භාෂා ද්විත්වයම රාජ්‍ය භාෂා බවට පත් විය යුතුයි.. මනෝ ගනේෂන් කිව්වත් විපක්ෂ නායකට ශ්‍රීලංකාවේ 75% සිංහල බව අමතක වෙලා…

March 26, 2017 at 7:05 am | lanka C news
භාෂා ද්විත්වයම රාජ්‍ය භාෂා බවට පත් විය යුතුයි.. මනෝ ගනේෂන් කිව්වත් විපක්ෂ නායකට ශ්‍රීලංකාවේ 75% සිංහල බව අමතක වෙලා…

ශ්‍රීලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය යටතේ පවතින පාර්ලිමේන්තුවේ නිල විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතායි. ජාත්‍යන්තර පිලිගන්නේද රටක තිබෙන විපක්ෂයත් ඊළඟට බලයට පැමිණිය හැකි පක්ෂය ලෙසයි.

එහෙත් 1977 මහා මැතිවරණයේදි ශ්‍රීලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයක් ලබා ආසන 8 හිමි කරගැනීම තුල ශ්‍රීලංකා දේශපාලනයේ පලමුවරට ද්‍රවිඩ එක්සත් පෙරමුණට විපක්ෂ නායක කම හිමිකරමින් ඒ අමිතර්ලිංගම් මහතා එදා විපක්ෂ නායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරටේ ද්‍රවිඩ බෙදුම්වාදී කොටි යුද්ධයට යම් කිසි උත්තේජනයක් ලැබුන අතර සිංහල ද්‍රවිඩ මුස්ලිම් විශාල කොටසගේ ජීවිත අහිමි කරමින් පුරා වසර 30 එම යුද්ධය 2008 දක්වා වර්ධනය විය.

ඒ ආකාරයෙන්ම අද මෙරටේ බහුතර ජනතාවක් නියෝජනය කරන සෑබෑ විපක්ෂයක් පාර්ලිමේන්තුවේ තිබියදි එදා 77 දී ශ්‍රිලනිප අන්ත පරාජයක් වී වෙච්චි විනාශයට සමාන තත්ත්වය නිර්මාණය කොට ඇත. රටේ පාර්ලිමේන්තුවේ ආසන 16 ක් හිමි එනම් 7% නීයෝජනයකට විධායක බලය පාවිච්චි කරමින් ශ්‍රිලනිප කිහිප දෙනෙකුට අමාත්‍ය ධූර ලබාදෙමින් විකුර්තු ලෙස විපක්ෂක් ගොඩනගා විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සංධානයට නායක ආර් සම්බන්ධන්ට ලබාදි ඇත. (Link)

එහෙත් මෙහිදී ප්‍රශ්නය වනුයේ මේ ආණ්ඩුව මහා ඉහලින් ජාතික සංහිඳියාව ගැන දේශනා කරන අවස්ථාවක මනෝගනේෂන්ලා වැනි ඇමතිවරු සිංහල දෙමළ භාෂාවන් දෙකම රාජ්‍ය භාෂාව විය යුතු කියන අවධියකි. එමෙන්ම මේ රටේ සමස්ථ විපක්ෂය වෙනුවෙන් ජාත්‍යන්තරව පිලිගත් විපක්ෂ නායක ලෙස ශ්‍රීලංකාවේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා නියෝජනය කරති එහෙත් රටේ විපක්ෂනායක නියෝජනය කරන පක්ෂය තවම ඔහුනගේ පක්ෂ ලාංඡනය සමඟ එක සිංහල අකුරක් හෝ ලියා නැත.

අනුකුත් ප්‍රධාන පක්ෂ සියල්ලම සිංහල දෙමළ සහ ඉංග්‍රීසියෙන් තම පක්ෂවල අනන්‍යතාවය තහවුරු කර ඇත. එහෙත් මෙවෙනි ජාතික සංහිඳියා ඇති රජයක ලංකාවේ 74.9% සිටින සිංහල ජනතාව කරනු ලබන සුළු දෝෂයක් පවා ආණ්ඩුවට ලෙහෙසියෙන්ම පෙනෙන්නට පටන් ගෙන ඇත. එහෙත් සුළුතරයක් නියෝජනයක් කරමින් බලහත්කාරකමක් කොට සිංහල බහුතර විපක්ෂය යටකරගෙන සිටින විපක්ෂ නායක සම්බන්ධන්ලාට විපක්ෂය ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මෙන්ම ආණ්ඩුවේ ජාතික සමගිය සම්බන්ධව බෙරිහන් දෙන මනෝ ගනේෂන් ඇතුලු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායලාට රටේ 4 න් 3 ක් නීයෝජනය කරන සිංහල භාෂාවට විපක්ෂ නායක නියෝජනය කරන පක්ෂයේ 3 න් වෙනි තැනවත් නැති බව නොපෙනිම සිංහල මහා ජාතියට කරන විශාල අසාධාරණයකි.

25 views

21 Comments to “භාෂා ද්විත්වයම රාජ්‍ය භාෂා බවට පත් විය යුතුයි.. මනෝ ගනේෂන් කිව්වත් විපක්ෂ නායකට ශ්‍රීලංකාවේ 75% සිංහල බව අමතක වෙලා…”

  1. love nature says:

    සිංහලයා සින්හලයාමිස ශ්‍රීලාංකික නොවිය යුතුය රට සිංහලේ මිස ශ්‍රී ලංකා නොවිය යුතුය . .එසේ වෙනස් කිරීම සදාචාර විරෝධීය .නීති විරෝධීය .අයිතිකාරයාගෙන් කොල්ල කෑමකි බලහත් කාර කමකි සිංහ කොඩියෙන් තීරු ඉවත් කලයුතුය .ජාතිකගීය සිංහලෙන් පමණ ගැයිය යුතුය . මේ ජාතික අයිතිවාසිකම් ආරාක්ශාවෙන අයරින් ඕනා එකෙකුට ප්‍රජා අයිතිය දිය හැකඑහෙත් රට සිංහලයාගේ විය යතුය චීනය චීනගේය සිංහලේ සින්හලයාගේය ,,,,,,,,,,,,

    මේ කාර්ය භාරයටට භික්ෂුන් වහන්සේ කරදිය යුතුය . එය භික්ෂුවගේ කාර්ය භාරයය්

  2. gadol says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි. දෙමළ බාසාව රජයේ බාසාව කරන්නලු අපි ඉඩ නොදෙමු

  3. ගනේෂන් says:

    හරියටම හරි…!
    *දෙමල භාෂාව මෙරට රාජ්‍ය භාෂාවක් කල යුතුමයි..!
    *උදේට පන්සල්වල පිරිත් දෙමල බසින් කිව යුතුමයි..!
    *සිංහල අලුත් අවුරුද්දට “කිරිබත්” වෙනුවට “තෝසේ” අනුභව කල යුතුමයි..!
    *පාසල් ලමුන් සතියකට වරක් දෙමළ ඇඳුම ඇඳ යුතුමයිි.!
    *සිංහල සෑම පවුලකින්ම දෙමළ කසාදයක් කරගෙන දරුවෙකු හැදිය යුතුමයි..!
    *පන්සල්වල හාමුදුරුවරු “කෝවිල්වල” “පූසාරිලා” වගේ කොන්ඩය දිගට වවා පිටුපසින් ගැට ගැසිය යුතුමයි..!
    *සිංහ කොඩිය නවීන කල යුතුමයි… එනම් සිංහයාගෙ භාගයයි කොටියගෙ භාගයයි අඩංගු කල යුතුමයි..!

    • lahiru says:

      මල්ලි සිංහයා කියන්නේ හිවල්ලුන්ට නෙවෙයි. උබලා වගේ නිවටයන්ට ඔන දේවල් ඉන්දියාවෙන් ඉල්ලහන් . මේ රට සින්හලයන්ගේ මිසක් උබලා වගේ හරකුන්ගේ නෙවෙයි.සින්හලයන්ගේ සිංහ ලේ කුපිත නොකර ඉදහන්.

  4. උතුවන්කන්දේ සරදියෙල් says:

    කවුරු යෝජනා කලත් මේ යෝජනාවට මම නම් කැමතියි. කාලෝචිත දෙයක්. කිසිම දේශපාලනය්ක්, ජාතියක් ආගමක් ගාවගෙන නෙමෙයි මේ කොමෙන්ට් එක දාන්නෙ. ඉස්සර කාලෙ හිටපු මොට්ට පාලකයො මේ වැඩේ ඒ කාලෙම කලා නම් එල්ටීටීයී කියල සංවිධානයක් බිහි නොවෙන්න තිබුණා.

Main News