එකෙක්ට.. එක පක්ෂයකට උවමනා නෑ මේ රටේ මිනිස්සු දුක්විඳින ප්‍රශ්නයට උත්තරයක් ගේන්න.
මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් එනෙකම් කියලා විපක්ෂයේ දේශපාලනඥයෝ කරඅරිනවා නම් අපි ගැන ලැජ්ජා වෙනවා.”
පසුගිය යහපාලන රජය විශාල මහජන හිතකාමී වැඩ සිදු කලද මාද්‍ය (හිරු දෙරණ) මඟින් මැවූ බිල්ලන් නිසා ඊටත් වඩා හොඳ රජයක් වෙනුවෙන් මිනිසුන් ගොටාභය රැගෙන ඒමට පෙළගැසුනා. ඔවුන්ගේ හිතේ විශාල බලාපොරොත්තු කන්දක් තිබුනා. අත්සන් කරලා පැන පෙට්ටියට දාලා මහින්දට අගමැති දිවුරුම හරියටම කියවන්න කියපු වෙලේ මිනිස්සු උද්දාමයට පත්වුනා එදා ඉඳන්ම මිනිසුන් බලාපොරොත්තු වුනේ මිත්‍යාවෙන් තොර, විද්‍යාත්මක හැමට සාධාරණයක් ඇති දුෂිතයන් පිටු දකින ඉස්තරම්ම පාලනයක්. නමුත් ඒ වෙනුවට ලැබුනේ. අර පරණ අති දුෂිත (රත්තරං, ලොකුගේ, ජොන්ස්ටන්) වැනි විෂය දැනුමක් තියා 8 වන ශ්‍රේණිය දකවාවත් පාසල් නොගිය දැනුම බින්දුවක් වත් නැති ඇමති මණ්ඩලයක්. පවුලේ යට ලොකුම පංගුව, පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකිරීම, මහා බැංකු හොරු ඇල්ලීම වැනි කරුණු හිතාමතාම මග හැරියා. එදා රට බෙදන MCC ගිවිසුම වැනි ගිවිසුම් 70% හොඳයි කියලා කියන්න ගත්තා. පසුගිය රජයේ පාසල් ළමුන්ට ටැබ් දීමේ වැඩ පිළිවෙලට විරුද්ධ වීම නිසා දුප්පත් දෙමවුපියන්ට කොරෝනාවලට පාසල වහලා තිබියදී online පහසුකම දෙන්න බැරුව ගොඩක් දුක්වුණා. මහා දවල් සීනී වංචාව, පොල්තෙල් වංචා සිදුවුනා ඒත් ආණ්ඩුව ගානක්වත් නැතුව හිටිය උන් ගජමිතුරන් නිසා. රජයට එන විශාල මුදලක් ගසාකාපු අවන්ගාඩ් කාරයා ජනාධිපතිගේ සමීපතම උපදේශක වුනා. ආර්ථිකේ කඩා වැටෙනවා විදුලි අර්බුදයක් එනවා කියලා විපක්ෂය කෑගහනකොට එක සමච්චලයට ලක්කළා. මිනිස්සු එදාවේල කන්න නැතුව දුක් වින්දින්කොට තමන්ගේ පුද්ගලික ජෙට් එකෙන් ගිහින් පුත්තු සෙට් එක සැප ගත්තා. මිනිස්සු මේවා දිහා උපේක්ෂාවෙන් බලා ඉඳලා ඉඳලා අන්තිමට එලියට බැස්සා එකත් ජනාධිපති මාධ්‍ය අංශය සියුම් ලෙස ජාතින් අතර බෙදීමක් හදන්න උත්සහාකරා. දැන් මිනිස්සුන්ට වැටෙන්න තැනක් නෑ එක්කෝ සටන ජයගන්නවා නැත්තං මැරෙනවා කියන තැනටම මිනිසුන් ගෙනල්ලා ඉවරයි.
Well said
අපි ඇත්ත කතා කරමු. යහපාලන කාලයේදී රටේ ආර්ථික වර්ධන වේගය ක්‍රමවත්ව 2015 සිට 2019 දක්වා පවතට වැටීමක් උනේ. හොදින් කලානම් එහෙම වෙන්න බැහැනේ. ඊළග එක තමයි ඔවුන් ගත් ණය ප්‍රමාණය සහා ණය ගත් අරමුණු. මොවුන් ණය ගත්තේ රටේ වර්ථන වියදම් සදහා. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් නෙමයි. එදිනෙදා කලයුතු සහ නැවත නැවතත් කල යුතු කිසිදු ආයෝජනයක් නොවන වියදම්. ඒකයි ඔවුන්ට ඔවුන්ගේ කාලයේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කල නොහැකි උනේ. අනික් රට හාංසි කරවන ආකාරයේ මහ බැංකු කොල්ලක් උනේ ඔවුන්ගේ කාලේ. ඒක උනේ මහ දහල්. රටේ හිටපු ජනාධිපති රටේ වෙන දේවල් දැනගත්තේ පහුවද පත්තරෙන්. ජනපති සහ අගමැති හිටියේ පැති දෙකක. රටේ සම්පත් විකුණනවා හැර අන් කිසිදු සැලැස්මක් ඔවුන්ට තිබුණේ නැහැ. උදා- හම්බන්තොට වරාය. ඊළගට වරායේ බටහිර ජැටිය ඉන්දියාවට දීමට අවශ්‍ය පිඹුරැපත් සකසා අවසන්ව තිබුනේ. එම් සී සී ඇමරිකාවට දෙන්න සැලසුම් කරලා තිබුනේ. බෙහෙත් වලින් සෞක්‍ය ඇමති ගැහුවා. විදේශ රැකියා එකී ගැහුවා. රංජා වෙන වෙන දේවල් ගැහුවා. හම්බන්තොට වරාය විකුණලා ගැහුවා. තඹ වලින් ගැහුවා. යකඩ මිනිහා ගැහුවා. කොල්ලෙක්ව මහපාරේ හප්පලා පැනලා ගිහින් නීතිය නැවුවා. පොලිස් පති හෝල් සේල් නීතිය නැමුවා. ජාතික ආරක්ෂාව බල්ලට ගිහින් තිබුනේ. පාස්කු ප්‍රහාරය එන බව දැන දැනත් ඒක නවත්තගන්න බැරි උනා. එහෙව් යුගයක්ද මේ හොදයි කියලා ඔබ ගුණ වයන්නේ. මං මේ දැන් බලයේ ඉන්න සෙට් එක සුද්ද කරනවා නෙමෙයි. නමුත් ඇත්ත ඇති විදිහට කතා කලොත් ගැටලුව විසදගන්න පුලුවන්.
දැන් මේ හාදයා රටට වැඩ බලන ජනාධිපති කෙනෙක් ගේන්න යෝජනා කරනවා. මේ මිනිහා රටේ දැන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලවත් හරියට දන්නේ නැහැ. රටට දැන් අවශ්‍ය ජනාධිපති වෙනස් කරන එක නෙමෙයි. එකතුවෙලා මේ අර්බුධයෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන එකයි.
පාස්කු ප්‍රහාරය කරේ ගොටාභය කියලා කවුරුත් දන්නවනේ. අනෙක යහපාලන කාලේ හොඳට කාලා බීලා හිටියනේ. ලොකුම ප්රශ්නය වුනේ මහින්ද ණයවලින් හොරාකාපු සල්ලි ගෙවාගන්න එකයි. එකත් කොහම හරි ගෙව්වා. රාජපක්ෂලා හිරේ යන්න වෙයි කියලා බයවෙලා බොරු කියලා බලයට ඇවිත් නඩු ටික නිදහස් කරගත්තා
Yahapalane asarthaka nadaya newatha karaliyata. Aba saranai.
මම නම් කියන්නෙ අනුරට දෙන්න ඕන. ඉතුරුවෙලා ඉන්න 3% නේ ගොන් රැළටත් උන්ගේ කාඩ්බෝඩ් වීරයා ගැන කියා දෙන්න තියෙන හොඳම අවස්ථාව ඒක. හැබැයි කවදාවත් ආණ්ඩුවක් බාර දුන්නත් ඒක ගන්න එකෙක් නෙවෙයි අනුර. ඌ දන්නවා ලිඳලඟ සංගමේ වගේ තැන තැන පච කෙලින තරම් රටක් පාලනය කරන එක ලේසි නෑ කියලා.
විමල් ජනාධිපති ධූරයට සුදුසුයි
Dissolve the parliament and, get the army to run the country . These buffoons are wasting our money and time. We have seen how they behave in the parliament last two days.
Simply, though you have not revealed the Easter Attack to the people, now you know who was behind it too, your suggestion is perfect. Give it Harsha, and scrap 20 and bring back 19
(90% Parliament Eke Un Ratata, Janathawata Aadare Nehe, Un Rakinne Unwa, Unge Paul, Pakshaya)
වහාම ක්‍රියාත්මක වී ශ්රවේනද්ර සිල්වා මැදිහත් වී, නූගත් මෝඩයන් රජපකයන් කොන්දේසි විරහිතව සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයිය යුතුයි,.! කිසිවිටක හොර පාරෙන් බළයට පැමිනීමට ජනබළයක් නොමැති මහබැංකු හොරා රනීහට කිසිදු බළයක් නොලැබීමට වගබළාගත යුතුයි,.! බටළන්දේ ඝාථකයා රනිල් අඇතුළු සියළු 225 සහ ජනාධිපති වහාම ගෙදර යා යුතුයි,.! , 225 විදේශගතවීම් වළක්වාළීමට වහා ක්රීයාත්මක විය යුතුයි,.! වහාම හිටපු විගණකාධිපති තුමා,. විජයදාස තුමා නාගානන්ද තුමා වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්ය වහාම අතට ගතයුතුයි,.! ශ්රවේනද්රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.! මෙය ක්රීයාත්මක නොවන්නේනම් අනීවාර්යයෙන් රජපකයන් සියළ්ල ඝාතනය වීම අනිවාර්යයෙන්ම සිදුවන අතර රටේ බොහෝ දේශපාළුවන් ඝාතනය වී යනු ඇති බව දැඩිව අවධාරණය කර සිටින්නෙමූ,.!