භාරකාර මණ්ඩලයේ ඉඹි යතුරු කඩා නොර්වුඩ් සභාපති කාර්යයාලයක් පිහිටුවයි..

July 2, 2019 at 8:40 am | lanka C news
භාරකාර මණ්ඩලයේ ඉඹි යතුරු කඩා නොර්වුඩ් සභාපති කාර්යයාලයක් පිහිටුවයි..

මධ්‍යම පලාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශයට අයත් බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් නගරයේ පිහිටි සංස්කෘතික ශාලාවේ  ඉඹි දමා වසා දමා තිබු අගුළු කඩා නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ප්‍රාදේශිය සභා කාර්යයාලය එම ගොඩනැගිල්ලේ ස්ථාපනය කරනු ලැබීය.

2010 වසරේ ඉදි කරන ලද සංස්කෘතික ශාලාව ටින්සින් නගරයේ පිහිටි ශ්‍රි සිත්තිවිනායගල් කොවිලේ භාරකාර මණ්ඩලයට වතුකරයේ සිටින ප්‍රබල දේශපාඥයෙකු විසින් එවකට භාර දි තිබුණි.

එදින සිට එම සංස්කෘතික ශාලාව භාරකාර මණ්ඩලයක් යටතේ පැවතින.

අලුතින් ස්ථාපනය කරන ලද නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ  ප්‍රධාන කාර්යයාලය තාවකාලිකව දික්ඔය පුලියාවත්ත නගරයේ පිහිටි ප්‍රාදේශිය සභා පුස්තකාල ගොඩනැගිල්ලේ තාවකාලිකව  පවත්වාගෙන එනු ලැබුනි.

නොර්වුඩ් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යයාලය  ටින්සින් නගරයේ පිහිටි සංස්කෘතික ශාලාවේ භාරකාර මණ්ඩලයේ අවසරයකින් තොරව  ස්ථාපනය කිරිමට සැලසුම් කර ඇති බව පවසමින් එම සංස්කෘතික ශාලාවේ භාරකාර මණ්ඩලය 30 දින එම ශාලාව ඉදිරිපිට පැය පහක පමණ සත්‍යග්‍රහයක නියැලුණි

සත්‍යග්‍රහයේ නියැලි සිටි පිරිස ඊයේ පස්වරුවේ එම සංස්කෘතික ශාලාවට ඉඹි යතුරුදමා වසා දමා තිබුයදි නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ  නිලධාරින් පිරිසක් එම ඉඹි යතුරු කඩා ඉවත් කර නොර්වුඩ් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යයාල එම ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරිමෙන් පසු එම ප්‍රාදේශිය සභාවේ සභාපති රවි  කොලන්දවේල් මහතා විසින් 01 දින ප්‍රාදේශිය සභා කාර්යයාලය නිල වශයෙන් විවෘත කරනු ලැබුනි.

ප්‍රාදේශිය සභාව විවෘත කිරිමෙන් පසු මාධ්‍යයට අදහස් දැක් වු ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දවේල් මහතා කියා සිටියේ රජය සතු ගොඩනැගිල්ල තාවකාලිකව භාරකාර මණ්ඩලයට පවරා තිබු බවයි.

එම භාරකාර මණ්ඩලයට ගොඩනැගිල්ලේ  නිතියානුකුල   අයිතියක් නොමැති නිසා තමන් මධ්‍යම පලාත් සංස්කෘතික අමාත්‍යංශයේ අනුමැතියට යටත් ව නොර්වුඩ් ප්‍රාදේශිය සභා කාර්යයාලය තාවකාලිකව ටින්සින් සංස්කෘතික ශාලා ගොඩනැගිල්ලේ ස්ථාපනය කල බවයි.

සංස්කෘතික ශාලාවේ භාරකාර මණ්ඩලයට ගොඩනැගිල්ලේ නිතියානුකුල අයිතියක් තිබේ නම් එ සදහා ප්‍රාදේශිය සභාවෙන් සාධාරණ කුලි මුදලක් ගෙවිමට කටයුතු කරන බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දනවේල් මහතා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

36 views

2 Comments to “භාරකාර මණ්ඩලයේ ඉඹි යතුරු කඩා නොර්වුඩ් සභාපති කාර්යයාලයක් පිහිටුවයි..”

  1. AJK says:

    සුද්ද වතුවල වහල් වැඩට තමිල්නාඩුවෙන් ගෙනැල්ල දාපු උන්ට දැන් රටේ තියන බලේ

    • ලිහිණි says:

      සිරිමා-ශාත්රි ගිවිසුම අනුව ආපසු යවමින් සිටි කල්ලතෝනි සක්කිලි දෙමළුන්ට පුරවැසි භාවය දුන් සියලුම දේශපාලකයන්ට සාප වේවා !!!වතුදෙමලුන්ගේ ජන්දයට කෑ දර කමින් රට ජාතියට වින කරමින් වතුදෙමළ දේශපාලකයන්ට ආණ්ඩුකාර තනතුරු ඇමතිකම් දුන් දේශපාලකයින් ට සිංහල ජාතියේ සාපය ලැබේවා අපේ රට විනාශ කරන්නේ මේ මෝඩ අවස්ථාවාදී සිංහල දේශපාලකයෝයි
      කොටි ත්‍රස්තවාදී සමයේ වතුදෙමළ ජාතිකයින්ට බටහිර රටවල තානාපති කොන්සලාට් පදවි දුන්නා ..ඔවුන් කේරල, සිංගප්පුර් සහ ලාංකික නොවන දෙමල ජාතීන්ට ලංකාවේ ගමන් බලපත්‍ර නිකුත් කල බව කවුරුත් දන්නා කරුණක් …
      ඒ ගැන සොයා බැලිය යුතුයි
      ඉන්දියාවෙන් පැමිණෙන දෙමළ කල්ලතොනින්ට වතු දෙමල ජාතිකයින් ලෙස ලංකාවේ හැදුනුම් පත්‍ර නිකුත්කරමින් ලාංකික පුරවැසි භාවය ලබා දෙන බවට රාවයක් ඇත ..මේවා ගැනත් දැඩි පරීක්ෂණ කර එවැනි පුද්ගලයින් අපේ රටින් පිටුවහල් කල යුතුයි

Main News