භික්ෂු වේශධාරියකු වෙඩි තැබිමෙන් තරුණයෙකු මියයයි.. මල සිරුර රිටිගල කැලේ වලදමයි..

January 20, 2019 at 1:20 pm | lanka C news
භික්ෂු වේශධාරියකු වෙඩි තැබිමෙන් තරුණයෙකු මියයයි.. මල සිරුර රිටිගල කැලේ වලදමයි..

තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 විහාරසතානයක නැවැති සිට හෙන් ගොවිතැන් කල භික්ෂු වේශධාරි තරුණයකු ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගස්වැව උල්පතේගම පදිචිව සිටි සුරේෂ් රවීන්ද්‍ර කුමාර නමින් හදුන්වන වයස අවුරුදු 30ක් පමණ වන තිදරු පියෙකි.

මිය ගිය තරුණයා ඉකුත් 17 වැනදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ බිරිද හා පවුලේ ඥාතීන් (18) හබරණ පොලිස් ස්ථානයට පැමිණීල්ලක් කර තිබිණ. එම පැමිණීල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති හබරණ පොලිසිය පලුගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරණලද භික්ෂු වේශධාරි තරුණයා හා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය තරුණයා හා අදාල තරුණ භික්ෂු වේශධාරියා ඇතුලු පිරිස අතර ඇතිවූ ආරවුලකින් පසු සැකකාර භික්ෂු වේශධාරි තරුණයා ඇතුලු පිරිස එක්ව තරුණයා ඝාතනය කර රිටිගල රක්ෂිතයේ කැලෑබඳ ප්‍රදේශයක වලදමා ඇතැයි පොලිසිය කියයි.

පෙරේදා 17 මෙම ඝාතනය සිදුවූ බවත් අදාළ තරුණයාගේ අතුරුදහන්වීමත් සමඟ ගම්වාසීන් 18 වැනිදා එම තරුණයා සෙවීමේ මෙහෙයුමක් ප්‍රදේශය පුරා ක්‍රීයාත්මක කරද්දී සැකකාර භික්ෂු වේශධාරි තරුණයා ද ගම්වාසීන් සමඟ එම සෝදිසි මෙහෙයුම් සදහාද එක්ව ඇතැයිද පොලිසිය කියයි.

සැකකාර භික්ෂු වේශධාරි තරුණයා හා අනෙක් දෙදනා එක්ව කාලයක් තිස්සේ රිටිගල රක්ෂිතයේ හෙන් ගොවිතැන් සිදු කරණ බවත් සිද්ධිය සිදුවු දින සිවු දෙනාම හෙන රක්නට රිටිගල රක්ෂිතයට ගොස් ඇති අතර එහිදි සිදුවු බහින් බස් විමක් දුර දිගයෑමෙන් අණතුරුව මෙම වෙඩි තැබිම සිදු කොට ඇතැයි හබරණ පොළිසියට මෙම සැකකාර භික්ෂු වේශධාරි තරුණයා ප්‍රකාශ කොට ඇත.

අණතුරුව භික්ෂු වේශධාරි තරුණයා විසින් පොලිසියට සිදුකල ප්‍රකාශයට අනුව හා අනේක් දෙදනා එක්ව මිය ගිය තරුණයාව රක්ෂිතයේ වලදා ඇති බවට සිදු කල පා‍පොච්චාරණයකින් පසු පොලිසිය මගින් තරුණයා වැලලු ස්ථානය සොයාගෙන ඇත. ඒ අනුව අනුරාධපුර පොලිස් අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් පැමිණ පර්යේෂණ සිදු කල බව හබරණ පොලිසිය කියයි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්දයෙන් හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කරයි.

– මහින්ද උදයසිරි දඹුල්ල

19,126 Viewers
Main News