භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටුවයි…
March 8, 2021 at 1:20 pm | lanka C news
භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද බව එම පක්ෂය නිල වශයෙන් දැනුම් දෙයි.
නව පක්ෂයේ මහලේකම් එම්. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කරන්නේ මෙම පක්ෂය හා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.
එම්. මුත්තුසාමි මහතා එම පක්ෂයේ නායකවරයා වශයෙන් නම් කර තිබේ.
ඉදිරියේදී මෙය මෙරට තුළ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.
මෙම පක්ෂය ඉදිරියේදී උතුර, නැගෙනහිර හා කොළඹ කේන්ද්‍රගත වන පරිදි ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බවත් ඔහු කියා සිටියේය.
ඉංදියාවට සම්බන්ධයක් නැත්නම් නෙළුම් මල්ම ඕනයැ ඕකට. ලංකාවෙ උඹලට මලක් හොයාගන්ඩ බැරිද? යක් දෙහි මල් එහෙම තියෙන්නෙ. අහපංකො දයාවතී ගෙන්
නියමයි,ඉදිරියේදී ඉන්දියානු කොන්ග්‍රෙස් පක්සෙ චීන කොමිනිස් පක්සෙ,ඇමරිකන් රිපබ්ලිකන් පක්සෙ,රුසියානු කොමිනිස් පක්සෙ ආදී වසයෙන් අර ඇන්ජී ඕ පැටව්ගැහැව්ව වගේ දේසපාලන,පක්සත් පැටව් ගහන්න ගනී.එල එල,ඔහොම යමු .
hinessanda epa halo